ඇමති රාජිත අල්ලස්‌ කොමිසම මග හැරලා !

යහපාලන ආණ්‌ඩුවේ ප්‍රබලම ඇමැතිවරයකු වන රාජිත සේනාරත්න මහතා දහවන වතාවටත් අල්ලස්‌ හෝ දූෂණ කොමිසම විසින් කළ කැඳවීම් අනුව එම කොමිසම හමුවේ පෙනී සිටීම මඟහැර තිබේ.

මොහු පසුගිය රජයේ ඇමැති ධුරයක්‌ දරද්දී සිදු කළ බව කියන කටයුතු සම්බන්ධයෙන් අල්ලස්‌ හෝ දූෂණ කොමිෂන් සභාව මගින් අදාළ කැඳවීම කර තිබේ.

මාස ගණනාවක්‌ තිස්‌සේ වරින් වර මෙසේ කැඳවීම් කර ඇතත් ඒ සෑම අවස්‌ථාවකදීම රටේ ප්‍රබලම පුද්ගලයකු සමඟ උත්සවයක්‌ හෝ සාකච්ඡාවක්‌ ඇති බව කියමින් රාජිත ඇමැතිවරයා එම කැඳවීම කල් දමාගෙන තිබේ.

මොහුගේ ප්‍රබලත්වය නිසා ඔහුට එරෙහිව පියවරක්‌ ගත නොහැකිවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව අල්ලස්‌ කොමිසමේ නිලධාරීහු පවසති.

zx

(මුලාශ්‍රය – දිවයින)