මිහින්තලා අභය භූමියටත් මස් වැද්දන් පනී

ලොව ප්‍රථම අභයභුමිය වන මිහින්තලා පුජාභුමියේ වන සතුන් දඩයම් කරුවන්ගේ ග්‍රහණයට හසුවිමෙන් දිනෙන් දින වන සතුන් වදවි යෑමේ ප්‍රබල තර්ජනයකට පත් වි ඇති බව පුජාභුමිය ආසන්නයේ පදිංචි කරුවන් පවසති.

අක්කර 532ක් පුරා විහිදි යන භුමිවපසරියක් හිමි මිහින්තලා පුදබිම වර්තමානය වන විට දඩයම්කරුවන්ගේ පරාදිසියක් වි ඇතිබව ප්‍රදේශවාසින් පවසන අතර මිහින්තලා පුජාභුමී රක්ෂිතයේ තිබෙන වටිනා දැව වර්ගවලටද සිදුවන්නේ වන සතුන්ටද හිමිවන ඉරණම මෙන්ම ඛෙදජනක තත්ත්වයකී.

වසර කිහිපයකට ඉහතදී මිහින්තලා රක්ෂිතය තුල තිබු වටිනා ඖෂධ වර්ගවලින් පිරිගහන රක්ෂිතයක් වවුද වර්තමානය වන විට කොතල හිඹුටු ශාකයක් වුවද සොයා ගැනීම දැඩී දුෂ්කර වි ඇති බව ඔවුන් පවසති.

දෛනිකව දඩයම් කරුවන් විශාල ප්‍රමාණයක් බදින කදන් ඇටවිම හා වෙඩි තැබිම මගින් ඒවාට ගොදුරුවිමෙන් මිය යන හා පුර්ණ ආබාධයන්ට ලක්වන වන සතුන් මෙම අභය භුමිය පුරා දකින්නට ඇත.

වළිකුකුළන් අධික ප්‍රමාණයක් ගැවසෙන හෙයින් දඩයම් කරුවන් විසින් උගුල් ඇට විමෙන් වළිකුකුළන් මරා ඉතා අධික මුදලකට අළෙවි කරන බව පැවසේ.

මේ හේතුවෙන් ජාතික පක්ෂියා වදවි යෑමේ ප්‍රබල තර්ජනයකට මුහුණ දි ඇත.

ජනතාව පවසා සිටින්නේ මෙලෙස ලොව ප්‍රථම අභය භුමියේ වන සතුන් මරා මස් කිරිම ජාවාරමක් ලෙසින් සිදු වන්නේ මිහින්තලේ නගරයේ ආපනශාලා හිමියන් විසින් දඩමස් අධික මුදලක් දි මිලදි ගැනිම හේතුවෙන් බවයි.

මෙලෙස අධික මුදලක් දි මිලදි ගන්නා දඩමස් ආපනශාලා හිමියන් විසින් මිහින්තලේ ශ්‍රිවිභුතිය දැක බලාගැනිමට පැමිණෙන විදේශිකයන් වෙත අධික මුදලකට අලෙවි කරයි.

වැඩී වටිනා කමකින් යුතුව දඩමස් මිලට ගැනිම හේතුවෙන් දිනෙන් දින දඩයම්කරුවන්ගේ අවධානය මිහින්තලා පුජාභුමියේ වෙසෙන වනසතුන් පිළිබදව අවධානය යොමු වි ඇති බවත් සිදුවන මෙම සත්ත්ව හිංසාව පිළිබදව අදාල අංශ දැනුවත් කලද නිසිලෙස පියවර නොගැනිමෙන් දඩයම්කරුවන් වන සතුන් මැරිම දෛනිකව කරගෙන යන බව ප්‍රදේශවාසින් පවසති.

මිහින්තලා පුදබිමේ මේ සිදුවන සත්ත්ව සංහාරය අවම කරගැනිම සදහා දිවා රාත්‍රි දෙකෙහිම මෙම පුජාභුමිය තුල විශේෂ කණ්ඩායමක් රදවා තැබිය යුතු බව ජනතාව පවසති.

එසේ නොවුනහොත් ඉදිරි වසර කිහිපය තුලද මෙවැනිම දඩයම් සිදුවුවහොත් මිහින්තලා අභයභුමිය තුල එකදු සතෙකු දක්නට නොහැකි වනු ඇතැයි අවට ජනතාව පෙන්වා දෙයි.

 

cw

(මිහින්තලේ සමුහ – ප්‍රියදර්ශනි කරුණාරත්න)