දකුණු චීන මුහුදේ දිවයිනක චීනය මිසයිල පද්ධතියක් පිහිටුවයි

හිමිකම සම්බන්ධයෙන් ගැටළු පවතින දකුණු චීන මුහුදේ පිහිටා ඇති දිවයිනක් තුළ චීනය විසින් ගුවන් ආරක්‍ෂණ පද්ධතියක් ස්ථාපිත කර ඇත.

ඉමේජ්සැට් ඉන්ටර්නැෂනල් විසින් ගත් චන්ද්‍රිකා ඡයාරූප තුළ මිසයිල ලෝන්චර 8ක් සහිත HQ-9 ගුවන් ආරක්‍ෂණ පද්ධති බැටරි 2ක් සටහන්ව තිබේ.

මෙම මිසයිල පද්ධති වල පරාසය කිලෝමීටර් 200ක් වන අතර වූඩි දිවයින තුළ රේඩාර් පද්ධතියක්ද පිහිටුවා ඇත.

මෙම ඡයාරූප පෙබරවාරි 14 වනදා ගෙන ඇති අතර පෙබරවාරි 3 දින ගත් ඡයාරූපවල මෙම අවි පද්ධති දක්නට නොහැකි බව පැවසේ.

ඔස්ටේ‍්‍රලියානු විදේශ අමාත්‍යවරිය හමුවීමෙන් පසු මාධ්‍ය හමුවක් ඇමතූ චීන විදේශ අමාත්‍ය වෑන් යි පවසා ඇත්තේ දිවයින් හා ගල් පර තුළ චීනය විසින් පිහිටුවා ඇති සීමිත හා අවශ්‍ය ස්ව-ආරක්‍ෂණ පහසුකම් ජාත්‍යන්තර නීතියට මුළුමනින්ම අනුකූල වන බවයි.

මේ අතර දකුණු චීන මුහුද තුළ චීනය විසින් ගුවන් ආරක්‍ෂණ පද්ධති ස්ථානගත කිරීම විසින් ඔවුන් කලාපය මිලිටරීකරණය කරමින් සිටින බවට සාක්‍ෂි සපයන බව ටෝකියෝහිදී මාධ්‍ය හමුවක් ඇමතූ ඇමරිකානු පැසිපික් විධානයේ අණදෙන නිලධාරී හැරී හැරිස් පවසා තිබේ.

කෙසේවෙතත් මෙමගින් දකුණු චීන මුහුදු කලාපයේ මුහුදු හෝ ගුවන් ගමනාගමනය සඳහා වන නිදහස උල්ලංඝනය නොවන බව චීන විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක හොන් ලී සඳහන් කර ඇත.

ඔහු පවසා ඇත්තේ අවි පද්ධති ගැන අවධානය දක්වන්නන් චීනය විසින් ගමනාගමනය පහසු කරමින් පිහිටුවා ඇති ප‍්‍රදීපාගාර පිළිබඳවද සඳහන් කළ යුතු බවයි.

 

cde

cnews