ඩොනල්ඩ් ට්‍රම්ප්ට අමෙරිකාවේ ජනපති විය නොහැකියි

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්හට අමෙරිකාවේ ජනාධිපතිවරයා විය නොහැකි බව අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

අමෙරිකානු ජනාධිපති ධූරය හෙබවීම යනු ඉතා බැරැරුම් කටයුත්තක් බව ඔහු පෙන්වා දී තිබේ.

කැලිෆෝනියාවේ පැවති සමුළුවකට සහභාගී වු අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගෙන් මාධ්‍යවේදියෙකු ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ විමසූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

අමෙරිකානු ජනාධිපති ධුරය පහසු කටයුත්තක් නොවන බව පවසා ඇති බැරැක් ඔබාමා  පෙන්වා දෙන්නේ එය රියලිටි වැඩසටහනක් හෝ ප්‍රවර්ධන වැඩසටහනක් නොවන බවයි.

අමෙරිකානු බිලියනපති ව්‍යාපාරිකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට අමෙරිකානු ජනාධිපතිවරණ සටනෙන් පෙරමුණේ පසු වන අයෙකු වෙයි.

xxx