එහෙමයිලු ආදරය ….

ආදර කියන දේ සමරන්න එක දවසක් දාන්න ඕන නෑ කියලා ගොඩක් අය කියනවා. ඒත් මම නම් හිතන්නේ එහෙම එක දවසක් හරි තියන එක හොදයි කියලා. ඒක ආදරය කරන අයට තමයි තේරෙන්නේ.

දෑන් කාලේ වගේ මම ආදරය කරන කාලේ දුරකතන තිබුනේ නෑ. මම තමයි ගමේ හිටපු පෝසත්ම මනුස්සයාගේ එකම පුතා. තාත්තාගේ නම ලියන්නේ නෑ ඒ නම කිව්වම අදටත් හොදටම දන්න අය ඉන්න නිසා. අම්මයි තාත්තයි මට දෙන්න පුලුවන් හෑම සෑප සම්පතක්ම දීලා මාව හෑදුවා.

මම ගෑන හෑම දෙයක්ම ලියන්නේ නෑතුව මගේ ආදරය ගෑන ලියන්නම්. මම මුලින්ම කිව්වනේ මම ආදරය කරපු කාලේ දුරකතන තිබුනේ නෑ කියලා. මම ඉස්කෝලේ යන කාලේ ඉදලම ගෑනු ලමයෙකුට ආදරය කලා. ඒ ගෑන මම කිසිම කෙනෙකුට කියලා තිබුනේ නෑ. ඒ ගෑනු ලමයා මම ඉගෙන ගත්තු පාසලේ ගුරුවරියකගේ දුවෙක්. ඈගේ මව පාසල් ගුරුවරියක් වීම නිසා මට එයාට ආදරෙයි කියලා කියන්න බයක් තිබුනේ නෑ. මම බය වුනේ මම එයාට ආදරෙයි කියලා කිව්වම මට කෑමති වෙන්නේ නෑතිවෙයි කියලා හිතලා.

අපි  වෑඩිහිටියන් වුනාම තේරෙනවා පාසල් යන කාලේ ආදරය කරන්න හොද නෑ කියලා ඒ ඉගනීමට වෑඩි අවධානයක් දෙන්න ඕන නිසා. ඒ බව මට දෑන් තේරුනාට එදා මට ඒ දේ තේරුම් ගියේ නෑ. ඈයගේ නම ලියන්න කියලා හිතුනාට ඈගේ නම ලියන්න බෑ .

ඉස්කොලේ පන්තියේ වාඩිවෙලා ඉන්නකොට ඈහි පිල්ලම් නොගහ මම ඈය දිහා බලාගෙනම හිටියේ මට එයා දිහා කොච්චරවෙලා බලාගෙන හිටියත් වෙලාව ගත් වෙනවා තේරුනේ නෑ. සමහර වෙලාවට එයා මම බලාගෙන ඉන්නවා දෑකලා පොඩ්ඩක් හිනා වෙනවා. එහෙම දවසට මම තනියම අපි දෙන්නා ගෑන හීන දෑක්කා. තාත්තා මට අරන්දීපු පොඩි බයිසිකලේ ඈයව දාගෙන පාසලේ පිට්ටනියේ රවුම් ගහපු හෑටි හීනෙන් දකිද්දී කවදාවත් කටින් කියන්න තියා ලියන්නවත් බෑරි තරම් සතුටක් හිතට දෑනුනා.අපි පාසල් ගමන් නිමා කරන දිනයන් ලන්වෙද්දී තමයි එයා මට කතා කලේ. එයාගේ අම්මා අමතර පන්තිදාලා තිබුනේ එයාලගේ ගෙදර. එතකොට තමයි කතා කලේ . එයා හරිම කෑමෑත්තෙන මගෙත් එක්ක කතා කලා. මට තේරුනා එයා මට කෑමතියි කියලා.

