තම බිරිඳ මිහිදන් කළ දා සිට ඇගේ තනියට සොහොනේ රැය පහන් කරන මිනිසා

27-pg20d--taks-pgs   tutujguj

කිසිවක් බලාපොරොත්තු නොවී කරන යහපත් වැඩ පින් හැටියටද, කිසිවක් බලාපොරොත්තුවෙන් කරන යහපත් වැඩ හුවමාරු ලෙසද අර්ථකථනය කළ හැකිය. යහපත් ක්‍රියාවක් වුවද පින්කමක් බවට පත්වෙන්නේ එම ක්‍රියාව සඳහා බලපාන චේතනාවේ ස්වභාවය මතයි. එහි වෙනස තේරුම් බේරුම් කර ගැනීමට ඉතා සියුම්ව සහ බුද්ධිමත්ව සිහිකටයුතුය.

 

 

අපේ සමාජයේ බොහෝවිට මිතුරන් ඇසුරු කොට පසුව විරසක වන අවස්ථා දක්නට ලැබේ. අමනාප වී තම මිත්‍රයාට පමණක් නොව සමස්ත සමාජයටම දොස් නගති. ඇතැම් විට එසේ සමස්ත සාමජයටම දොස් නගන්නේ කුමන හේතුවක් නිසාදැයි අධ්‍යයනය කර බලන විට පෙනෙන්නේ ඔහුගේද කිසියම් අඩුපාඩුවක් එබඳු තැන්වල පවතින බවයි. මිත්‍රත්වය එකකි. මිත්‍රයා අනවශ්‍ය පරිදි විස්වාස කිරීම අනිකකි. අනුවණ බව හෝ දැඩි හෘදය කම්පාවීම නිසා තමා කළ උදව්වට මිත්‍රයා ප්‍රති උපකාර නොකීරීම අනිකකි. එබඳු කිසිවක් සිද්ධ වූ විට සමස්ත සමාජයෙන්ම පළිගැනීම සඳහා වෛරී චේතනාව පෙරදැරි කර ගන්නා බොහෝ අය සමාජයේ දක්නට ලැබේ. එබදු අවස්ථා විවිධ මානසිකත්ව ලෙස දැකිය යුතුය.

