වැඩිහිටියන් බලු කූඩුවලට දමන රෝගය හඳුනාගනිමු

වැ‍ලේ ගෙඩි වැලට බරක් නොවන බව රටේ ප්‍රචලිත අදහසට කතානායකයින් වූයේ දෙමාපියන්ය. සිය දූ දරුවන් බරක් ලෙස නොසැලකූ මේ දෙමාපියන්ගෙන් යම් පිරිසක් අද කුකුල් කූඩුවක, බලු කූඩුවක රැඳවුම්කරුවන් කාරියන් වන ආකාරය විද්‍යුත් මාධ්‍යයේද, මුද්‍රිත මාධ්‍යයේද, නිරූපණ හා ප්‍රති නිරූපණ බවට පත්වන්නේ නිරන්තරයෙනි.

අදාළ සිදුවීම් වරදක් සදාචාරාත්මක නොවන ක්‍රියාවන් ලෙස නීතියේ රැහැනට හසුවූ පසු දූ පුතුන් පණදෙන්නේ විත්තිකරුවන්ගේ, විත්තිකාරියන්ගේ භූමිකාවටය. ‍පොලිස් අත්අඩංගුවටද, එතනින් අධිකරණයටද, රිමාන්ඩ් බන්ධනාගාරයටද යොමුවුණ මේ විත්තිකරුවන්, විත්තිකාරියන් දෙස රටේ පාඨක, ශ්‍රාවක සමාජය බොහෝ විට නෙත් හෙළන්නේ ජුගුප්සාජනක හැඟීමෙන් යුතුවය.
මාර දූදරුවන් හෝ මාර පුත්‍රයින් ලෙස සමාජයට දර්ශනය වන මේ විත්තිකරුවන්, විත්තිකාරියන් සිය නිදහසට දක්වන කරුණු එක් සිද්ධියකින් සිද්ධියකට වෙනස් වන්නේද නැත. සිය මහලු පියා හෝ මව සිහිකල්පනාවෙන් තොර බවද, තැන නොතැන නොබලා මළ මුත්‍ර පහ කරන බව ද, ඉබාගාතේ ඇවිදින බවද, ඇඳුම පැළඳුම විටෙක අවශ්‍යතාවයක් ලෙස නොසලකන බවද ප්‍රකාශ වන්නේ මේ දූ දරුවන්ගෙන්ය. එහිදී ඔවුන් හෙළි කොට සිටින්නේ ෙදෙනික ජීවිතයේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කළ යුතු රැකියාව හෝ ව්‍යාපාරය අත්හල නොහැකි හෙයින් සිය මව හෝ පියා කූඩුවේ රැඳවීමට සිදුවූ බවකි.
කූඩුගත වූ වැඩිහිටියන් පිළිබඳව එලෙස පළවන හැසිරීම් ලක්ෂණවලට අනුරූපව ලැබෙන්නේ, වර්තමාන සමාජයේ එතරම් දුලබ නොවන එක් රෝග විනිශ්චයකි. ‘ඩිමෙන්ෂියාව’  හෙවත් සිහි මඳ ස්වභාවය ලෙස බොහෝ අය මේ නමින් හඳුනා ඇති මේ රෝග තත්ත්වය සැලකෙන්නේ මතකයේද, සිතන ආකාරයේද, හැසිරීමේද, එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් පවත්වා ගැනීමේ හැකියාවේද දුර්වලතාවයකට හේතුකාරකයක් වශයෙනි. ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන මේ දුර්වලතාවයන් මොළයට හෙවත් මෂ්තිෂ්කයට බලපවත්වනු ලබන රෝග ස්වභාවයන් කිහිපයකින් එකක ප්‍රතිඵලයකි.
මතකය අඩුවීම පමණක්ම ඩිමෙන්ෂියා රෝග තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස සැලකෙන්නේ නැත. ඒ වයසින් ඉහළට යාමේදී මතකය යම් පමණකින් පහළට යාම ඇතැමෙකුට ස්වභාවිකවද සිදුවිය හැකි බැවිනි. එහෙත් ඩිමෙන්ෂියාවේදී යම් කිසිවකු පත්වන්නේ මතකයේ දැඩි ක්ෂය වීමක්ද සහිතව සිය දිවි පෙවතෛහි මහත් වූ ගැටලුකාරී ස්වභාවයකටය. තීරණ ගැනීම අපහසුකාරීවීමද, වචන ගළපා ගැනීම අසීරුවීමද, වෙනදා කළ බොහෝ කාර්යයන් සිදු කිරීමට නොහැකිවීමද ජීවත්වීම අභියෝගයට ලක් කරන එවැනි දුර්වලතාවයන්ගෙන් කිහිපයකි.
ඩිමෙන්ෂියාවට ගොදුරු වූ වැඩිහිටියන්ට තමන් මේ තත්ත්වයට පත්ව ඇති බවට හාංකවිසියක්වත් නැත. මේ වැඩිහිටියන්ගේ දූ දරුවන්ද සිය මවගේ හෝ පියාගේ මානසික වෙනසේ සැබෑ ස්වරූපය හෝ හේතුකාරකය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නැත. එහෙයින්ම එදා කවා ‍පොවා තමන් ඇතිදැඩි කළ ඔවා දෙවා ජීවිතය හැඩ කළ දෙමාපියන් උදේ හවා මෙදා දකින්නේ කරදරකාරයින් ලෙසටය. රොස් පරොස් බස්ද නිරන්තරයෙන්ම රැස් වන්නේ නොරිස්සුමෙන් පරෙස්සම් කොට ගත නොහැකි නිවසේ හරි හරියටය. අවසානයේ මේ වැඩිහිටි මව්වරුන් පියවරුන් බලු හෝ කුකුල් කූඩුගත වන්නේ කාට කාටත් පාලනය කොට ගත නොහැකි තත්ත්වයකට අනුරූපව ගොඩනැගෙන විකල්ප විසඳුම හැටියටය.
