කර්මය පලදෙන බවවත් නොදත් පුවක් මුදලාලිගේ කර්ම විපාකය

වෙළෙඳාම සිය ජීවනෝපාය හැටියට තෝරා ගනු ලැබූවෝ වෙති. ඉන් සමහරෙක් අයථා ලෙස වෙළෙඳාම කොට මුදල් සොයති. ඇතැම් විට ආර්ථික වශයෙන් දියුණු වී සිටින්නෝ ද වෙති. ඇතැම්හු සාධාරණ ලෙස වෙළෙඳාම කරති. වෙළෙඳාම මඟින් ලාභයක් මිස අලාභයක් සිදුවන්නේ නැත. නමුත් වෙළෙඳාම් කරන විදිහ අනුව ඒ විෂයෙහි තතු නොදන්නා නිසා අලාභ ලබන්නෝ ද වෙති. අපේ වර්තමාන සමාජය තුළ සාධාරණ වෙළෙඳාමට වඩා අසීමිත ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අදහසින් එහි නිරත වන්නෝ බහුල වශයෙන් දකින්නට ලැබෙති.

 

SLTK_10.qxd
වෙළෙඳාම ජීවනෝපායක් වශයෙන් බුදුදහමෙහි ද අනුමත කොට තිබේ. වෙළෙඳාම මගින් මුදල් සෙවීමට වාණිජ බුද්ධිය තිබිය යුතු වෙයි. මුදල්වලට වඩා වෙළෙන්ඳාට මෙහිදී තිබිය යුත්තේ වාණිජ බුද්ධියයි. “දැන වෙළෙඳාම් නොදැන ගොවිතැන්” යනුවෙන් කියා තිබෙන්නේ එම නිසාය. වෙළෙන්ඳා නිතර කාලීන ඥානයෙන් පිරි පුද්ගලයෙකි. අලෙවි කළ හැකි හා නොහැකි දෙය පිළිබඳ වැටහීමක් තිබේ. අධික ලාභ ලැබිය හැකි හා නොහැකි දේවල් ගැන වැටහීමක් තිබේ.
වෙළෙඳාමෙන් ලබන ලාභය හා වියහියදම් අතර සමබරතාව ඇති කර ගැනීමට සමතෙකි. වෙළෙඳාම සඳහා මුදල් තිබිය යුතුය යන්න සමාජ නියමය වුවත් බුදු දහමෙහි දක්වන්නේ උට්ඨාන වීර්යය හා ප්‍රඥාව තිබේනම් මිල මුදල අත්‍යවශ්‍ය සාධකයක් නොවන බවයි. මී කුණක් අලෙවි කිරීම වැනි කුඩාම කුඩා තැනකින් පටන් ගනු ලැබූවත් සිටු තනතුර දක්වා ඉහළට යා හැකි බව චුල්ල සෙට්ඨි ජාතකය මතු කරන අදහසයි. වෙළෙඳාමකින් අලාභයක් සිදු වන්නේ නැත. සිදු වන්නේ ලාභයක්මයි.
නමුත් වෙළෙඳාම සාධාරණ ලෙස කරන්නෝ අල්පයහ. තණ්හාධික බව නිසා අසීමිත ලාභ ලැබීම බලාපොරොත්තු වෙයි. තම සේවයට වඩා ලාභ බලාපොරොත්තු වෙයි. එය බරපතළ වරදකි. බොහෝ වෙළෙන්ඳෝ මරණින් පසු අපායේ උත්පත්තිය ලබන්නේ අසාධාරණ ලෙස වෙළඳාම් කිරීම නිසායි. වෙළෙඳාමෙන් අසාධාරණ ලෙස බරපතළ ලාභ ලැබීම බරපතළ පාපයකි. එබඳු වෙළෙන්දෝ වර්තමාන සමාජයෙහිද දැක ගත හැකියි. එබඳු අය තම අකුසලයේ විපාක ඇතැම් විට මෙලොවදීම ලබති. නැතිනම් පරලොවදීද ලබති. අසාධාරණ ලෙස වෙළෙඳාම් කර අසීමිත ලාභලැබූවන් බොහෝවිට විඳවන තම ජීවිතය පිළිබඳ පසුතැවිලිවන කම්පාවන ගති ස්වභාව දක්නට ලැබෙයි. අසාධාරණ නොකොට වෙළෙඳාමෙන් දියුණු වන්නේ කෙසේදැයි ඇතැම් කෙනෙකුට ප්‍රශ්න මතුවිය හැකිය. අපේ බොහෝ අය වෙළෙඳාම් කරන්නට යන්නේ පොලියට සල්ලි අරගෙනය. නැතිනම් දවසින් දෙකෙන් දියුණු වන්නටය. අසීමිත ලෙස එකවර දියුණුවන්නට යන්නන්ට සිදුවන්නේ තිබූ දියුණුවටත් වඩා පහළට වැටෙන්නටය. ස්වර්ණ හංස ජාතකයේ මෙන්ධි වෙළෙඳාමේ හොරකම් බොහෝය. හොරට කිරීම, හොරට මැනීම, යුක්තිය යටපත් කිරීම, වංචාව, කපටිකම, ආදියයි. නමුත් වෙළෙඳාම් කරන්නා තුළ තිබිය යුත්තේ කපටි නැති බව (අසධෝ) අව්‍යාජ බව (අමායා වී) ඍජු ප්‍රතිපත්තිය (උජු ජාතිකො) යන්නයි.

