මිස්ටර් ටෙන්ප්‍රසන්ට් ගේ අලුත්ම ගෑහිල්ල

බැසිල් රාජපක්ෂ සමග ස්වදේශ කටයුතු අමාත්‍යාංයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි පවත්වන සම්බන්ධතාවය දෑන් හෑමෝම දන්නා කරුණකි. මේ පිළිබදව අප වෙබ් අඩවිය මගින්ද තොරතුරු හෙළිකරන ලදී.

මේ හෙළිදරව් කරන්න යන්නේ ජේ. ජේ. රත්නසිරි ගහපු අලුත්ම ගෑහිල්ල ගෑනයි.
ඉකුත් ජනවාරි 08 වැනි දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙහි නව ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කෙරුණි. එහි මුළු වටිනාකම මිලියන 180ක් හෙවත් ලක්ෂ 1800 ක් පමණවේ. මෙම ව්‍යාපෘතිය ආරම්භ වී දින දෙකකින් මෙහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන ‘‘සන්කෙන් ලංකා සමාගම“ විසින් මිලියන 18ක කප්පම් මුදලක් රත්නසිරිට ලබා දී ඇත. මේ මුදල මෙසේ පිරි නමා ඇත්තේ මොහුගේ නිවසේදීය. මේ සඳහා මොහු සමඟ මොහුගේ බිරිඳ, දියණිය සහා ඥාති සහෝදරයෙකු සහභාගී වී ඈති බව වාර්තාවේ.

කලකට පෙර මිස්ටර් ටෙන්ප්‍රසන්ට් නමින් විරුදාවලිය ලත් බැසිල් රාජපක්ෂගේ ඉතා සමීප හිතවතෙකු වන රත්නසිරි  දූෂිත ආකාරයට මුදල් ඉපයීම දැන් වේගවත් කර ඇත.

ඊට හේතු වී ඇත්තේ බැසිල් සමඟ සම්බන්ධතා පවත්වමින් සිදු කරන වංචසහගත කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෑනගෑනීම විය හෑක.යහ පාලනයක් වෙනුවෙන් සිය ජීවිතය පවා අවධානමකට ලක් කරමින් කටයුතු කල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙවන් දුෂිත පුද්ගලයින් වෙනුවෙන් නම් කිසි දිනක රෑකවරණයක් ලබා නොදෙනු ඈත.

sa

විශේෂ ලියුම්කරුවෙකු විසිනි