ශ්‍රී ලංකාවේ හැමතැනම මැණික්‌

ශ්‍රී ලංකාවේ මැණික්‌ ව්‍යාපාරය පිළිබඳ වඩාත් ම පැරැණි කතාවලින් එකක්‌ වන්නේ කොටියාකුඹුර කිට්‌ටුව ගමක ජීවත් වූ ජිනේaරිස්‌ගේ නිල් මැණික පිළිබඳ පුවතය. ජිනේරිස්‌ට මේ මැණික හමුවන්නේ 1905 දී ය. ඉතා දුප්පත් ගැමියකු වූ ඔහු දැන සිටි එකම කර්මාන්තය රබර් වතු සුද්ද කිරීම පමණයි. මේ කියන කාලයේදී සිංහල හාල් සේරුවක්‌ සත හතරහමාරකි. බාස්‌මතී සම්බා හෝ කීරි සම්බා සාමාන්‍ය වෙළෙඳපොළෙහි නොතිබුණ අතර සිංහල හාල් යබර නමැති රළු සහල සහ සෙසු දේශීය සහල් වර්ග පමණක්‌ කඩ බක්‌කිවල විය. පාන් තිබුණේ කොළඹ කඩවල පමණිá ගෙඩියක්‌ සත 1 කි. බනිස්‌ ගෙඩියක්‌ සත එකහමාරකි. කම්කරුවකුගේ දෛනික පඩිය ශත හැටකි. කොළඹදී නම් රුපියල් 1.10 කි. කොළඹ නුවර පාරේ, කොළඹ සිට එන විට ගල්ගමුවෙන් වම් පැත්තට තිබෙන පාරට හැරී සැතපුම් කිහිපයක්‌ යන විට කොටියාකුඹුර හමුවෙයි. මේ ගමේ කඳුවල උඩ සිට පහළට පඩි කැපුවාක්‌ වැනි කුඹුරු ලියෑදි ඇත. එක කන්දක්‌ පාමුලින් අනෙක්‌ කන්ද පටන් ගන්නා අතර සෑම කඳු දෙකක්‌ අතරින්ම නිරන්තරයෙන් ම දොළ පාරක්‌ ගලා බසී. ජිනේරිස්‌ට මැණික ලැබෙන්නේ එක්‌ උදය වරුවක වැඩට යන අතර මේ දොළ පහරින් කකුල් සෝදන විටය. ඔහු ඒ සඳහා දොළ පහරට බසින විට මඩ ඇවිස්‌සිණ. ඒ මඩ වලාකුළු අතුරින් ඔහු දුටුවේ අමුතු නිල් පැහැයක්‌ ඇති යමකි. එය ලෙලි නොගැසූ පුවක්‌ ගෙඩියක්‌ තරම් විශාලය. ගල සෑහෙන තරම් බර බව එය අහුලාගත් විට ඔහුට වැටහිණ. ජිනේරිස්‌ මැණික්‌ ගැන අසා තිබුණ ද, එබන්දක්‌ මෙතුවක්‌ අතට ගෙන බලා තිබුණේ නැත. එහෙත් මෙය මැණිකක්‌ විය හැකි බව ඔහුගේ උප විඤ්ඤාණය කීවේය. කුලී වැඩට යැම පසෙක තැබූ ජිනේරිස්‌ කරෙහි තිබූ සාලුව ගෙන නිල් පැහැති ගල එහි ඔතාගෙන ගමේ පන්සලට ගියේය. මෙහි වැඩ සිටි වියපත් නායක භික්‍ෂුව සමාජ සම්බන්ධකම් බහුලව තිබූ මනා දැනුමැති උතුමෙකි. ජිනේaරිස්‌ ගෙනා ගල අතට ගෙන පරීක්‍ෂා කළ උන්වහන්සේ මෙසේ කීහá “මට මැණික්‌ ගැන දැනුමක්‌ නැහැ. හැබැයි මේ ගලේ පාටයි බරයි ගැන කල්පනා කළාම මේ ගල මැණිකක්‌ නොවෙන්න විදියකුත් නැහැ. මම උඹට ලියුම් කෑල්ලක්‌ දෙන්නම්. ඒක අරගෙන පේරාදෙණියට ගිහින් උදුමා ලෙබ්බේ කියන මැණික්‌ මුදලාලි හමුවෙයන්. මේක මැණිකක්‌ නම් ඒ මිනිහා උඹට වංචාවක්‌ නැතිව මුදල් දේවි.”

