ෆොන්සේකාගේ වාසනාව රටේම අවාසනාව වුනේ මෙහෙමයි

එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු වරම් ලබාගත් සරත් ෆොන්සේකා අද25 ප්‍රාදේශීය සංවර්ධන කෑබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි.

ඉඩම් අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් සිදු වු පුරප්පාඩුව වෙනුවෙන් ෆොන්සේකාව පාර්ලිමේන්තුවට පත් කෙරුනේ. ඒ එක්සත් ජාතික පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර ඈති කර ගත් එකගතා ගිවිසුමකට අනුවයි.

සරත් ෆොන්සේකා හට පාර්ලිමේන්තු අසුන ලබාදීම සම්බන්ධයෙන් බොහෝ දෙනා තම අප්‍රසාදය පල කර තිබුණා. ඒ ඔහු මේ දේශපාලණයට නුසුදුසු බව පවසමින්. සරත් ෆොන්සේකාව පසුගිය මෑතිවරණයේ ජනතාව විසින්ද ප්‍රතික්ශේප කර තිබුනා.

අද ෆොන්සේකාට වාසනාව උදාවුනත් එය රටටම අසුබ පෙර නිමිත්තක් බවට සලකුනු පෙන්නුම් කලේ සියලු දෙනා පුදුමයට පත් කරමින් . අද දිවයින පුරාම විදුලිය බිද වෑටීමක් සිදු වුනේ හරියට සරත් ෆොන්සේකා දිවුරුම් දුන් අවස්තාවේදීයි.සියලු දෙනා පුදුමයට පත් කරමින් සිදුවුන මේ විදුලිය බිද වෑටීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද(25)රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතව තියනවා.

මේ වගේ හදිසි විදුලිය බිද වෑටීමක් සිදුවුන මොහොතක ක්‍රියාත්මක වීමට තිබු විදුලි සෑපයුම් ක්‍රියාත්මක නොවීම පිළිබදව ජනාධිපතිතුමා පවා පුදුමයට පත් වෙලා තියනවා.සරත් ෆොන්සේකා දිවුරුම් දීම සිදු කලේත් රාහු කාලය අද දිනයට උදාවෙන මොහොතේ. මේ සියලු සිදුවීම් දිහා බලපු අය කිව්වේ නම් ෆොන්සේකාගේ නරක කාලය උදාවී ඈතිබවයි. අද කොළබ අහස පුරා දකින්න තිබුනේත් දෑඩි අදුරු ගතියක්.

b