‍පෝට් සිටි ගිවිසුම නව මුහුණුවරකින්

මහත් ආන්දෝලනයට තුඩුදුන් චීන ශ්‍රී ලංකා ‍පෝට් සිටි ගිවිසුම හෙවත් වරාය නගර ගිවිසුම සම්පූර්ණයෙන් සංශෝධනය කර යළි අත්සන් කිරීමට රජය තීරණය කර ඇත.ඒ අනුව වරාය නගර ගිවිසුම යළි සකස් කිරීම සඳහා ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මේ සතියේදී චීනය බලා පිටත්ව යාමට නියමිතය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන අප්‍රේල් මස මුල සතියේදී චීනයේ කරන සංචාරය අතරවාරයේදී සංශෝධිත නව ‍පෝට් සිටි ගිවිසුමට අත්සන් තැබෙනු ඇතැයි රජයේ ප්‍රකාශකයෙකු කීවේය. දැනට ඇති ගිවිසුම අනුව හෙක්ටයාර විස්සක සින්නක්කර අයිතිය චීනයට හිමිවේ. චීනයට තනි ඉඩම් අයිතියක් හිමි නොවන ආකාරයේ සංශෝධනයක් සහිතව නව ගිවිසුමට අත්සන් තබනු ඇතැයිද එම ප්‍රකාශකයා පැවැසීය.
චීනය සමග යළි අත්සන් කරන ‍පෝට් සිටි ගිවිසුම මෙරට පරිසර සංවිධාන ඇතුළු සියලු පාර්ශ්වයන් වෙතින් ගත් යෝජනා පදනම් කර ගනිමින් සැකසුන බව ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම ප්‍රකාශ කළේය.

y