පාසල් ගමන නිමා කරලා ගොඩාක් දවස් මට ගෙදරට වෙලා ඉන්න හම්බ වුනේ නෑ. තාත්තා මට නෑන්දලා ඉන්න රටට යන්න කියලා කිව්වා. මහා ලොකු දුකක් හිතේ තියාගෙන මම මගේ යාලුවෙක් එක්ක ගිහිල්ලා ඈයට මගේ ආදරය කිව්වා. ඒ මට තාත්තා කියපු දෙයට පිටුපාන්න බෑරි වුන නිසා. මගේ හොදම යාලුවා එක්ක ඈගේ නිවස ලගට ගිහිල්ලා බයිසිකලෙන් ගෙදර වටේ ගොඩාක් වෙලා රවුම් ගෑහුවා. එදා හවස් වෙනකම් හිටියත් ඈයව දෑක ගන්න බෑරිවුනා. ඈයට කියන්නත් බෑරිවුනා. ඊලග දවසේ උදේම මම අර යාලුවාගේ ගෙදරට යන්න බයිසිකලේ නෑගලා යනකොට ඈය ඉන්නවා දෑකලා මගේ ආදරය ගෑන ලියපු ලියුම ඈට දුන්නේ හදවතේ ඈතුලේ ඉදිකටු වලින් අනිනවා වගේ දෑනෙනකොට. එයා මේ මොකක්ද කියලාවත් ඈහුවේ නෑතිව ගෙවල් පෑත්තට ගියා . මම ඒ ලියුමට පිළිතුරක් ලෑබෙයි කියලා දවල්ට කන්නේත් නෑතුව මගේ යාලුවත් එක්ක ඈගේ ගෙවල් අවට කෑරකී කෑරකී හිටියේ. අම්මා ගෙදර වෑඩකරන කෙනෙක් එවලා මට එන්න කියලා කියපුවාම මම රට යන හින්දා යාලුවගේ ගෙදර ඉදලා හවස් වෙලා එන්නම් කිව්වා.

කොහොම හරි එයාගේ ගෙදර ලග බයිසිකලෙන් රවුම් ගගහ ඉද්දී එයා මාව දෑක්කා .මම ඒ ගොල්ලන්ගේ ගෙදර තාප්පේ උඩින් එයා ඉන්න කාමරය දිහා බලාගෙන හිටියේ මම ගෙදර එන ගමන් නිසා යාලුවා හිටියෙත් නෑ. මම මගේ ලියුමේ මට රට යන්න වෙන නිසා අදම ඔයාගේ තීරණය කියන්න කියලා ලියලා තිබුනා.ඒකේ මම තව ගොඩාක් විස්තර ලියලා තිබුනා . මම තාප්පේ ලග ඉද්දී මම ඉන්න ඉස්සරහට ගුලි කරපු කොලයක් වෑටුනා . ඒකේ ලියලා තිබුනේ හෙට හවස පන්සලට එන්න කියලා විතරයි. මම මේ ලිපිය ලියන මේ මොහොතේත් එයා මට මුලින්ම දීපු ඒ ලිපිය තියනවා. මම එයාව පන්සලේදී හමුවුනාම නිදහසේ කතා කරන්න පුලුවන් වුනා. මට රට යන්න තියනවා කියලා කිව්වම හොදයි කියලා කටින් සතුටු වුනාට ඈස් දෙකේ කදුලු පිරිලා තියනවා දෑක්කා. ආත්ම ගාණක් ඉදන් දන්නවා වගේ අපි දෙන්නා ලෑජ්ජා වෙවී කතා කරද්දී එයා පන්සලේ බෑම්ම අතින් තදින්ම අල්ලගෙන හිටපු හෑටි මට තාම මතකයි.

