ශ්රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව අතර හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ දී ඊයේ (14) පැවති තරඟයේ දී නාවික හමුදා කණ්ඩායමේ ක්රීඩකයෝ කිහිප දෙනෙක් තම කණ්ඩායමේ හිටපු නායකයාට සහයෝගය දැක්වෙන අත්පටි පැළඳ ක්රීඩාකර තිබෙනවා.
යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා රග්බි කණ්ඩායමේ හිටපු නායකයාවන අතර ඔහුගේ අංකය වී ඇත්තේ 07 යි.
මෙම තරගයේ ආරම්භයේදීම කණ්ඩායම් දෙක අතර යම් තියුණු තරගයක් පැවතියද ප්රතිවාදීන්ට පීඩනයක් එල්ල කළ නාවික හමුදා ක්රීඩකයෝ පළමු අර්ධය ලකුණු 15-12 ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින් තරගය නිමාවට පත්කළා.
ජයග්රාහී නාවික හමුදා ක්රීඩකයෝ ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 3 ක් හා එක් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින්ද, පරාජිත යුද හමුදා ක්රීඩකයෝ ගෝල දිනුම් 3 ක් හා දඩුවම් පහර තුනක් මගින්ද සිය ලකුණු රැස් කළා.
neth