Auto Expo 2016 ප්‍රදර්ශනයේ දී එළි දුටු නවතම පරිසර හිතකාමී වාහන

වසර දෙකකට වරක් ඉන්දියාවේ පැවැත්වෙන ඔටෝ එක්ස්පෝ මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා මේ වන විට ලොව පුරා මෝටර් රථ ලෝලීන් ගේ අවධානය හිමිව තිබේ. මෙම මෝටර් රථ ප්‍රදර්ශනය පෙබරවාරි 05 සිට 09 වැනි දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි හි Greater Noida, India Expo Mart හිදී පැවැත්වෙනු ඇත.

මෙවර ප්‍රදර්ශනයේ දී වඩාත් අවධානයට පාත්‍ර වී ඇත්තේ ඉදිරියේ දී එළිදැකීමට නියමිත පරිසර හිතකාමී වාහන පිළිබඳවයි. මේ අනුව මෙවර ප්‍රදර්ශනයේ දී එළි දුටු පරිසර හිතකාමී වාහන පහක් පිළිබඳ තතු වාර්තා වි තිබේ.

පහත දැක්වෙන්නේ එම මොට්ර් රථ පහ පිළිබඳ කෙටි සටහනකි.

Mahindra E-Verito – මහින්ද්‍රා සමාගමෙන් එළි දකින ඉලෙක්ට්‍රික් කාර් රථයකි. මෙය එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝ මීටර 100 ක ධාවනයක් ලබා දෙන බව සඳහන් කර සිටී.

Toyota Prius 2nd Generation – 2015 අග භාගයේ දී එක්සත් ජනපදයේ දී මුල්වරට මෙය එළි දුටුවේය. මෙය පෙර මාදිලියට වඩා 10% ක ධාවනයක් හා 40% ක ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා දෙන බව වාර්තා වේ.

Nissan X-Trail Hybrid –  40 bhp ක ඉලෙක්ට්‍රික් මෝටරයකින් සවිබල ගැන්වූවකි.

Mahindra e2O Sport – 80KW ඉලෙක්ට්‍රික් මෝටරයකින් සමන්විත මෙය තත්පර 4 ක් තුළ පැයට කිලෝ මීටර් 0-60 දක්වා ධාවනයක් ලබා ගත හැකි ස්පෝර්ට්ස් කාරයකි. මෙහි බැටරිය සම්පූර්ණ ආරෝපණයකින් කිලෝමීටර 200 ක් ධාවනය කළ හැකි බව පරීක්ෂණ ධාවනයන් හි තහවුරු කොට ඇත.

Volkswagen Passat GTE – මෙය Passat මාදිලියේ හයිබ්‍රිඩ් මෝටර් රථයයි. වොල්ක්ස්වැගන් සමාගම මෙය 2017 වසරේ දී වෙළෙඳපොළට එක් කිරීමට නියමිත බව වාර්තා වේ.