පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන ගැන ඇමතිනී චන්ද්‍රානි කතා කරයි

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී ඇතැම් මන්ත්‍රීවරියන්ට වැඩිහිටි මැති ඇමැතිවරුන් කීප දෙනකුගෙන් සිදු වන බවට වාර්තා වන ලිංගික හිංසන සම්බන්ධයෙන් සොයා බලා ඒ පිළිබඳව තමන් කථානායක කරු ජයසූරිය මහතාගේ දැඩි අවධානයට යොමු කරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්‌ඩාර මහත්මිය පවසා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (18) පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ අදහස් පළ කර ඇත.

තමන් මේ පිළිබඳ මාධ්‍යවල පළවන තෙක්‌ දැන නොසිටි බවත් පැවසූ ඇය රටේ උත්තරීතර ආයතනයක්‌ තුළ මෙවැන්නක්‌ සිදුවන්නේ නම් එය බරපතළ මෙන්ම කනගාටුවට කරුණක්‌ බව ද පවසා තිබෙන අතර කාන්තා කටයුතු පිළිබඳ විෂය භාර අමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට සිදුවෙතැයි කියන හිංසන පිළිබඳව සොයා බලා ඒ ගැන කථානායකවරයාගේ අවධානයට යොමු කිරීම තම වගකීම බවත්, එවැනි හිසංනවලට ලක්‌වූ අය සිටී නම් ඒ සම්බන්ධයෙන් තමාව දැනුවත් කරන ලෙස මන්ත්‍රීවරියන්ගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍ය චන්ද්‍රානි බණ්‌ඩාර මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

z

asianmirror