5
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ ස්ත්‍රීහු සතර දෙනෙක් බොහෝම හිත මිත්‍රව වාසය කළහ. ඒ සතරදෙනා ජීවත්වන්නට උපායක් කල්පනා කරන්නේ වෙළෙඳාම් කිරීම මගින් අසීමිත ලාභ ලැබිය හැකියැයි සිතාය. ඔවූහු වෙළෙඳාම් කිරීම පටන් ගත්හ. ඈත ප්‍රදේශවලින් ගිතෙල්, මී පැණි, ධාන්‍ය ආදීන් ගෙන්වා ගෙන ලාභය තබාගෙන විකිණීම කරති. වෙළෙඳාම ජීවනෝපායක් හැටියට යහපත් එකක් වූවත් මේ කාන්තාවෝ වෙළෙඳාම කරගෙන ගියේ එකී සදාචාර සම්පන්න මූලධර්මවලට පටහැණිවය. බඩු මිලදී ගන්නන්ගෙන් අසීමිත ලාභ තියාගෙන මිලදී ගන්නා ඔවුහු විකිණීමේදි හොරට කිරීම්, හොරට මැනීම්, යුක්තිය යටපත් කිරීම් ආදිය කරමින් කපටි ලෙස කටයුතු කළහ.
අසාධාරණ ලෙස වෙළෙඳාම් කළ තරුණියන් සිවුදෙනාම අයුක්තියෙන්ද යුක්තියෙන් ද මසුරු කෙරෙහි ඇති කර ගත් ලොබින්  රැස් කළා වූ ධනය විය පැහැදම් කොට කා බී ජීවත් වූහ. මරණයෙන් පසු සිවුදෙනාම එක ළඟ පිට නුවර දිය අගලක ප්‍රේතියන් වී උපන්හ. ඔවුහු බොහෝ දුක් විඳිති. කෙනෙක් නිරුවත්ය, අනිකෙක් බඩසයින් පෙළෙති. විඳින දුක දරා ගන්නට නොහැකිව දිය අගල තුළම සිට විලාප දෙති. හරිහම්බකරන ලද ධනය වෙනත් අය පරිභෝග කරනු දකින විටද ඒ කෙරෙහි දුක් වෙති. මේ විස්තරය භෝග සංහරණ ප්‍රේත වස්තුවෙහි දැක්වෙයි.
බුද්ධ කාලයේ පමණක් නොව වර්තමාන සමාජය තුළ වුවද අයුක්ති සහගත ලෙස වෙළහෙළඳාම් කිරීම නිසා එම අකුසල කර්මයේ විපාක පලදෙන හැටි සමාජ පුද්ගල ක්‍රියාකාරී තත්ත්වයන් කෙරෙහි විමසිලිමත්ව පර්යේෂණයේ යෙදෙන්නකුට දැක ගත හැකිය.
