ශ‍්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු සහ ගෝලයා එළියට

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සහාය වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායකගේ සේවය අත්හිටුවා , පුහුණුවීම්වල දී පන්දු යවන්නකු ලෙස කටයුතු කළ (නෙට් බෝලර්* ගයාන් විශ්වජිත්ට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සහ ක‍්‍රීඩාංගණවලට ඇතුළු වීමට අද (18* සිට තහනම් කළ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන ‍ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පි‍ලේ රංගන හේරත් හා කුසල් ජනිත් පෙරේරාට තරග පාවාදීමට යොමුකරවා ගැනීමට අනුබල දීමේ චෝදනා අනුව පැවැත්වෙන පරීක්ෂණයට සහාය පළ කරමින් මොවුන් දෙදෙනාගේ වැඩ වහාම අත්හිටුවූ බව ද හෙතෙම සඳහන් කළේය.

අනූෂ සමරනායක මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවූවද ඒ මහතාට හිමි සියලූ‍ වේතන අදාළ කාල සීමාව තුළදී ලබාදීමට පියවර ගත් බවද ලේකම්වරයා වැඩිදුරටත් කරුණු දක්‌වාසිටියේය.

අනූෂ සමරනායක කලක් එස්.එස්.සී. ක‍්‍රීඩා සමාජය වෙනුවෙන් ක‍්‍රීඩා කර පසුව පුහුණුකරුවකු ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට එක්ව වේගපන්දු සහාය පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ශ‍්‍රී ලංකාිඒ’ පි‍ලේ වේගපන්දු පුහුණුකරු ලෙසත් ඔහු සේවය කළ අතර නවසීලන්තිඒ’ ක‍්‍රිකට් සංචාරයේ දී ද අනූෂ සමරනායක ශ‍්‍රී ලංකාිඒ’ පිල සමග එක්විය. අනූෂ සමරනායක කලක් ඉතාලියේ ද ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරත වූවෙකි. මීට අමතරව රූපවාහිනියේ ක‍්‍රිකට් විචාරකයකු ලෙස ද අනූෂ ක‍්‍රියා කළේය.

ගයාන් විශ්වජිත් නෙට්බෝලර් කෙනකු ලෙසට මෑත දී ශ‍්‍රී ලංකා පිලට පන්දු යැවීමේ පුහුණුවීම්වලට එක්ව තිබේ. ඔහු පිළිබඳව ක‍්‍රිකට් ක්‍ෂේත‍්‍රයේ වැඩි දැනුමක් නැත්තේ ක‍්‍රිකට් පිටියේ දක්ෂ පන්දු යවන්නකු හෝ අඩු තරමේ පාසල් මට්ටමේ පන්දු යවන්නකු ලෙසට හෝ තොරතුරක් නැති නිසාය.

මෙම පියවර ගැනීමට හේතු වූයේ කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත් යන ක‍්‍රීඩකයන්ට පසුගිය බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා පෙලඹවීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවයි. මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා එම තරග පාවාදීම සඳහා වූ යෝජනාව ප‍්‍රතික්ෂේප කොට ඇති අතර ඒ පිළිබඳව ඔවුන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප‍්‍රකාශ ලබාදී ඇත.

ගාල්ලේ පැවති බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවති තරගයකදී කුසල් ජනිත් පෙරේරාට ලකුණු 180 ට අඩුවෙන් දැවීයන ලෙසට මෙම තරග පාවාදීමේ මැදිහත්කරුවන් ඉල්ලීම් කර ඇති බව අනාවරණය වී තිබේ. ඒ බව ඔවුන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පවසා ඇත.

 

aO