තුර්කිය සිරියාවට එල්ල කරන ප‍්‍රහාර උත්සන්න කිරීමට සූදානම් වේ…

තුර්කියේ අන්කාරා නුවර සිදුවූ බෝම්බ පිපිරීමකට සිරියානු රජය සෘජුවම වගකිව යුතු බව තුර්කි අග‍්‍රාමාත්‍ය අහ්මට් ඩව්ටොග්ලූ පවසා ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ සිරියාව තුළ සිටින කුර්දි සටන්කාමීන්ට එල්ල කරන ප‍්‍රහාරයන් අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බවයි.

PKK සටන්කාමීන් හා සහයෝගයෙන් කටයුතු කරන සිරියානු කුර්දි ශඡුඨ මිලිෂියා සාමාජිකයෙකු විසින් තුර්කි හමුදා භටයින් ඉලක්ක කර එල්ලවූ බෝම්බ ප‍්‍රහාරය දියත් කළ බව තුර්කි අගමැතිවරයා පවසා තිබේ.

තුර්කියට එරෙහිව YPG මිලිෂියාවන් යෙදවීම සම්බන්ධයෙන් ඩව්ටොග්ලූ රුසියාවටද චෝදනා කර ඇත.

අන්කාරා බෝම්බ ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 28 දෙනෙකු මියගිය අතර ඉන් 26 දෙනෙකුම තුර්කි හමුදා භටයින් බව පැවසේ.

මේ අතර බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව තමන්ට එල්ලවන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව සිරියානු කුර්දි ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් පක්‍ෂය – PYD පවසා තිබේ.

එහි සම සභාපති සාලේ මුස්ලිම් පවසා ඇත්තේ සිරියානු අර්බුදය උත්සන්න කිරීමේ අරමුණින් තුර්කිය තමන් වෙත ඇගිල්ල දිගු කරන බවයි.

අන්කාරා බෝම්බ ප‍්‍රහාරයට ප‍්‍රතිචාර දක්වමින් තුර්කි ප‍්‍රහාරක යානා උතුරු ඉරාකයට පහරදුන් අතර ඉන් ජ්‍යෙෂ්ඨ නායකයින් ඇතුළුව සටන්කාමීන් 6-70ක් පමණ ඝාතනය කළ බවද අහ්මට් ඩව්ටොග්ලූ පවසා තිබේ.

YPG යනු ත‍්‍රස්තවාදී සංවිධානයක් බව මෙම ප‍්‍රහාරයෙන් පැහැදිලි වන බවත් ඊට එරෙහිව මින් පෙරද සිය මිතුරන්ගේ සහය ඉල්ලා සිටි බවත් තුර්කි අගමැතිවරයා පවසා ඇතැයි වාර්තා වේ.

b

 

cnews