එබඳු සංසිද්ධි බොහෝ විට විපාක දීමට වැඩි ඈතකට නොයයි. තමා කරන අකුසල කර්ම හෝ කුසල කර්මවල හෝ විපාක මෙලොව දීම ලැබෙන අවස්ථා තිබේ. ඒ දවස්වල දකුණේ මිනිසුන් වෙළෙඳාම සඳහා තලවාකැලේ යාම සිරිතකි. එක්තරා පුද්ගලයෙක් තලවාකැලේ වෙළෙඳාම සඳහා පිටත්ව ගියේය. ටික දවසක් වෙළෙඳාම කරගෙන යන විට තලවාකැලේ ප්‍රදේශයේ වෙළහෙළඳාම්  කිරීම එතරම් අපහසු නොවන බව ඔහුගේ කපටි මොළයට වැටහී ගියේය. අද තරම් සංකීර්ණ නොවු තලවාකැලේ ණයට දීම යහමින් කරගෙන ගියේය. මාසේ අන්තිමේදී වතුවලින් ලැබෙන මුදලින් ණය ගෙවීම සිදුවෙයි. වතුවල වැඩ කරන මිනිසුන්ටද එම ණය දීම මහත් අස්වැසිල්ලකි.
වෙළෙඳාමට සිය කපටි මොළය එකතු කළ මේ වෙළෙන්ඳා විසින් මාසේ අන්තිමේදී ණය මුදල් එකතු කිරීමේදී එයිනුත් වංචා කරනු ලැබීමය. දවස පුරා වතුවල වැඩ කරන අහිංසක මිනිසුන්ගෙන් ඔහු විසින් මුදල් සූරා කනු ලැබුවේ එසේය. මුදල් එකතු කරන විට දිනයත් එම මුදලටම එකතු කරනවා යයි ඇතැම්හු කට කතා කීහ. ආර්ථික අතින් අග හිඟයක් ඔහුට තිබුණේ නැත. දවසින් දවස ඉහළ ගියේය. ඉතා පිරිසිදුව ඇන්දේය. ඒ දවස්වල හොඳම සරල ලෙස ප්‍රකටම පැවති ඉන්දියන් පලයකාට් සරම ඔහු නිතර ඇන්දේය. ඉහළම ඉස්තරම් විදිහට ඇන්දේය, පැලැන්දේය. ගමේ ආපසුව ඔහු විසින් කටයුතු කරනු ලැබුවේය. දන්පින්ද කරනු ලැබීය. ඒත් කාලයක් ගතවනවිට කර්මය විපාක දෙන්නට විය. හේ වෙළෙඳාම අතහැර ගමට ආවේය. තනියම දොඩවන්නට විය. ගමේ කඩපිල්වල වාඩි වී තේ කහට බොමින් විකාර කියවන්නට විය. ඔහු සිටි සමාජ තත්ත්වය අනුව මෙසේ පහතට වැටීම ගැන මිනිස්සු පුදුම වූහ. කඩපිල්වල වාඩිවී කාලය ගත කරන්නට පුරුදු විය. එදා හරිම පිරිසිදුව  ඉහළම වර්ගයේ ඇඳුම් පැලඳුම් ඇන්ද ඔහු කිලිටු ඇඳුම් අඳින්නට විය. එදා ඉස්තරම්ම ඉන්දියන් සරම ඇඳගෙන ගමේ උජාරු ලීලාවෙන් එහා මෙහා ගිය, නිතරම අතේ ඔරලෝසුව බැඳගෙන සිටි ඔහු මෙදා අඳින කිළිටි ම වස්ත්‍රය දකින මිනිස්සු “හොර වෙළෙඳාමේ පව පඬිසන් දෙනවායි” කීහ. බිරිඳද වෙන්ම තනිව සිටියාය. දරුවන්ද ඉඩකඩම් බෙදා ගැනීමට නඩුහබ වලට ගොස් වැනසුනාහ. එදා අසාධාරණ ලෙස වෙළෙඳාම් කිරීමෙන් ලැබූ මුදලින් හරිහම්බ කරගත් දේපළ ඔහේ නාස්ති වී ගියේය. එදා ඉස්තරම්ම සරම අඳිමින් ඉහළ පන්නයේ ඇඳුම් පැලඳුම් අදිමින් කටයුතු කළ කාලය නිමාවී අපිරිසිදු ලෙස අඳින්නට හුරුපුරුදු විය. එදා ධනයෙන් මත්ව උජාරුලීලාවෙන් ඇවිද ගිය මග තොට මෙදා උමතු ලෙස සමාජ ගැරහුම් ලබමින් ඇවිද ගියේය. එදා අනුභව කළ රස මසවුළු වෙනුවට මෙදා කඩපිලේ අහක දමන කෑම කුණු බක්කියෙන් අරගෙන කන්නට විය. ඩයගම පොඩි මහත්තයාට මෙලොවදීම කර්මය පලදුන් හැටි ගම්මානයේ ප්‍රකට විය.