මට රට යන්න දින ලන්වෙනකම් මම ඈය බලන්න ගියා. අපි කොහොම හරි හම්බ වුනා. මම රට යන්න කලින් දවසේ ඈයව හමුවුනේ අපේ ගෙදරදී ඒ මම යන නිසා ගෙදර අය ගමේ අයට කෑමවේලක් ලෑස්ති කරලා තිබුනා එදා මට ඈයත් එක්ක ගොඩාක් වෙලා කතා කරන්න බෑරිවුනා ඈය මගේ අතින් අල්ලලා පරිස්සමෙන් ගිහින් එන්න කියලා කිව්වා. ඈයගේ අත මට අල්ලන්න පුලුවන් වුන එකම දවස එයයි.මම රට ආවට මගේ හිත හෑමදාම තිබුනේ ඈය ගාව.

මම ඈයට ලිපි යෑව්වේ මගේ යාලුවාට කියලා. ඈගේ ලිපියක් මගේ අතට ලෑබෙනකම් මම බලාගෙන හිටියා. මම අවුරුද්දකින් නෑවත එනකොට අපේ ගෙදර අයට කියලා ඈයව විවාහ කරගන්නවා කියලා හිතුවා. අපි දෙන්නටම ගෙවල් වලින් අකමෑති වෙන්න කිසිම හේතුවක් තිබුනේ නෑ.ඒත් මගේ ආදරය හරියටම පෙබරවාරිමාසේ 12 වෙනිදා මාව දාලා ගියා. ඒ ඈයට නිවසේදී සිදුවුන අනතුරකින් . මම ගෙදර එනකොට මට ඈගේ මිනියවත් දකින්න පුලුවන් කමක් තිබුනේ නෑ. මම ඈය නෑති වුනා කියලා දෑන ගන්නකොටත් මාසයකට වඩා ගතවෙලා. මගේ යාලුවා ඈගේ මරණ දෑන්වීමක් අරන් තියලා තිබුනා. මම නෑවත එනකොට මට මහා පාලුවක් දෑනුනා. ගෙදර ආවේ රෑවෙලා එදා ගෙදර හෑමෝම මම ආපු එකට සතුටින් හිටියට මම හිටියේ පුදුම දුකකින් . මම පහුවදා මගේ යාලුවා හම්බ වෙන්න ගියා.

මම යාලුවට කිව්වා මට සොහොන ලගට යන්න ඕන කියලා. ඔහු මට කිව්වේ දෑන් නෙමේ අපි රෑවෙලා කවුරුත් නෑති වෙලාවට යමු කියලා. මට ඔහු ලග තිබුන ලියුමක් දුන්නා ඒ මට ඈය ලියපු අන්තිම ලියුම ඒකේ අපි දෙන්නා අනාගතේ කොහොමද ජීවත් වෙන්නේ කියනදේ ලියලා තිබුනේ. මම එනකොට ඈයට ගේන්න ඕන මොනවාද කියලා අහපු දේට ඈය ඉල්ලලා තිබුනේ මම හිටපු රටේ පින්තුර ගේන්න කියලා. තව ඈයට ලස්සනම කොන්ඩ කටුවකුත් ඉල්ලලා තිබුනා. මට කෑගහලා අඩන්න හිතුනත් ඈස් දෙකෙන් එක කදුලක් වත් මන් වෑටෙන්න දුන්නේ නෑ.

මම හවස් වෙලා ඈගේ සොහොන ලගට ගියාම මට දරාගන්න බෑරි දුකක් ඈති වුනා. ඉබේම මට ඈඩුනා.මම අදත් ඈයගේ මතකය එක්ක ජීවත් වෙනවා මේ ආදරය ඈය ජීවත්වෙලා ඉන්නකම් විතරක් නෙමේ සදාකාලිකවම ඈය වෙනුවෙන් තියනවා. මට ඈයත් එක්ක ගත කරන්න පුලුවන් වුන කාලය ඉතා සීමිත වුනත් ඈගේ අසීමිත ආදරය මට දෑනුනා. ඈය මාව දාලා ගියත් අදටත් මගේ හිතේ ඈය ඉන්නවා .

 

 

love

 

අප වෙත ලෑබූණු ලිපියකි