හිස් වූ පාර්ලිමේන්තු අසුන මට එපා – එරන්ද වැලිඅංගේ

ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය හේතුවෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා තම නම යෝජනා වී ඇති බවට කෙරෙන ප්‍රචාරය සාවද්‍ය පුවතක් බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ, අදාළ හිස් වූ මන්ත්‍රී ධූරය ලබා ගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ය.

අදාළ මන්ත්‍රී ධූරය ලබා ගැනීම සඳහා තමා අරලියගහ මන්දිරය වෙත ගිය බවට කෙරෙන ප්‍රචාර ද ඔහු සිය නිවේදනය මගින් ප්‍රතික්ෂේප කර ඈත.

ජාතික තරුණ සේවා සභාව ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘතියක් පිළිබඳව සාකච්ඡාවක් සඳහා තමා අරලියගහ මන්දිරය වෙත ගිය බව එරන්ද වැලිඅංගේ මහතා සිය නිවේදනය මගින් සඳහන් කරයි.

මෙරට තරුණ තරුණයින් වෙනුවෙන් විශාල ජාතික මෙහෙවරක් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා වශයෙන් තමාට සිදු කිරීමට ඇති බැවින් කිසිදු අයුරකින් එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය හේතුවෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට තමන් බලාපොරොත්තු නොවන බව ත් ඒ සම්බන්ධ සාකච්ඡාවක් හෝ ඉල්ලීමක් කිසිදු පාර්ශවයකින් තමන් සිදු නොකළ බව ත් වැලිඅංගේ මහතා අවධාරණය කරයි.

eranga