වෙළෙඳාමෙන් හරිහම්බ කළ ඇතැම්හු කන්නෙත් නැති දෙන්නෙත් නැති මසුරු තත්ත්වයට පත්ව කර්ම විපාක විඳිති. ඇතැම්හු තමන්ට ලැබී ඇති කර්ම විපාකය ගැන වැටහීමක් තිබේ. මේ මගේ කර්මය පලදෙනවා යයිද, පෙරකළ කර්මවල විපාක යයිද ඔවුහු කියති. ඇතැම්හු තමන්ට විපාක දෙන කර්මය කර්මඵල ලෙස නොදනිති. එනිසාම එය තමන් තමන්ගේ කැමැත්ත අනුව කරන වැඩ ලෙස ඔහුට පෙනෙයි. ඔහු කිසියම් කර්මයක විපාක විඳින බව තේරුම් ගන්නේ අසල්වාසීන්ය. ඇතැම් කර්ම විපාක විඳින්නෝ එය තමාගේ කැමැත්ත යයි කියමින් කටයුතු කරති. ඇතැම්විට ඔහු ගත කරන ජීවිතය කර්ම විපාකය විසින් මෙහෙයවන ලද්දකැයි කල්පනා නොකිරීමද එක්තරා, කර්ම විපාකයකි.
එක්තරා මනුස්සයෙක් සිටියේය. ඔහු වෙළෙඳාමෙහි රුසියෙකි. ඔහු විසින් වෙළෙඳාම ආරම්භ කරනු ලැබුවේ ඉඩමේ තිබු පුවක්ගස්වල ගෙඩි ටික කඩා විකිණිමෙනි. වෙළෙඳාම ක්‍රමයෙන් දියුණු විය. පසුව ගමේම පුවක් එකතු කර කොළඹට තොග වශයෙන් පටවනු ලැබීය. කාලයක් තිස්සේ කරගෙන ගිය වෙළෙඳාම සඳහා වෙනත් විවිධ අංගද එකතු විය. ඔහු මහා සල්ලිකාරයකු විය. ඒ දවස්වල ගමේ ඔහු හැඳින්වුයේ පුවක් මුදලාලි කියාය. සත්ගුණවත් පුවක් මුදලාලියයි පන්සලේ හාමුදුරුවෝ කීය. කෙනෙකුගේ නමට මුදලාලි යන නම එකතු වීම ඒ දවස්වල සැලකුවේ ඉහළම නම්බු නාමයක් ලෙසය. දනට පිනටද, ගෙදර දොරටද, සමාජ යුතුකම්වලටද කැමැත්තෙන් ධනය පරිත්‍යාග කළද පුවක් මුදලාලි කවදාවත් හරියට කටට රහට කෑම වේලක් කැවේ නැත. ගෙදර කොතරම් රසට කෑම හැදුණත් ඔහු ඉතා සුළුදෙයකින් සප්පායම් වී බුලත් විටක් කටේ හලා ගනියි. කොතරම් මිල මුදල් තිබුණත් හැමදාමත් ඇන්දේ පරණ සරමයි, බැනියමයි පමණි. අවුරුද්දකට වතාවක් හෝ එය මාරු නොවෙයි. හැමදාමත් වාඩි වී ඉන්නේ එකම ඇඳි පුටුවේය. පරණ පඬික්කම හැමදාමත් බුලත් කෙල වලින් පිරී දුගඳ හමයි. එය ඉවත් කිරීමට ඔහු ඉඩ දෙන්නේ නැත. ගිරය අතේ තබාගෙන හැම වේලාවේම පුවක් ගෙඩියක් කැපීමත් ඔහුගේ සිරිතය. හොඳට පැහුණේ නැති ළා පුවක් ගම්වල හඳුන්වනු ලබන්නේ ගොලෑ යන නමිනි. පුවක් මුදලාලිගේ රසවත්ම ආහාරය වන්නේ ගොලෑ පුවක් සහ යාපනේ දුම්කොළ කටේ දමාගෙන හප හපා ඉඳීමය.

m191