ශිරාල් ලක්තිලක රාජ්‍ය ආයතනයකට කඩා පැන නිලධාරීන්ට තර්ජනය කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනෙන් බැහැරව සිටිනා අවස්ථාවේ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක නමැත්තා රාජ්‍ය ආයතන වලට කඩා පැන ජනාධිපති පවර්ස් පෙන්වා ඒවායේ නිලධාරීන්ට නීති විරෝධී ක්‍රියා කරන ලෙස තර්ජනය කරන බවට ලංකා ඊ නිව්ස් වෙත පැමිණිලි ලැබී තිබේ.

අද දහවල් රාජකාරී වේලාවේදී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට කඩා පිනූ ශිරාල් ලක්තිලක නමැත්තා එහි අධ්‍යක්ෂ ජනරාල් දර්ශනී ගුණතිලක මහත්මියට තර්ජනය කර තිබේ.

ඔහු මෙසේ තර්ජනය කරන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යහපත තකා නම් රජා ලඟ සිටි මෝඩ වඳුරාගේ හැසිරීම මෙනැයි සිතා කල්පනා කළ හැකි නමුදු ඔහු තර්ජනය කරන ලද්දේ පසුගිය රාජපක්ෂ රෙජීම සමයේ රාජපක්ෂලා වෙනුවෙන් නීති විරෝධීව ක්‍රියා කළ සට්ටැඹියන් බේරා ගැනීම වෙනුවෙන් වීම නින්දා සහගත ය.

රාජපක්ෂගේ ජනාධිපතිවරණය අවස්ථාවේදී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අරමුදල් වලින් ඔහුගේ ඡන්ද ප්‍රචාරක දෑ මුද්‍රණය කර තිබුණි. ඒවා සිදුකරන ලද්දේ එවක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අරක්ගෙන සිටි රාජපක්ෂවාදී සට්ටැඹියන් වන වසන්තප්‍රිය රාමනායක සහ ආරියරත්න ඇතුගල දෙදෙනාගේ අනුමැතිය අනුවය. නව පාලකයන් විසින් එකී නීති විරෝධී බිල්පත් ගෙවීම අත්හිටුවා ඇත.

ශිරාල් ලක්තිලක අද දහවල් කඩා පැන වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ගුණතිලක මහත්මියට තර්ජනය කරන ලද්දේ ඉහත කී බිල් පත් වහා ගෙවන ලෙසයි. ඊට හේතු වී ඇත්තේ වසන්තප්‍රිය රාමනායක නමැත්තා ජනාධිපති මෛත්‍රීට කඩේ යෑම ආරම්භ කර ඇති බැවින් ඔහු බේරා ගැනීමට ය.

යහපාලන ලේබලය අලවාගෙන රාජපක්ෂ රෙජීමය කළ කී දෑ කිරීමට ජනතාව කිසිවෙකුට බලයක් ලබා දී නැත. ජනාධිපතිවරයා තමාගේ බල්ලන් බැඳ දැමීමට ක්‍රියා කළ යුතුය.

cd

lankaenews