මැතිව්ස් FCID එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතා අද (19) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේ ය.

කිසියම් පුද්ගලයකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනකු මුදලට තරග පාවා දීමට පොළඹවා ගැනීමට උත්සාහ කළ බව කියන සිද්ධිය පිළිබඳව සිදුකරන පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ගැනීමට මැතිව්ස් මහතා මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.

කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත් යන ක්‍රීඩකයින්ට මුදලට තරග පාවාදීමට පෙළඹවීමට උත්සාහ කර ඇති බවට එම ක්‍රීඩකයන් දෙදෙනා විසින් පැමිණිල්ලක් කර තිබුණු අතර එම සිද්ධියට අදාළව ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එෆ්.සී.අයි.ඩියට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.