පළිගෑනීමට නොව යුක්තිය පිළිගෑනීමට සිදුවෙයි ……..

අනේ දෙවියනේ මට වෙච්ච අසාධාරණයට සාධාරණයක් ඉටුවෙන්නේ නෑද්ද ? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ…… අපි පොඩි මිනිස්සු බන් උන්ට ඕන විදිහට තමයි නීතිය …. මිනිස්සු ප්‍රසිද්ධියේ ගස් බෑන්දා…මාධ්‍ය ආයතන ගිණිතිබ්බා.. මාධ්‍ය සේවකයින් බස්වල යද්දී ප්‍රසිද්ධියේ පහර දුන්නා… මහ නායක හාමුදුරුවෝ දළදා මාළිගාව අසළ බහුරූ කෝලම් නටන්න එපා කියද්දී කනකට ගත්තේ නෑති පාලකයෝ හිටියේ. මේ වගේ දේවල් තමයි පහුගිය පාලන කාලේ සිද්ධවුනේ. මහින්ද රාජපක්ෂ නම් දඩබ්බර පාලකයා නීතිය අතට අරන් යුක්තිය කියලා පසිදලුවේ තමන්ට වාසිවෙන විදිහට.

දෑන් නීතිය කියන දෙය සාධාරණව සිදු වෙනවා. යුක්තිය හෑමෝටම සාධාරණව ඉටුවෙනවා. එයා මහ ලොක්කෙක්ද පොඩි සොක්කෙක්ද කියන එක නෑතුව සාධාරණව නීතිය ක්‍රියාත්මක වෙනවා.මේක තමයි බහුතරයක් ජනතාව යහ පාලණයක් තුලින් බලාපොරොත්තු වුනේ දේශපාලකයට වෙනම නීතියක් තිබ්බ රටක දේශපාලකයන් තමන්ට හිතුන හිතුන විදිහට නීතිය අතට අරන් කටයුතු කරපු රටකට යහ පාලනයක් තුළ නීතිය සෑමට සමානව ක්‍රියාත්මක වෙනවා කියලා දෑකපුවාම හිතට දෑනුනේ පුදුම සතුටක්.

තමන් රජෙක් ලෙස හදුන්වා දෙමින් පුතුන් යකුන් කරමින් රටේ මහ ජනතාවගේ මුදල් සිතුසේ වියදම් කිරීමට ඉඩදුන් පියාට ඊයේ 30 දිනයේ තම පුතු කල වෑරදි වලට දඩුවම් විදීමට සිදු වීම බලා සිටින්නට සිදුවිය.

ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මූල්‍ය වංචා කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෑනිමයි. යෝෂිත පමණක් නොව නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට යන CSN ආයතනයේ ඉහළ නිළධාරීන් පිරිසක්ද අත් අඩංගුවට ගන්නා ලදී. දෙනෙතේ කදුලු පුරවාගෙන මෙය පළිගෑනීමක් බව පවසන මහින්ද රාජපක්ෂට නීතියේ සාධාරණත්වය සහ යුක්තිය ඉටුවීම පිළිබදව විශ්වාසයක් නෑත්තේ ඔහුගේ පාලන කාලයේ යුක්තිය ඉටු වීමට ඔහු ඉඩ නොදුන් නිසාය.

දෑන් ඈත්තේ මහින්දගේ පාලනයට යට වු නීතියක් නොව ස්වාධීනව කටයුතු සිදුවෙන අධිකරණ පද්දතියක ක්‍රියාත්මකවෙන නීතියකි.

යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට ඇතුළු පිරිස අත් අඩංගුවට ගෑනීම ඔවුන් සිදු කරනු ලෑබු මාහා පරිමාණ මූල්‍ය වංචා නිසාය.සී.එස්.එන්. නාලිකාවේ නාලිකා ප‍‍්‍රධානී ලෙස කටයුතු කළේ යසාරා අබේනායක මෙනවියය. ඇයට එම තනතුර ලැබී තිබුණේ ඇය යෝෂිත රාජපක්ෂගේ විශ්වසනීයම මිතුරිය වීම හේතුවෙන් බව රටට රහසක් නොවේ. තත්ත්වය මෙසේ තිබියදීත් සී.එස්.එන්. නාලිකාවට යෝෂිතගේ සම්බන්ධයක් නොමැති බව එහි පාලනාධිකාරිය ඔප්පු කර පෙන්වීමට මහන්සි ගත්තේය. නමුත් යෝෂිත රාජපක්ෂ විසින් පවත්වාගෙන ගිය www’yosita@csn’lk යන විද්‍යුත් ලිපිනයෙන් ඇත්ත එළියට ආවේය.

CSN වංචාව යනු මුළු ආයතනයම එකට එකතු වී සමස්ථයක් ලෙස වංචා කිරීමකි. එනම් මෙකී ආයතනය පිහිටුවා ඇත්තේම දැවැන්ත වංචා සිදුකිරීම අරමුණු කරගෙනම ය.CSN ආයතනයට නිශ්චිත සභාපතිවරයෙක් නැත. ඊට හේතුව වී ඇත්තේ මෙහි ප්‍රධානියා වූ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ නිලධාරියෙකු බැවින් නීත්‍යානුකූලව ඔහුට පුද්ගලික සමාගමක තනතුරු දැරිය නොහැකි නිසා සභාපතිවරයා සඟවා තැබීමට ය. යෝෂිත සභාපතිවරයා නොවුනද වැදගත් ගණු දෙනු ලිය කියවිලි සඳහා යෝෂිත අත්සන් තබා ඇත. ඔහු එලෙස අත්සන් තැබීමම ඔහුව නාවික හමුදාවෙන් දොට්ට දැමීමට හොඳටම ප්‍රමාණවත් ය.ඕනෑම සමාගමක් ආරම්භ කරද්දී ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍යය. එය සපයන්නේ කෙසේද? කව්ද? යන්න විවෘතව සඳහන් විය යුතුය. නමුත් CSN සමාගම ආරම්භ කිරීමට රුපියල් මිලියන 90 ක් යොදවා ඇතත් එම රුපියල් මිලියන 90 යෙදෙව්වේ කව්ද ? එම මුදල ආවේ කොතැනින්ද ? යන්න ගැන සඳහනක් නැත. සඳහනක් නැතිවා පමණක් නොව දැන් මාස ගණනක් පුරා ආයතන ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කළද ඒ ගැන කිසිවෙකු නොදනී. එසේ නම් ඒ රුපියල් මිලියන 90 හෙවත් කෝටි 9 යනු කළු සල්ලිය. එම කළු සල්ලි කාගේද?

මේ අතර CSN  සමාගමට සිංගප්පූරුවෙන් තවත් රුපියල් මිලියන 169 ක් පැමිණ තිබේ. එම මිලියන 169 හෙවත් කෝටි 17 ක් පමණ වූ මුදල එව්වේ කව්ද? යන්න ගැන කිසිදු සඳහනක් නැත. සිංගප්පූරුවේද ආදාල ලිපි ලේඛන වලට ද ලබා දී ඇත්තේ වංචනික තොරතුරු ය. මාස 2 ක් පමණ තිස්සේ ඒ ගැන ප්‍රශ්න කළද කිසිවෙකු ඒ ගැන හෙළිකරන්නේ ද නැත. මෙයින් පැහැදිලිව පෙනී යන්නේ රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කිරීමට CSN ආයතනය යොදා ගත් බවකි. මෙසේ CSN ආයතනයට කළු සල්ලි පැමිණ ඇත්තේ සිංගප්පූරුවෙන් පමණක් නොවේ. තවත් රටවලින් මිලියන සිය ගණනක් පැමිණ තිබේ.

mahin