වසරේ විශිෂ්ඨතම ව්‍යවසායකයා ජනපති හමුවේ

ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වසරේ විශිෂ්ඨතම ව්‍යවසායකයා තේරීමේ මහා තරගයෙන් ජයග්‍රහණය කරමින් 2015 වසර සදහා විශිෂ්ඨතම ව්‍යවසායකයා ලෙස සම්මානයට පාත්‍ර වූ පානදුර කොරියන් ස්පා පැකේජින් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක අනුරත් අබේරත්න මැතිතුමා පසුගියදා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හමුවිය.

එහිදී අනුරත් අබේරත්න මහතාගේ ජයග්‍රහණය පිළිබද අතිගරු ජනාධිපතිතුමන් සිය ප්‍රසාදය පළ කරමින් සුභපැතුම් එක් කළේය.

x