හොඳම නළුවා ලියනාඩො ඩිකැප්‍රියෝ

සිය රංගන දිවියේ පළමු වතාවට ඔස්කා ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සුපිරි නළු ලියනාඩො ඩිකැප්‍රියෝ සමත් විය.

ද රිවෙනන්ට් (The Revenant) චිත්‍රපටයෙ ඔහුගේ රංගනය වෙනුවෙන් මෙම සම්මානය ඩිකැප්‍රි්‍යෝ දිනාගන්නා ලදී.

ඔස්කා සම්මාන උළෙලේ හය වතාවක් හොඳම නළුවා සම්මානය ඔහු නිර්දේශ වුවත් එහිදී කිසිඳු අවස්ථාවක ඔහට එම සම්මානය හිමිකර ගැනීමට නොහැකිවිය.

ලෝක ප්‍රකට සිනාමා කෘති කිහිපයට දායකත්වය ලබාදී ඇති ඩිකැප්‍රයෝ ටයිටැනික් චිත්‍රපටයේ ජැක් ලෙස රඟපෑවේද ඔහුය.

1974 වසරේ ඇමෙර්කාවේ උපත ලද ඩිකැප්‍රි යෝ ලෝකයේ ප්‍රමුඛ පෙළේ සම්මාන 40කින් පමණ පිදුම් ලබා තිබේ.

ඔස්කා සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ Room චිත්‍රපටයේ බ්රේ ලාසොන්ය.

 

k