එකල බස්‌ නැත. ඒ වෙලාවේම පයින්ම ගමනට පිටත් වූ ජිනේරිස්‌ සවස තුන වන විට පේරාදෙණියේ උදුමා ලෙබ්බේ ඉදිරිපිට පෙනී සිටියේය. ඒ කියන කාලයේදී මැණික්‌ පරීක්‍ෂා කිරීම සඳහා විදුලි ටෝර්ච් හෝ අන්වීක්‍ෂ නැත. පාෂාණවල ආලෝක වර්තකය මැන බලන උපකරණ ද නැත. ඉර අව්වද බැස ගොස්‌ තිබුණ නිසා ඉර අව්වට තබා මැණික්‌ පරීක්‍ෂා කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය ද ක්‍රියාත්මක කිරීමට බැරි විය. එහෙත් ගල අතපත ගා බැලූ උදුමා ලෙබ්බේ මැණික්‌ මුදලාලි මෙසේ කීවේය.

“මගේ දැනුමේ හැටියට මේක නිලක්‌. මට මේක ගන්න තරම් මුදලක්‌ නැහැ. උඹ කැමැති නම් අපි මෙහෙම කරමු. මම මේ ගලට රුපියල් පහළොස්‌දාහක මිලක්‌ ගහනවා. දැන් දෙනවා උඹට රන් පවුම් වලින් රුපියල් 5000 ක වටිනාකම. ඉතිරිය දෙනවා දවස්‌ හතක්‌ ඇතුළත මේ ගල විකුණලා. කැමති නම් අද රෑ මෙහෙ නැවතිලා මුදලුත් අරගෙන හෙට උදේම ගෙදර පලයන්. නැත්නම් ගල උඹම තියාගනින්. කොයි එක වුණත් අද රෑ මෙහෙ නැවතියන්. මොකද ගල ගෙනිච්චත්, පවුම් ගෙනිච්චත් රාත්තිරියේදී උඹව කොල්ලකනවාමයි….”

එකල හදිසියේ රැයක්‌ ගෙයින් පිටත නවතින මිනිහෙකුට ගෙදරට පණිවිඩයක්‌ යෑවීමට දුරකථන නැත. ජිනේරිස්‌ කවර රාත්‍රියකවත් ගෙදර නෑවිත් ඉඳලාත් නැත. උදුමා ලෙබ්බෙගේ ගනුදෙනුවට කැමැති වූ ජිනේරිස්‌ ඒ කාරුණික මරක්‌කල මිනිහාගේ ගෙදර රැය පහන් කළේය. පසුවදා උදේම රුපියල් 5000 ක වටිනාකමට රන් පවුම් අරන් ගෙදර ගිය ජිනේරිස්‌ බිරිඳටත් දූ දරුවන්ටත් සිද්ධිය කියා පන්සලට ගොස්‌ හාමුදුරුවන් හමුවිය. “ඒ සිද්ධ වුණේ වෙන්න තියෙන දෙයක්‌…” හාමුදුරුවෝ කීහ.

උදුමා ලෙබ්බේ පළමුවන පන්දාහෙන් දාහක්‌ වියදම් කළ ජිනේරිස්‌ ඒ කාලයේ හැටියට ඉතා කදිම නිවසක්‌ සාදා ගත්තේය. එය වලව්වක්‌ හා සමාන ගොඩනැඟිල්ලකි. ගලිගමුව හා කොටියාකුඹුර අතර ජිනේරිස්‌ ජීවත් වූ ගමේ මේ නිවස අදටත් දක්‌නට ඇත. අද එය කාලය විසින් දුර්වර්ණ කර අබලන් කරන ලද්දකි. රුපියල් 5000 න් දෙවන දහස වියදම් කළ ජිනේරිස්‌ පන්සල අලුත්වැඩියා කර දාගැබක්‌ සහ විශාල බණ මඩුවක්‌ සාදවා දුන්නේය. ඉතිරි මුදල්වලින් වැඩි හරියක්‌ ඔහු ඉඩම් මිලට ගැනීම සඳහා ආයෝජනය කළේය. ඊළඟට ඔහු ගලිගමුව හන්දියේ බයිසිකල් සාප්පුවක්‌ පටන් ගත් බව කියනු ලැබේ. එය කොළඹ නුවර පාරේ පටන්ගත් පළමුවන බයිසිකල් කඩයයි. ජිනේරිස්‌ගේ ව්‍යාපාර සාර්ථක වූ බවත්, ඔහුගේ පවුලේ අය කොළඹට සංක්‍රමණය වූ බවත් ඊළඟ පරම්පරාව එංගලන්තයට ගිය බවත් දැන ගන්නට තිබේ.

* * * * * * * * * * * * *

ජිනේරිස්‌ට එදා හමු වූ මැණික්‌ ගල කපා ඔප දැමූ උදුමා ලෙබ්බේ එය රුපියල් දෙලක්‍ෂයකට එංගලන්තයට වික්‌ක බව මේ කතා සිඟිත්තේ අවසන් කොටසය. 1905 අවුරුද්ද රුපියල් ලක්‍ෂයක්‌ යනු මෙකල රුපියල් කෝටි 10 ක්‌ හා සමානය.

