වඳවී යන සතුන් 5ක් සංරක්ෂණයට නම් කරනවා

සීඝ්‍රයෙන් වඳවී යන සතුන් 05 දෙනෙකු සංරක්ෂණය සඳහා නම් කිරීමට පියවර ගන්නා බව තිරසාර සංවර්ධන හා වනජිවි වැඩබලන ඇමතිනි සුමේධා ජී ජනසේන මහත්මිය පවසයි.

අමාත්‍යවරිය සඳහන් කළේ උණහපුළුවා, කළුවඳුරා, කැබැල්ලෑවා, අශෝකපෙතියා සහ ගේ කුරුල්ලා සංරක්ෂණය කළයුතු සතුන් බවට හඳුන්වාදීමට නියමිත බවයි.

ලෝක වනජීවි දිනය වෙනුවෙන් උඩවලව ජාතික වනෝද්‍යානයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබේ.

ගොඩබිම මෙන්ම සාගරයේ සිටින තල්මසුන්, ඩොල්ෆින් වැනි සත්වයින් ආරක්ෂා කර ගැනීමට ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව සඳහන් කළ අමාත්‍යවරිය හික්කඩුව ඇතුළු ස්වභාවික කොරල්පර සංරක්ෂණය කිරීමට ද පියවර ගෙන ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

u