වාස් ලංකාවෙන් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන්නෙකු මෙන්ම පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ චමින්ද වාස් අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශකවරයෙකු ලෙස පත්ව තිබේ.

අයර්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තනතුර චමින්ද වාස්ට ලබාදී ඇති අතර ලබන පෙබරවාරි මස සිට එම තනතුරේ වැඩ භාර ගැනීමට වාස් සුදානමින් සිටින බවද වාර්තා වෙයි.

vas