තෙවන මාරකය අඝාතයයි

වර්තමානයේ මෙරට සිදුවන මරණවලට බලපාන තෙවන ප්‍රධානතම සාධකය ආඝාතය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා පවසයි.

ජාතික ආඝාත දිනයට සමගාමිව ශ්‍රී ලංකා ආඝාත සංගමය විසින් සංවිධානය කළ බෝ නොවන රෝග පිළිබඳ  පා ගමනකට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව පවසා තිබේ.

බෝ නොවන රෝග වන හෘද රෝග, ආඝාතය, දියවැඩියාව සහ දිගුකල් පවතින ස්වසන මාර්ගයේ ආබාධ අතර ආඝාතය ප්‍රධාන තැනක් ගන්නා බව වෛද්‍යවරයා එහිදී පවසා ඇත.

මේදය, සීනි සහ අධික ලුණු සහිත ආහාර ගැනීම අවම කිරීම, ව්‍යායාම කිරීම සහ දුම්වැටි සහ මත්පැන් භාවිතයෙන් වැළකීම තුළින් මෙම බෝ නොවන රෝග වළක්වා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

hh