ඉඩි අමීන්ගේ පාර්ලීමේන්තු සම්ප්‍රප්තිය

ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය තමා සතු කර ගැනීමට වෙල් විදානේ ෆෝන්සේකා මෙහෙයුමක් ආරම්භ කර ඇත. රනිල්ගේ තොල රතු බලකායේ සම්පූරණ සහාය ෆොන්සේකා වෙත ලැබුනද අනෙක් සියලු පාර්ශව ඊට එරෙහිව ඇත. කලවැදද්දා ආන්ඩුවට වද්දා ගත හොත් 24 පැයක් තුල ඉල්ලා අස්වන බව අධිකරණ ඇමති විජේදාස රනිල් වෙත දැනුම් දී ඇති අතර  තවද මෙය කෙලවර වන්නේ මහින්දගේ ඒකාබදධ විපක්ෂයේ වාඩිවීමෙන් බවට ඔහු දැඩි අනතුරු ඇගවීමක් කර ඇත.

ෆොන්සේකාගේ කැ‍රැට්‍ටුව සහසුද්දයෙන් දන්නා 60 පැන්න රනිල් ෆොන්සේකා  කැබිනට්‍ටුවට ගැනීමට එකග වී නැත. ‘‘මේකට තරු 5ක් ගහල දුන්න , ඒක මදිලු , දැන් කියනව කැබිනට් ඇමති කමකුත් ඕනෑ කියල, යකො ඊලගට මගෙ තනතුරටත් කෙලියි මූ,’’ සිරිසේන අද උදෑසන තම හිතෛශීන් කිහිප පොලක් සමහ දැඩි ආවේගයෙන් යුතුව එසේ පවසා ඇත.ෆිල්ඩ් මාෂල් තනතුර ලබාගත් ෆොන්සේකා අචාර කරන්නේ ජනාධිපතිට පමණක් වන අතර ඇමතිකමක් ලැබුනොත් අන්තිමට තමන්ට ෆොන්සේකාට ආචාර කරන්නට විය හැකි අකාරයේ මතයක්ද මෛත්‍රීපාල ජනධිපතිවරයා දක්වා තිබේ.

“මට මතකයි…2010 ජනාධිපතිවරණය කාලේ එයා කියපු…කරපු දෙවල් …..අනික තාමත් එයා වෙනස් එලා නෑ නේ….”යනුවෙන්ද මෛත්‍රී පවසා තිබේ.

මේ අතර චන්ද්‍රිකාගේ මතය වී ඇත්තේද ෆොන්සේකා වැන්නකු යහපාලනය තුලට වද්දා ගැනීම සංහිදියා ව්‍යාපෘතියට බාදාවක් බවය. ෆොන්සේකාගේ හුලගක් වත් අවශ්‍ය නැති බව ඇය දන්වා ඇති අතර එදා මලගමට සහභාගි වෙමින් ෆොන්සේකා මන්ත්‍රීකම ඉල්ලා හිඟා කෑ නිසා තමන් කැමත්ත පලකර සිටි බවද පවසා තිබේ. ඉන්දියානු තානාපතිකාර්යාලයෙන් එවා ඇත්තේද මීට සමන පනිවිඩයකි. ෆොන්සේකා යනු රාජපක්ෂ රෙජීමයට එරෙහිව යොදා ගන්නා උපකරනයක් විනා,යන්ත්‍රය තුලට එය සම්බන්ද නොකල යුතු බව බවය.

කෙසේ වුවද සිරස මාධ්‍ය ජාලය සහ ෆොන්සේකාගේ ගෝලයන්, හතර අතේ මුදල් විසිකරමින් සිය අරමුන ජයගැනීමේ මෙහෙයුමක නිරතවී ඇත. මේ අතර හදිසියේ ‍රැස්වූ ජ.වි.පෙ දේශපාලන මන්ඩලය මේ සම්බන්ධව තීන්දුවක් ගෙන ඇති අතර, දුතයෙකු මාර්ගයෙන් රනිල් වෙත සැල කොට ඇත. ඡන්දයෙන් ඇපත් නැතිවූ අයෙක් පාර්ලීමෙන්තුවට ගෙන ඒම හෝ කැබිනට්‍ටුවේ හිදවීම මහජනයාට කොකා පෙන්වීමක් බව ජ.වි.පෙ දන්වා ඇත.

cc

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක