වකුගඩු රෝගීන්ට හිග ඖෂධ ගුවනින් ගෙන්වයි..

වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඖෂධ අඩුපාඩුවකින් තොරව ගුවන් මගින් ගෙන්වා රෝහල් වෙත ලබාදෙන ලෙස ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව හිඟ ඖෂධ බ‍්‍රහස්පතින්දා වනවිට ගුවන් මගින් ගෙන්වීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවටකට එක්වෙමින් මෙම අදහස් පළ කරන ලදි.

මෙහිදී අනුරාධපුර රෝහලේ වකුගඩු පර්යන්තය විශේෂ නිරීක්ෂණයකට ලක් කරන ලද අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී වකුගඩු රෝගීන් සදහා දෙනු ලබන ඖෂධ, උපකරණ හා මානව සම්පත් පිළිබදව ද විශේෂ අවදානය යොමු කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ හිඟයක් පිළිබඳව පුවත්පත් වාර්තා පළ කළ තිබුන බවත්, උතුරු මැද පළාතේ රෝහල්වල අනුරාධපුර පමණක් වකුගඩු රෝගීන් 21,000 ක් සිටින බවත්,  ර්‍ණවන් ඇල්ෆා” ඖෂධය මාස දෙකක සිට හිඟයක් පවතින බවත් අනාවරණව ඇති බැවින් එම ඖෂධය කඩිනමින් රෝහල් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බවත්, එබැවින් ඒ  පිළිබද සොයා බැලීමට මෙම නිරීක්ෂණ චාරිකාෙවි නියැලුන බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා  ර්‍ණඊයේ රාත‍්‍රීයේ අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා දුරකථනය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යතුමා සහ තමන් සමග සාකචිඡුා කොට වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඖෂධ අඩුපාඩුවකින් තොරව ගුවන් මගින් ලංකාවට ගෙන්වා කඩිනමින් රෝහල්වෙත ලබාදෙන්න කියලා උපදෙස් ලබාදෙනු ලැබුවා. ඒ අනුව වකුගඩු රෝගීන්ට ලබාදෙන හිඟ ඖෂධ ගුවන් මගින් බ‍්‍රහස්පතින්දා වන විට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ හිඟවීමට ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරිම , විදේශීය රටවලින් ආනයනය කිරිම වැනි හේතු ගණනාවක් බලපානු ලබනවා. වෛද්‍ය සැපයුම් අංශය රෝහල්වලට අවශ්‍ය සියළු ඖෂධ ලබාදීමට ෙමි වනවිටත් පියවර ගෙන තිබෙනවා. එමෙන්ම වෛද්‍ය සැපයුම් අංශය දිස්ත‍්‍රික් ඖෂධ ගබඩා නිරික්ෂණය කරනු ලබනවා. එමෙන්ම ඖෂධ තොග පිළිබදව අවදානය යොමු කර කඩිනමින් ඖෂධ ලබාදීමට කටයුතු කරනු ලබනවා. අනුරාධපුර රෝහලේ වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග 03 ක පමණ හිඟයක් පැවැතුන ද රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව අඛණ්ඩව ලබාදීමට කටයුතු කරනවා. යැයි ද පැවැසීය.

එමෙන්ම ඊයේ දින ලබාදුන් වකුගඩු ජාවාරමට අදාලව විමර්ශණය සදහා පත් කරන ලද පංච පුද්ගල කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් මත අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත්, මෙම කමිටුව එම සිදුවීමට අදාල සියළු රෝහල් පරීක්ෂාවට ලක් කර තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෞද්ගලික සෞඛ්‍ය සේවා පනත ශක්තිමත් කිරිමට මෙම කමිටු වාර්තාව ලැබුන විගස තීරණය කළ බවත්, එම පනතේ පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් පනත ශක්තිමත් කිරිමට පියවර ගන්නා බව ද පැවැසීය.

නිරීක්ෂණ චාරිකාවෙන් පසු අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියළුම රෝහල් අධ්‍යක්ෂවරුන් අනුරාධපුර ශික්ෂණ රෝහලට කැඳවා ඖෂධ හිඟය පිළිබඳ විශේෂ සාකචිඡුා පැවැත්වූ අතර, එහිදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හා පදවිය රෝහලේ වෛද්‍යවරුන් තමන් මුහුණ පා ඇති වකුගඩු රෝග නිවරණ ඖෂධ හිඟය පිළිබඳ කරුණූ පැහැදිලි කළේය. සැපයුම් ජාලය අඩුවීම, ප‍්‍රවාහන

පහසුකම් හිඟවීම, එහිදී මතුවූ ප‍්‍රධාන ගැටළු ෙවි. කොළඹ වෛද්‍ය සැපයුම් ආයතනයේ සිට ලොරි රථ මගින් කඩිනමින් ප‍්‍රාදේශීය වෛද්‍ය සැපයුම් ගබඩා වෙත ඖෂධ ගෙන්වා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී නියෝග කළේය. තව ද, ප‍්‍රාදේශීය වෛද්‍ය සැපයුම් ගබඩා රාත‍්‍රී 10.00 වෙනතුරු විවෘත කර තබන ලෙසත්, ප‍්‍රවාහන ගැටළුවට විසදුම් යොදම්න් වෛද්‍යවරුන්ට රජයෙන් ලබාදී ඇති වාහන රාත‍්‍රී කාලයේ ඖෂධ ප‍්‍රවාහනය සදහා යොදා ගන්නා ලෙසත් දැනුම් දෙන ලදි.

පදවිය රෝහලේ සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග කිහිපයක හිඟයක් පවතින බව මෙහිදී අනාවරණය විය. ඇතැම් ඖෂධ කොළඹ වෛද්‍ය සැපයුම් ගබඩාෙවි මාස 02 කට ප‍්‍රමාණත් තොඟ ඇති බව ද මෙහිදී අනාවරණය විය. වකුගඩු රෝගීන්ට ලබාදෙන හිඟ ඖෂධ ගුවන් මගින් බ‍්‍රහස්පතින්දා වන විට ගෙන්වා ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දුන් අතර, කොළඹ වරායට දැනට ලඟා වී ඇති නෞකාවල ඇති ඖෂධ තොඟ අගහරුවාදා වනවිට බෙදා අවසන් කරන ලෙස දැනුම් දුන් අතර, වාරයෙන් ඖෂධ ලබාගැනීෙමිදී වෛද්‍ය සැයපීම් අංශයේ ලොරි රථ යොදා ගන්නා ලෙස ද දැනුම් දෙන ලදි.

z

– නිපුන් ඒකනායක