SLTK_10.qxd
පින්කම් සහ හුවමාරු අතර වෙනසක් තිබේ. හුවමාරු ක්‍රමය සමාජයක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වුවද, හුවමාරුව යනු පින්කම නොවේ. කිසිවක් බලාපොරොත්තුවෙන් සමාජයට, පුද්ගලයකුට කරන උපකාරය පින්කමක් හැටියට ධර්මයේ අර්ථකථනය නොවේ. චේතනාව හා ක්‍රියාව යහපත් වූ එකත් වුවද තම ක්‍රියාව වෙනුවෙන් තමන් කිසිවක් බලාපොරොත්තු වීම ඒ ක්‍රියාවේ පුණ්‍ය බව වළකාලයි. කිසිවක් බලාපොරොත්තු නොවී කරන යහපත් වැඩ පින් හැටියටද, කිසිවක් බලාපොරොත්තුවෙන් කරන යහපත් වැඩ හුවමාරු ලෙසද අර්ථකථනය කළ හැකිය. යහපත් ක්‍රියාවක් වුවද පින්කමක් බවට පත්වෙන්නේ එම ක්‍රියාව සඳහා බලපාන චේතනාවේ ස්වභාවය මතයි. එහි වෙනස තේරුම් බේරුම් කර ගැනීමට ඉතා සියුම්ව සහ බුද්ධිමත්ව සිහිකටයුතුය.
හුවමාරු ක්‍රමය පුද්ගල පැවැත්ම සඳහා අවශ්‍ය වර්තමානයේ හුවමාරු ක්‍රමය මිනිසා තුළින් ඈත්වී යන බවද එය වානිජ පරමාර්ථ මත ආයතන විසින් පැහැර ගනු ලැබ ඇති බවද පෙනෙයි. (පිනසන කුසලය අතර ධර්මමය විග්‍රහය අනුව වෙනසක් තිබේ. සමාජ වහරේ පින සහ කුසලය යන වචන දෙකම එක අදහසින් භාවිත වේ. මෙහි ඒ වචන භාවිත කරනු ලබන්නේ එම අදහසින්ය.)
අපේ සමාජයේ මිනිසා පින සහ හුවමරුව තරමක් දුරට පටලවා ගෙන ඇති බවක් දක්නට ලැබේ. එසේ කිරීම ධර්මය වැරැදි විදිහට අල්ලා ගැනීමකි. ධර්මයේ කරන යම් යම් අදහස්වල අර්ථ ථෙරවාදී සම්ප්‍රදායට අනුව අටුවාවල විස්තර කර තිබේ. යමක් පිළිගැනීමේදී ඒ අනුව එය තේරුම් බේරුම් කර ගැනීම විනා තමාට වැටහෙන අයුරින් කරන්නට යාම ධර්මය වැරැදි ලෙස අල්ලා ගැනීමක් විය හැකිය. එනිසාම ධර්මය තමාට වැටහෙන  අයුරින්ම පමණක් හෝ තමන්ට ලාභදායි ලෙස හෝ තේරුම් බේරුම් කර ගන්නට යාම ඇතැම්විට මුළාවේ  වැටීමට හේතුවකි. අප මුලින් සඳහන් කරගෙන ආ කාරණය එනම් තම චින්තනයේ කිසියම් දුර්වලතාවක් එනම් ධර්මය සාවද්‍ය ලෙස තේරුම් ගැනීම නිසා පොදු සමාජයට ප්‍රහාරයක් වශයෙන් එල්ලකරන අවස්ථා පැහැදිළිවන්නත් එක්ක සද්ධර්මාලංකාරයේ එන චෞර මිත්‍ර වස්තුව දැක්විය හැකිය.
එක්තරා මිනිසෙන් සිටියේය. කිසිදු ශිල්ප ශාස්ත්‍රයක් නොහදල ඔහු ඔහේ කාලය ගත කළේය. කන්න බොන්න අවශ්‍ය දෙය පවා අනුන්ගෙන් ඉල්ලා ගත්තේය. හේ පසුව ඒ ගම අතහැර දමා වෙනත් ගමකට ගියේය. ඒ ගමේ ගෙවල් බිඳ හොරකම් කරමින් යහමින් ජීවත් විය. රාජ පුරුෂයෝ සොරා කවුදැයි දැන අල්ලා රජතුමාට ඉදිරිපත් කළහ. කළ වරදේ ප්‍රමාණයට දඟගෙට නියම විය. හේ දොළොස් අවුරුද්දක් හිරබත් කමින් දුර්භෝජන දුක්ඛ සෙය්‍යාවෙන් හිරගෙය තුළ ගත කළේය. ශරීරයද දුක්ඛිත බවට පත්විය. දවසක් සිරගෙය බලන්නට ආ අවංක මිනිසෙක් මේ සිරගෙය තුළ සිටි මිනිසා අඳුනා ගත්තේය. ඔබ කුමක් නිසා හිරදඬුවම් විඳින්නේදැයි විමසූවිට කාරණාව පැහැදිලි කරනු අසා හේ බෙහෙවින් දුක් විය. ඔබ හිරගෙදරින් නිදහස් කර ගැනීම වෙනුවෙන් මට කළ හැකි කිසිවක් තිබේදැයි විමසා සිටියේය. එවිට ඔහු මෙසේ කියයි.
“එම්බා යහළුව, හිරගෙය වසන්නා වූ මට දැන් දොළොස් අවුරුද්දක් අතික්‍රාන්ත විය. මේ කාලය තුළ දුර්භෝජන දියෙන් බොහෝ දුක් විඳිමි. එසේ එයින් මා ආහාර සොයා ගෙන බඩ පුරා අනුභව කොටපියා නැවතත් එන පරිද්දෙන් මේ සිරගෙයින් මිදී යන උපායක් සිතව” යනුවෙනි. එවිට තම මිතුරාගේ වචන අසා ඒ පිළිබඳව දැඩිසේ දුකට පත් අනිකා මෙසේ සිතයි.
