සත්ත්ව ශුභ සාධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

මෙරට සත්ත්ව ශුභ සාධනයට අවශ්‍ය පළමු යෝධ පියවර තැබූ බව ඔටාරා පදනම පවසයි

මෙරට සතුන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ නිවැරදි දිශාව වෙත රජය ගමන් කරමින් සත්ත්ව ශුභ සාධන පනත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීම ඔටාරා පදනම සතුටින් පිළිගන්නා බවත් මෙම කෙටුම්පත නීතියක් බවට පත්වන තුරු දැඩි අවධානයකින් සිටිමින් එයට අවශ්‍ය මැදිහත්වීම කරන බවත් අවධාරණය කර තිබේ.

සත්ත්ව ශුභ සාධන පනත් කෙටුම්පත සඳහා සහයෝගය දැක්වූ ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍යවරයාටත් සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යවරයාටත් මෙම පනත් කෙටුම්පත මේ දක්වා පැමිණීමට අතහිත දුන් රජයේ අනිකුත් නිළධාරීන්ටත් ඔටාරා පදනම ස්තූතිය පුදකර සිටී. මෙම පනත් කෙටුම්පත සම්මත කර ගනිමින් නීතියක් වීම දක්වා මේ ආකාරයෙන්ම ඉදිරියටත් සහයෝගය බලාපොරොත්තු වන බව ඔටාරා පදනම සඳහන් කර ඇත.

මෙම පනත් කෙටුම්පත සකස්කර එය 2006 වසරේ අනුමැතිය සඳහා රජය වෙත යොමුකළ ශ්‍රී ලංකා නීති කොමිසමට ඔටාරා පදනම සිය කෘතඥතාවය පළකර තිබේ. එසේම, 2010 වසරේදී මෙම පනත් කෙටුම්පත පුද්ගලික පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේට මෙන්ම මෙම යහපත් වෙනස වෙනුවෙන් උපදෙස් දෙමින් සහයෝගය දුන් සියළුම දෙනාට ඔටාරා පදනම ස්තූතිය පිරිනමයි¡ තවදල අධිකරණය වෙත ලිඛිත අයදුම් පතක් ඉදිරිපත් කරමින් සත්ත්ව ශුභ සාධනය වෙනුවෙන් පවතින නීති සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරල ආඥාවක් නිකුත් කරන ලෙසත් සතුන්ගේ ආරක්ෂාව හොඳින් සැලසෙන ලෙස පවතින නීති සංශෝධනය කරන ලෙසත් ඉල්ලා සිටි කණ්ඩායමටද පදනම තුති පුදා තිබේ. මීටඅමතරව, මෙම කෙටුම්පත සඳහා අනුමැතිය දෙන මෙන් ඉදිරිපත් කළ මහජන අභියාචනය සඳහා තමන්ගේ අත්සන යොදමින් ඉදිරිපත් වූ 28,000 ක් දෙනාට ඔටාරා පදනම ගෞරවය පුදකර ඇත. මෙම කෙටුම්පත අනුමත කරවා ගැනීමට මෙම පාර්ශවයන් දැක්වූ උනන්දුව සහ කැපවීම මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන්ම බලපෑ බව ඔටාරා පදනම සඳහන් කර සිටී. මීට අමතරව, මේ සඳහා සහයෝගය දැක්වූ Animal Nepal” PETA Asia සහ Brigitte Bardot පදනමටද ඔටාරා පදනම විසින් ස්තූතිය පිරිනමා ඇත.

මෙම කෙටුම්පත නීතියක් බවට පත්වීම සඳහා දිගු ක්‍රියාවලියක් පසුකළ යුතුව තිඛෙන බවද ඔටාරා පදනම සඳහන් කරයි. “ශ්‍රී ලාංකේය කරුණාවන්ත ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙම කෙටුම්පතේ ප්‍රගතිය පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් සිටින ලෙසත් මෙම යහපත් වෙනස කිරීම සඳහා අප වෙත ඉදිරියටත් සහයෝගය ලබාදෙන ලෙසයි“, යනුවෙන් ඔටාරා පදනම විසින් නිකුත් කර තිඛෙන නිවේදනයේ දැක්වේ. “පියවර කීපයක් තිඛෙන ක්‍රියාවලියකින් මෙම කෙටුම්පත මේ වනවිට එක් පියවරක් පසුකර තිඛෙනවා. මෙය නීතියක් බවට පත්වීමට තවත් බොහෝ දුරක් යා යුතුයි.“

