අන්තර්ජාල භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එක්සත් ජාතීන්ගේ අරමුදල හා ජාතික ළමාරක්ෂක අධිකාරිය සමඟ සම්බන්ධ වී ආරම්භ කර තිබේ.

සුරක්ෂිත අන්තර්ජාල දිනය නිමිත්තෙන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ මෙම දැනුම්වත් කිරිමේ වැඩසටහන ආරම්භ කිරීම අද(10) සිදුකළ බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අන්තර්ජාලයට පිවිසීම සහ භාවිතය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි.

එම අරමුදල පෙන්වා දෙන්නේ  අන්තර්ජාලය ආශ්‍රිත ආපදාවලින් ආරක්ෂාවීම සම්බන්ධයෙන් ගත යුතු අන්තර්ජාල මාර්ගගත ක්‍රියාමාර්ග පුළුල් ලෙස ප්‍රචලිතව නොමැති බවයි.

ලොව පුරා අන්තර්ජාලය භාවිත කරන බිලියන තුනයි දශම එකක පිරිසෙන් අඩක් පමණ ආසියාතිකයන් බව සඳහන්ය.

පසුගිය 2015 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිත කරන පිරිස මිලියන 4 ඉක්මවා ඇති අතර ගෝලීය වශයෙන් ළමයින් සහ තරුණ පිරිස් සියයට 60කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාල චැට් රූම් භාවිතයට යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා දී තිබේ.

ee

adaderana