ඉන්දියාව ලිංගික සංක‍්‍රාන්තිකයන් සමරයි

ලෝකයේ විවිධාකාරී සැමරුම් පිළිබඳ අප අසා ඇත. ඒ අතර සුවිශේෂී සැමරුම් කාගෙත් හිතට ගෙන එන්නේ මහත් අස්වැසිල්ලකි. පසුගිය දා එක්තරා පිරිසකට එවැනි සුබදායී දිනයක් උදා වුණා.
ඒ ඉන්දියාවේ ජීවත් වන ලිංගික විපර්යාසවලට ලක් වූ පිරිසක් වෙතටයි. Transgender පිරිසක් එක්ව ‘සික්ස් පැක්’ නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවාගෙන තිබෙන අතර ලිංගික විපර්යාසයන්ට ලක් වූ හය දෙනෙක් මෙම කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

ඔවුන් එළිදැක්වූ පළමු ගීත නිර්මාණය වන්නේ hum Hain Happy ගීතයයි. මෙම ගීත එළිදැක්වීමේ උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබුණු බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ වගේම මෙම උත්සවයට විශේෂ අමුත්තන් කිහිපදෙනෙකුත් සහභාගි වී තිබුණා. ඒ, ඉන්දියානු ජනප‍්‍රිය ගායක සෝනු නිගම්. සුපිරි නිළි අනුෂ්කා ශර්මාත් මේ උත්සවයට සහභාගි වී තිබුණ අතර ලිංගික විපර්යාසයන්ට ලක් වූ පිරිස සමාජ අපවාදවලට ලක් වීමට ඉඩ නොදිය යුතු බටවත් ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය.

– තේජා සුදසිංහ