සත්ත්ව ශුභ සාධන පනත හඳුන්වා දුන්නේ සත්ත්ව හිංසනයට එරෙහිව පවතින 1907 දී හඳුන්වාදුන් අවුරුදු 100 කට වඩා පැරණි නීතිය ඉවත් කර ඒ වෙනුවට වර්තමානයේ සතුන් මුහුණ දෙන ගැටලූවට විසඳුමක් ලෙස වඩාත් බලවත් නීතියක් හඳුන්වා දීමේ අරමුණෙනි. බටහිර බොහෝ රටවල් ඉතාමත් සක්‍රීය සත්ත්ව ශුභසාධන නීති හඳුන්වා දී තිඛෙන අතර ඉන්දියාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි ආසියාතික රටවල්ද සිය සත්ත්ව ශුභසාධන නීති අළුත් කර ඒවා ශක්තිමත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ මෙරට ජනතාවගේ කරුණාවන්ත භාවය සැලකීමේදී සත්ත්ව ශුභසාධනය සම්බන්ධයෙන් ලංකාව තවමත් සිටින්නේ අනිකුත් බොහෝ රටවල් වලට පිටුපසිනි.

ලෝක සත්ත්ව දිනය සමරමින් ඔටාරා පදනම විසින් 2015 ඔක්තෝම්බර් 04 වනදා යෝජිත සත්ත්ව ශුභසාධන කෙටුම්පත නීතියක් බවට පත්කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලමින් මහජනයාගෙන් අත්සන් ලබාගනිමින් අභියාචනයක් එළි දැක්වීය. මේ දක්වා මෙම මහජන අභියාචනය සඳහා අත්සන් 28,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී තිඛෙන අතර අත්සන් වලින් 90% ක් මෙරට වාසය කරන්නන්ගෙන් ලැබී තිබේ. මීට අමතරව, විදේශ රට වලින්ද මේ සඳහා විශාල සහයෝගයක් ලැබී ඇත.

“මෙම මහජන අභියාචනය සඳහා අත්සන් කළේ කොළඹ ජනතාව පමණක් නෙවෙයි. පදියතලාව මෙන්ම අම්පාර වැනි මේ රටේ දුර බැහැර බොහෝ ප්‍රදේශ නියෝජනය කරන ජනතාව මේ අභියාචනය සඳහා අත්සන් කළා. මේ දක්වා මෙම කෙටුම්පත රැගෙන ඒමට සහයෝගය ලබාදුන් මෙම ජනතාවට මම ස්තූතිය පුද කරන අතර කාලීන අවශ්‍යතාවයක්ව පවතින යෝජිත සත්ත්ව ශුභ සාධන පනත් කෙටුම්පත ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා තවත් බොහෝ දෙනෙකුගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. මේ සඳහා පුද්ගලික සහ රජයේ ආයතන වලින් ලැබුණු සහයෝගය ප්‍රසංශනීයයි“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ඔටාරා පදනමේ ප්‍රධාන විධායක නිළධාරිනී, ඔටාරා ගුණවර්ධන මහත්මිය පැවසුවාය.

බොහෝ කාලයක් මහජනතාවගේ අදහස් විමසීමෙන් අනතුරුව නීති කොමිසම විසින් සම්පාදනය කළ සත්ත්ව ශුභසාධන කෙටුම්පත මගින් අපේක්ෂා කරන්නේ නව අභියෝගයන් ජයගන්නා අතරම සතුන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ ශුභ සාධනය වඩාත් හොඳින් සිදුකිරීමයි. ජාතික සත්ත්ව ශුභ සාධන අධිකාරියක් පිහිටුවීම සහ සතුන්ට සිදුවන කෘෘරත්වය වැලැක්වීමටත් සත්ත්ව ශුභ සාධනය ඇති කිරීමටත් අවශ්‍ය වන රෙගුලාසි සහ අචාර ධර්ම මෙහි අන්තර්ගත කර ඇත.

මීට අමතරව, මෙම කෙටුම්පත ‘සත්ත්වයා‘ යන අර්ථ දැක්වීම මිනිසුන් හැර සියළුම ජීීවී කොටස් ඇතුළත් වන ලෙස පුළුල් කර තිඛෙන අතර වර්තමාන නීතිය අදාළ වන්නේ අල්ලාගෙන සිටින හෝ ඇතිකරන සතුන් සඳහා පමණි. සතුන් අලෙවිකරන ස්ථාන, සතුන් යොදා පරීක්ෂණ සිදුකිරීම, සතුන් සංදර්ශන සඳහා යොදාගැනීම සහ සතුන් ප්‍රවාහනය කිරීම යන කරුණු වර්තමාන ශ්‍රී ලංකා නීතියට අදාළ නොවේ. මෙම නව පනත් කෙටුම් පතට මෙම කරුණුද ඇතුළත් කර තිබේ.

7