සිරියානු සටන් විරාමය පෙබරවාරි 27වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට..

ඇමරිකාව හා රුසියාව අතර එකගතාවයට පැමිණි සිරියාවේ විරසකයන් අත්හැරීම සඳහා කොන්දේසි මාලාව ප‍්‍රකාරව පෙබරවාරි 27වනදා සිට සිරියාවේ සටන් විරාමයක් ක‍්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

මෙම කොන්දේසි මාලාවට අනුව එයට එකගතාවය පළ කරන  ඕනෑම කණ්ඩායමකට සටන් විරාමය බලපවත්වනු ඇත.

එහෙත් ISIS අල් නුස්රා සහ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය විසින් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන පාර්ශ්වයන්ට සටන් විරාමය අදාළ නොවනු ඇතැයි පැවසේ.

පෙබරවාරි 26වනදා සිරියානු වේලාවෙන් මධ්‍යම රාත‍්‍රියේ සිට සටන් විරාමය ක‍්‍රියාත්මක වනු ඇති අතර විරසකයන් අත්හැරීමේ කොන්දේසි සඳහා එකගතාවය පළ කරන කණ්ඩායම් ඒ පිළිබඳව 26වනදා මධ්‍යහ්න 12ට පෙර දැනුම් දිය යුතුව පවතී.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හා ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා දුරකථනය හරහා අදහස් හුවමාරු කරගෙන ඇති අතර සාකච්ඡවන්හි ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාම සතුට පළ කර තිබේ.

සටන් විරාමය පවතින කාලසීමාව අතරතුර ඇමරිකාව හා රුසියාව අතර ක්‍ෂණික සන්නිවේදන මාර්ගයක් විවෘතව තැබෙනු ඇති අතර ඇතැම් විට මෙහෙයුම් කමිටුවක්ද ස්ථාපිත කරනු ඇතැයි පැවසේ.

දෙපාර්ශ්වය විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුව ජාත්‍යන්තර සිරියානු සහයක කණ්ඩායමේ සටන් විරාම කාර්යසාධක බලකායක් පිහිටුවනු ඇති අතර එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙහෙයවෙනු ඇත.

gg