සෙල්ෆි ගන්න පූසෙක්

අන්තර්ජාලයේ මේ දවස් වල අපිට ඕනෑතරම් සුරතලුන්ගේ ඡායාරූප බොහොමයක් අපිට දැකගන්න පුළුවන්. මේ අතර ඉන්න අපූරු සුරතලෙක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. මෙයාගේ නම මැනී. මැනී කියන්නේ පූසෙක්. මෙයාගේ විශේෂත්වය මොකක්ද දන්නව ද ? මෙයා සෙල්ෆි ගන්න දක්ෂයෙක්ලු.

මැනී කියන්නේ අළුපාට ට හුරු බළලෙක්. මෙයාට මේ වෙනකොටත් ඓන්ස්ටග්‍රම් ඔස්සේ රසික රසිකාවියන් දහස් ගණනක් ඉන්නවා කියලත් දැනගන්න ලැබෙනවා. මෙයා ගැන දැනගන්න ලැබෙන විස්තර වලට අනුව කැමරා , ඝොඵ්‍රො වැනි උපාංග වලට මෙයා ගොඩක් ඇලුම් කරනවා. මෙයාගේ ස්වාමියා මෙයා ළඟට කැමරාවක් අරගෙන එන හැමවෙලාවෙම මෙයා පුංචි කකුල් කැමරාව දෙසට දිගුකරන්නේ හරියට නිකං සෙල්ෆියක් ගන්නම ලැස්තිවෙලා වගේ.

මෙයාගේ මේ අපූරු කැමරාවට මුහුණදෙන විලාසය දැකපු වෙලාවේ ඉඳන් මෙයාගේ ස්වාමියා, මැනීගේ ඡායාරූප අන්තර්ජාලයට එකතු කිරීම ආරම්භ කළා. ඓන්ස්ටග්‍රම් වල මැනීගේ තනි ඡායාරුප මෙන්ම එයාගේ බලු යාළුවන් එක්ක ඉඳලා ගත්තු ඡායාරූපත් තියනවා.

12276868_1073444116008639_1037006808_n 10693269_222864641383404_2144989571_n 928553_951905964879439_1095801871_n b

aluthdewal