“මේ ලෝකයේ කෙනෙකුට අනංගයා හා සමාන රූපකායක් තිබුණත් ආචාර ගුණධර්ම නොමැති නම් ඒ රූපයෙන් කවර ප්‍රයෝජනයක්ද? කෙනෙකුට බ්‍රහස්පතී හා සමාන ප්‍රඥාවක් තිබුණත් ඒ නුවණින් කරන්නේ සොරකම් නම් ඒ නුවණින් ප්‍රයෝජන කවරේද? මහා ධනවතෙක් උණත් ඒ ධනයෙන් කිසිවක් දුගියෙකුටවත් නොදෙන්නේ නම් ඒ ධනයෙන් ඇති ප්‍රයෝජන කවරේද? කෙනෙකු තම මිතුරාට විපතක් වූ කල්හි උපකාර නොකොට පිටුපා යන්නේ නම් ඒ මිතුරුකමින් ඇති ප්‍රයෝජන කවරේද යනාදී වශයෙන් සිතා හිරගේ රකින්නා වෙතට ගොස් තම මිතුරා වෙනුවෙන් කතාකොට හිර ගෙයින් එළියට ගොස් ආයෙත් පැමිණීමේ අවශ්‍යතාව පැහැදිලි කළේය. හිරපල්ලා එයට කැමති නොවීය. ඔහු කීවේ මිතුරා වෙනුවෙන් ඔබ සිරගෙට යන්නට කැමති නම් පමණක් උදවුවක් ලෙස එය කළ හැකි බවයි. මිතුරාගේ බැගෑපත් ඉල්ලීම මත මිතුරා එළියට ගොස් කා බී, නැවත එනවා යයි කියන වචනය මත හේ හිර ගෙට ගියේය. මිතුරා එළියට ආවේය. හිරගෙයින් නික්ම ගිය මිතුරා අද එයි. හෙට එයි, යයි හිත හිතා සිටියද ඔහු ආපසු හිරගෙය පළාතකට වත් ආවේ නැත. තම මිතුරා වෙනුවෙන් හිරබත් කන්නට ඔහුට සිදුවිය.
අවුරුදු දොළහක්ම ගතවිය. ඒත් මිතුරා පැමිණියේ නැත. රටේ රජතුමාට පුත් කුමරෙක් ලැබීමේ ප්‍රීතිය වෙනුවෙන් සුළුවරද කළ සිරකරුවන් කිහිප දෙනෙක් නිදහස් කරනු ලැබීය. ඒ අනුව මොහුටත් නිදහස ලැබිණි. අවුරුදු දොළහකට පසු එළියට බැස්ස පසු යන්නට තැනක් නොමැති බව ඔහුට වැටහිණි. හේ අඳුරු වැටෙනතුරු හිරගේ අසලම සිට කුසගිනි නිවාගනු පිණිස අමුසොහොනකට ගියේය. අමුසොහොනේ පරණහිස් කබලක් අරගෙන අලුත් මළමිනියකින් මස් කපා, දැවූ සොහොන් පෙනෙල්ලකින් ගින්දර ගෙන ළිපක් සදා ළිප තැබීය. තම ඇඳුම උනා කොළ අතු ඇද තම ඇඳුම අවටින් එන සුළඟ නොවදින සේ වටකොට බැන්දේය. මෙසේ කොට මිනී මස් පිසින්නට විය.
මිතුරා වෙනුවෙන් තමා කළ උපකාරයට මිතුරාගෙන් එබඳු ප්‍රති උපකාරයක් නොලැබීම ඔහුගේ උදහසට හේතු විය. තමා කිසිවක් බලාපොරොත්තුවෙන් උදව් උපකාර කරන්නට යාම එතරම් සුදුසු නැත. එසේම කළ යුත්තේ පෙරළා කළහැකි උපකාරයකි. තමාගේද කිසියම් අඩුපාඩුවන් පවතින විට ඒ පිළිබඳව සමස්ත සමාජයම ප්‍රතික්‍ෂේප කරන්නට යාම බුදු දහමට අනුගත වූවක්ද? අගතිගාමි සිතුවිලි අගතිගාමි මානසිකත්ව ඇති කරයි. එබඳු අවස්ථා සමාජයේ දෝෂ හැටියට වර්ග කිරීම සුදුසු නැත. එයට හේතුව තමා තුළද කිසියම් දුර්වල මානසිකත්වයක් පැවතීමයි. අනුකම්පාව යනු එකකි. අනුන්ට  අහුවීම යනු අනිකකි. මේවා යම් යම් සිද්ධි දෙස ඒ ඒ පුද්ගලයන් බලනු ලබන දෘෂ්ටි කෝණයි. තම මිතුරා එළියට ගොස් එනතුරු ඒ වෙනුවෙන් සිරගෙට ගියේ හිතේ ජනිත අනුකම්පාව නිසා යයි කෙනෙකුට කිව හැකිය. මිතුරාට ඉටු කළ නොහැකි උදව් කොට එයට ප්‍රතිඋපකාර බලාපොරොත්තුව සිට අනුකම්පාව භූමිකම්පාවක් බවට පත්වූවායයි කෙනෙකු තර්ක කළ හැකිය. කරුණු කෙසේ වුවද මිනිස් සමාජයෙන් ඈත්ව සොහොනක ජීවත්වීම කිසියම් මානසික තත්ත්වයකි.
මම එක්තරා ධර්මදේශනයක් සඳහා නිවසකට වැඩම කළෙමි. මරණට පත්වී තිබුණේ බිරිඳයි. ඇය මරණයට පත්වන විට වයස හැත්තෑ දෙකක් ඉක්මවා තිබිණි. ධර්ම දේශනය පැවැත්වූයේ ඇගේ මරණයෙන් තුන් මාසයක් ගතවීමේ පින්කම වෙනුවෙනි. ජීවත්ව සිටි වයස හැත්තෑ අටක් වන සැමියා මා අමතා කීවේ, දෙදෙනා ඉතා සතුටින්, අවබෝධයෙන් තම විවාහ ජීවිතය ගත කළ බවයි. එනිසාම ඇය අමතක කළ නොහැකි බවයි. බිරිඳ භූමදානය කළදා සිට සැමියා රාත්‍රිය පහන් කරන්නේ එම සොහොන උඩය. ඔහු කියන්නේ ඒ තමා සංසාරේ බැඳීම අනුව සිදුවන දෙයක්ය කියාය.
මැරුණු අය සමග එකට ජීවත්වීමට යනවානම් හෝ තමා සමග මැරුණු අය ජීවත්වනවා සේ දැනෙනවා නම් හෝ පෙනෙනවා නම් හෝ එය කිසියම් අශුභ මානසික තත්ත්වයක් බවද බුදුදහමේ කිසිදු තැනක එබඳු ඉගැන්වීමක් නොමැති බවද ධර්මදේශනයේදී පැහැදිලි කර දුනිමි. මළවුන් කතා කරන බව තමාට දැනේනම් වහාම ප්‍රතිකාර ගත යුතු රෝගී තත්ත්වයකි.

m19121