අයි එස් සටන්කාමීන්ගේ ගුවන්විදුලි මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

අයි.එස්. සටන්කාමීන්ගේ ගුවන් විදුලි මධ්‍යස්ථානයක් අමෙරිකානු ගුවන් ප්‍රහාරයට ලක් වූ බව ඇෆ්ගනිස්ථානය නිල වශයෙන් දැනුම් දෙයි. මෙසේ ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ අචින් දිස්ත්‍රික්කයේ කන්ගර්හාර් සිට පාලනය කෙරුන “වොයිස් ඔෆ් ද කැලිෆේට්” නම් අයි.එස් විසින් මෙහෙයවන ලද රේඩියෝ මධ්‍යස්ථානයයි. පසුගිය වසරේ ඇෆ්ගනිස්ථානය තුළ තම ක්‍රියාකාරකම් පුළුල් කළ අයි.එස්. කණ්ඩායම් එෆ්. එම්. ගුවන් විදුලි සේවය හරහා වැඩි පිරිසක්ගේ අවධානය තම සංවිධානය වෙත ලක් කර ගැනීමට උත්සාහ දැරීය. ඒ සමඟ ම ඇෆ්ගන් හමුදා මෙන්ම තලිබාන් හමුදා සමඟ ද ඔවුන්ගේ ගැටුම් වර්ධනය විය.

අයි. එස්. සාමාජිකයින් විසින් ඇෆ්ගනිස්ථානු සාමාන්‍ය ජනතාව ද විශාල වශයෙන් ඝාතනයට ලක් කළේය. සමීපතම ඇමරිකානු ගුවන් ප්‍රහාරවලට මෙම ගුවන් විදුලි මධ්‍යස්ථානයට අමතරව අන්තර්ජාල පාලන මධ්‍යස්ථානයක් සමඟ තවත් අයි. එස්. ඉලක්ක රැසක් ලක් වී තිබේ. ගුවන් විදුලි මධ්‍යස්ථානයේ සිටි අයි. එස්. සාමාජිකයින් 21ක් මරුමුවට පත් ව ඇති බව වාර්තා වේ. මෙම ගුවන් විදුලි මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු සිදු කළ පස් දෙනා ද ඇතුළත් බව සඳහන්ය‍. “වොයිස් ඔෆ් ද කැලිෆේට්” පැෂ්ටෝ, දරි සහ අරාබි යන භාෂා තු‍ෙනන්ම විකාශය වූ සේවයකි. මෙය රාජ්‍ය විරෝධී ගුවන් විදුලි සේවයක් ලෙස ක්‍රියාත්මක වූ අතර අයි. එස්. කණ්ඩායම වෙත එක්වීමට ඇෆ්ගන් තරුණයින්ව දිරිමත් කරන ලද්දකි‍. මේ අතර අයි.එස්. කණ්ඩායම් මුලිනුපුටා දැමීමට දහසකට වැඩි භට පිරිසකින් සමන්විත “විශේෂ බළකායක්” ක්‍රියාත්මක බව තලිබාන්වරුන් පවසයි.

 

ඒ.එෆ්.පී