ඉන්දුනීසියානු වෙබ් අඩවි තහනමක්

පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිදුවූ තුවක්කු සහ බෝම්බ ප්‍රහාරයෙන් පසු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වූ වෙබ් අඩවි එකොළහක් සහ සමාජ වෙබ් අඩවි කිහිපයක් එරට බලධාරීන් විසින් වසා දමනු ලැබ තිබේ.

ඉන්දුනීසියානු ප්‍රවෘත්ති අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසුවේ ප්‍රහාරකයන්ට සහය පළ කෙරෙන අදහස් ෆේස්බුක් ගිණුම් කිහිපයකම දක්නට ලැබුණු බවයි.

ප්‍රහාරකයන් පස් දෙනාගෙන් හතර දෙනෙකුම හඳුනාගැනීමට හැකිවූ බවයි සිකුරාදා ඉන්දුනීසියානු පොලීසිය පැවසුවේ.

ඉන් එක් ප්‍රහාරකයෙකු ගේ නම අෆිෆ් සුනාකිම් (Afif Sunakim) බවටයි වාර්තා වුයේ.

ඔහු සන්නද්ධ කණ්ඩායම් පුහුණු කෙරෙන කඳවුරකට සහභාගී වීම හේතුවෙන් සිර දඬුවම් ලබා පසුගිය වසරේ නිදහස ලැබූවෙකි.

මේ අතර ඉන්දුනීසියාව පුරාම සන්නද්ධ කණ්ඩායම් වලට සම්බන්ධ සැක කරුවන් සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකව පවතී.

web