කොටියාකුඹුර හෝ ගලිගමුව යනු සාමාන්‍යයෙන් මැණික්‌වලට ප්‍රසිද්ධ පළාත් නොවේ. රත්නපුරය, ඇලහැර, ඔක්‌කම්පිටිය, ඇඹිලිපිටිය වැනි පළාතකින් ජිනේරිස්‌ට මේ මැණික හමුවූයේ නම් මේ කතාව ඉතා සාධාරණය. එහෙත් මෙහිදී වැදගත් කතාවක්‌ මතක්‌ කර දිය යුතුව තිබේ. ඒ වූ කලීS ලෝකයේ ඕනෑම භූමියක පිහිටි ඕනෑම වළකින්, දොළකින් ඇළකින් වෙලකින් හෝ කාන්තාරයකින් මැණික්‌ හමුවීමට කිසිදු පාරිසරික තහනමක්‌ නැති බවය. ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තය 1981 වන තුරු නිල් මැණික්‌වලට කිසිදු ප්‍රසිද්ධියක්‌ ලැබූ බිමක්‌ නොවීය. 1881 දී කාශ්මීරයේ හිමාල කඳු පන්තිය ආශ්‍රිත පෙදෙසේ පිහිටි සුම්ජුම් නමැති කඳුකර ගම්මානයක්‌ නාය ගියේය. දින කිහිපයකට පසු එම පෙදෙසේ සංචාරය කළ දඩයක්‌කාරයන් දෙදෙනකුට නාය ගිය පස මගින් පොළොව මතුපිටට ගෙනෙන ලද නිල් පැහැති ගල් වර්ගයක්‌ හමුවිය. මේවා අහුලාගත් ඔවුහු ශිම්ලා නගරයට පැමිණ වෙළෙඳුන්ට පෙන් වූ විට උසස්‌ තත්ත්වයේ නිල් මැණික්‌ බව හෙළිවිය. මෙතැන් සිට කාශ්මීර නිල් මැණික්‌ (ණ්‌sයපසර Saචචයසරු) යන නම මැණික්‌ කර්මාන්තයට ඇතුළු විය. මුල් කාලයේදී ශිම්ලාවට ගිය මැණික්‌ වෙළෙන්දොa සුම්ජුන් ගම්මානයෙන් ගෙනා නිල් මැණික්‌ ඉතා අඩු මිලට ගත්හ. 1900 න් පසු ශිම්ලාවට එන්නට පටන් ගත් මැණික්‌ මුදලාලිලා සුම්ජුන් වෙත ගොස්‌ මැණික්‌ පතල් කැණීමට පටන් ගත්හ. අද වන විට කාශ්මීරයේ මැණික්‌ අවසාන වෙන්නට ද කිට්‌ටුය. සුම්ජුන් කඳුකර ගම්මානය පුරා ඒ තරමටම පතල් හාරනු ලැබ ඇත. ලෝකයේ හොඳම නිල් මැණික්‌ ලෙස පිළිගනු ලබන ශ්‍රී ලංකාවේ නිල් මැණික්‌ හැරුණු විට ලොව හොඳම නිල් මැණිල් වර්ගය වන්නේ කාශ්මීර නිල් මැණික්‌ ය.

ශ්‍රී ලංකාවට රත්න දීප යනුවෙන් ද අතීත නමක්‌ තිබේ. මේ භූමියෙහි මැණික්‌ තිබෙන බව එම නමින් පැහැදිලි ය. 1254 ඉපිද. 1324 දී මියගිය ඉතාලි ජාතික වෙළෙඳ සංචාරකයකු වූ මාර්කෝ පෝලෝ, ශ්‍රී ලංකාවේ හොඳම කොරොන්ඩම් කුලයට අයත් නිල් මැණික්‌, රතු කැට, පුෂ්පරාග, පද්මරාග ටොපෑස්‌ (පඩියන්) ඇමතිස්‌ථ (අඹතෙස්‌) යන මැණික්‌වලින් පිරුණු බිමක්‌ බව තම සටහන්වල දක්‌වා තිබේ. සිංහල පොළව තුළ ඇති තරම් මැණික්‌ තිබෙන බව 2 වන සියවසෙහි ජීවත් වූ සිතියම් අඳින්නකු වන ග්‍රීක ජාතික ටොලමි කීවේය. භූගෝලීය වශයෙන් ගත් කල ලංකාව ඉතා පැරැණි බිමකි. මෙහි තිබෙන පාෂාණවලින් 90% ක්‌ ම වසර දශලක්‍ෂ 560 සිට වසර දශලක්‍ෂ 2400 දක්‌වා පැරැණි වූ ප්‍රාග් කේම්බී්‍රය යුගයට අයත් ය. මෙය මැණික්‌ නිර්මාණය වීමට අත්‍යවශ්‍ය සාධකයකි.

jems
අනුර සොලමන්ස්‌