විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවෙන් අනුග්‍රහයක්

එළඹෙන මාර්තු මාසයේ දී ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟ මාලාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නිල අනුගාහකත්වය ලබා දීමට The Confident Group ඉදිරිපත් වී තිබේ.

The Confident Group 10 වන සංවත්සරයට සමාගාමීව සිදුකරනු ලබන මෙම අනුගාහකත්ව ලබා දීම, ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකටම අදාළ වේ.

බැංගලෝරය මූලස්ථානය කරගනිමින් ක්‍රියාත්මක The Confident Group, යටිතල පහසුකම් සැපයීම, ආගන්තුක සත්කාර, ගුවන්, විනෝදාස්වාදය, අධ්‍යාපන, සෞඛ්‍ය, ගොල්ෆ්, සුවඳ විළවුන් හා ජාත්‍යන්තර වෙළෙඳාම යනාදී ව්‍යාපාරික ක්ෂේත්‍රයන් හි නිරත වන සමාගම් සමූහයකි.

ආචාර්ය රෝයි සී ජේ The Confident Group හි නිර්මාතෘවරයා මෙන්ම වත්මන් සභාපති වරයා ද වේ.

ඡායාරූපය – ශ්‍රී ලංකා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට නිල අනුගාහකත්වය පිරිනමමින් කණ්ඩායමේ නිල ජර්සිය, The Confident Group නිර්මාතෘ හා සභාපති ආචාර්ය රෝයි සී ජේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් උප ලේකම් රවීන් වික්‍රමරත්න මහත්වරුන් විසින් මාධ්‍ය වෙත එළි දැක්වූ අවස්ථාව

x
(ඡායාරූප අනුග්‍රහය – New Indian Express)