පොකැට්ටුවකට විද්ද ඉන්ස්පෙක්ටර් සී.සී.ටී.වී නිසා මාට්ටු

මඩකළපුව බැංකුවක් තුළදි පුද්ගලයෙකුගේ මුදල් පසුමිබියක් සොරකම් කරන ලද කන්කසන්තුරෙයි සේවස්ථ පුහුණු ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කන්දයියා ජිවන් කුමාර මහතා මඩකළපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර,එරගම ප‍්‍රදේශයේ පදිංචි තාජුදින් රපයිදින් නැමති අය මඩකළපුව පුද්ගලික බැංකුවකදී තමන්ගේ මුදල් පසුමිබිය නැතිවු බවට පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මඩකළපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ  නියමය අනුව මඩකළපුව  පොලිසිය විසින්  කරන ලද විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබිය.

අදාළ බැංකුව තුළ තිබු සී.සී.ටී.වී කැමරා ආධාරයෙන් මෙම පරික්ෂණ කටයුතු සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කන්දයියා ජිවන් කුමාර මහතා මඩකළපුව දිසා  විනිසුරු එමි ගනේෂ රාජා මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පෙබරවාරි මස 05 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

1