ෆොක්ස් නිවුස් සංචාරක ගමනාන්ත 10 ට ලංකාවත් එක්වෙයි

සුප්‍රකට ෆොක්ස් නිවුස් ප්‍රවෘත්ති වෙබ් අඩවිය මඟින් 2016 වසර සඳහා සංචාරක ගමනාන්ත 10 ක් නම් කර තිබේ. ඔවුන් මෙහිදී සඳහන් කර තිබෙන්නේ බොහෝ දෙනා කියුබාව, බ්‍රසීලය හා රෝමය ගැන කතා කළත් ලොව වටා විශාල අවධානයක් යොමු නොවුණු තවත් සංචාරක ගමනාන්ත රැසක් ඇති බවයි.

මේ අනුව ෆොක්ස් නිවුස් විසින් නම් කරන ලද සංචාරක ගමනාන්ත 10 අතුරින් මුලින්ම සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නාමයයි. ඒ ඓතිහාසික සීගිරිය පර්වතය අහසට පෙනෙන ආකාරයේ දැකුම්කළු ඡායාරූපයක් ද සමඟිනි.

ෆොක්ස් නිවුස් වෙබ් අඩවිය විසින් මෙලෙස 2016 වසරේ සංචාරක ගමන්නාන්ත ලෙසින් ශ්‍රී ලංකාවට අමතරව නම් කර ඇති සෙසු ස්ථාන වනුයේ කොළොම්බියාව, ජපානයේ හොකයිඩෝ, ස්විස්ටර්ලන්තයේ ඇරෝසා, ග්‍රීන්ලන්තය, ඔහියෝ හි ක්ලේව්ලෑන්ඩ්, චීනයේ සුසෝඋ, ජෝර්ජියාව, මොන්ජිනිග්‍රෝ හා නිකරගුවාව යන ගමනාන්තයන්ය.

se