සේයා නඩුව අද සිට අඛණ්ඩව

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව අද (25) සිට අඛණ්ඩව විභාගයට ගැනෙනවා. එ් බස්නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේයි. මෙම නඩුවේ විත්තිකරු වන අයි.පී. සමන් ජයලත් නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 4ක් ගොනුකර තිබෙනවා.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා සේයා සදෙව්මි දැරිය පැහැර ගැනීමට ලක් වූ අතර 13 වැනිදා ඇගේ මළ සිරුර සොයා ගැනුනා. එ් නිවස ආසන්නයේ තිබූ ඇල මාර්ගයක් අසල තිබියදීයි.
seya