රණවිරු ‘විරුසර වරප්‍රසාද කාඩ්පත’ ප්‍රදානය ජනවාරි 25

රණවිරුවන් වෙනුවෙන් විරුසර වරප්‍රසාද කාඩ්පත් ප්‍රදානය කිරීමේ උත්සවය ජනවාරී 25 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ  හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.

පාරිබෝගික භාණ්ඩ මිල දී ගැනීම, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු, රක්ෂණ හා කල්බදු ආදී ක්ෂේත්‍ර ගණනාවක සේවාවන් ලබාගැනීමේ දී විශේෂ වරප්‍රසාද මේ ඔස්සේ හිමි වේ.

ක්‍රියාන්විත සේවයේ යෙදී සිට මියගිය, අතුරුදන් වූ හා ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට ප්‍රතිලාභ ලබාගත හැකි පරිදි මෙම විරුසර වරප්‍රසාද කාඩ්පත හඳුන්වා දී තිබේ.

පළමු අධියර වශයෙන් රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් 5000කට මෙම වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීමට නියමිතය.

 

army

news.lk