මයික්‍රොසොෆ්ට් සභාපති ගේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට

මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ජෝන් ෆිලිප් කෝටිෂ් මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගිය දා ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ දී පැවති අතර එහිදී ශ්‍රී ලංකාව සමග තාක්ෂණ ගිවිසුමකට එළඹීමට තමන් කැමැත්තෙන් සිටින බව ඔහු පවසා තිබේ.

මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් සඳහා නුදුරේදී ම මයික්‍රොසොෆ්ට් සමාගමේ විශේෂඥ කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතය.

මීළඟ පරපුරේ තාක්ෂණය හඳුන්වාදීමටත්, ආර්ථික හා සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රයන් ඩිජිටල්කරණය කිරීම සඳහා මෙම ගිවිසුම ඔස්සේ මයික්‍රොසොෆ්ට් සමාගමේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ජෝන් ෆිලිප් කෝටිෂ් මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

මයික්‍රොසොෆ්ට් හි තාක්ෂණික නවෝත්පාදනයන් ශ්‍රී ලංකාව වෙත නොමිලේ ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අදහස් පළ කෙරී ඇත.

 

zz

biz.adaderana