ලෝකයේ ඩිමෙන්ෂියාවට ලක්වූ වැඩිහිටියන්ගේ සංඛ්‍යාව 2015දී ඇස්තමේන්තුගත වූයේ මිලියන 47.5ක් වශයෙනි. අදාළ සංඛ්‍යාවෙන් සියයට 58ක ප්‍රතිශතයකට වගකියන්නේ අපද ඇතුළත්, අඩු හා මධ්‍යම ආදායම් සහිත රටවල්ය. වසරකට මෙලෙස අලුතින් ඩිමෙන්ෂියාව වැළඳ ගන්නා පිරිස සංඛ්‍යාවෙන් මිලියන 7.7ක් වන්නේ හැම තත්පර හතරකට වරක් සිදුවන අලුත් එකතුවක් වශයෙනි. 2030දී ඩිමෙන්ෂියාවට ලක්වන බවට අපේක්ෂිත මිලියන 75.6ක සංඛ්‍යාව ගොඩනැගෙන්නේ අදාළ රෝග වර්ධන වේගයට අනුරූපවය. අදටත් ඩිමෙන්ෂියාව ලෝකයට වසරකට එක්කොට ඇති වැය සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 604කිනි.
සිහි කල්පනාවෙන් පසුවන කිසිවකුගේ අකමැත්තට, පිළිකුලට හේතුවන ආකාරයේ හැසිරීම්ද, ආවේගශීලී බවද වටපිටාවේ වෙනත් කිසිවකුට නොපෙනෙන, නොඇසෙන දේ පෙනීමෙන්, ඇසීමෙන් Hallucina, Tions කලබලයට පත්වීම්ද ආදී වශයෙන් විය හැකි මානසික පෙරළි හමුවේ, අදාළ තත්ත්වයන් හරිහැටි වටහා නොගන්නා සෙසු නිවැසියන් වැරදි තීරණවලට, එළැඹීම අපේක්ෂා නොකළ  හැකි කාරණයක් වන්නේද නැත. එහෙයින් එවැනි අවස්ථාවන් හිදී වඩාත් වැදගත් වන්නේ. රෝග ස්වභාවයේ තොරතුරු හා ගැටලු යම් පමණකින් හෝ අව ප්‍රමාණ කොට ගෙන රෝගියාට දිගුකාලීනව, සත්කාර කළ යුතු ආකාරය පිළිබඳව පවු‍ලේ සෙසු සමීපතමයින් දැනුවත් කිරීමය. එහිදී ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය තුළින් හඳුනා ගැනීමද, ආදාළ ඇතැම් හැසිරීම් හා මානසික වෙනස්කම් සඳහා වන ප්‍රතිකාරයද, රෝගී වැඩිහිටියන්ගේ කායික සෞඛ්‍ය හා ක්‍රියාකාරකම් හැකි ඉහළම තත්ත්වයෙන් පවත්වා ගැනීමට කළ යුතු සත්කාරයද පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශයය.
සුලභම ඩිමෙන්ෂියාව ලෙස සැලකෙන්නේ ඇල්ෂයිමා රෝග තත්ත්වයය.  සාමාන්‍යයෙන් වයස අවුරුදු 60 න් පමණ පසුව ඇති විය හැකි මේ ස්වභාවය සැලකෙන්නේ වසර 8 ත් 10 ත් අතර කාලායක් තුළ සමෛන් වර්ධනය වන තත්ත්වයක් වශයෙනි.
දෙවැනියට සුලභ ඩිමෙන්ෂියාව වන්නේ වාහිනීමය ඩිමෙන්ෂියා තත්ත්වය VASCULAR DEMENTIAමොළයට රුධිර සැපයුම, අවහිර වීමකින් මේ තත්ත්වය, ඇති වන හෙයින් රෝග ලක්ෂණද මතු වන්නේ කාලයක් තුළදී නොව
ක්ෂණිකවමය. අධි රුධිර පීඩනයක, ආඝාතයක, හෘදයාබාධයක අත්දැකීමක් සහිත හා එහිදී පිළිපැදිය යුතු පාලනය රහිත කිසිවකු එවැනි තත්ත්වයකට ලක් විය හැක්කේ පහසුවෙනි.
තවත් අප්‍රධාන ඩිමෙන්ෂියා තත්ත්ව කිහිපයක් අතර ලෙවි දේහ ඩිමෙන්ෂියාව  දැක්වෙන්නේ ඩිමෙන්ෂියාවේ සියයට 10 ක ප්‍රතිශතයක් හිමි කොට ගනිමිනි. එහිදී එක් ප්‍රධාන වෙනස්කමක් ලෙස සැලකෙන්නේ. නිවැරදි නොවන මානසික ස්වභාවය හා හැසිරීමත් සමගම නිවැරදි මානසික ස්වභාවය හා හැසිරීම්ද විටින් විට මිශ්‍රව පැවැතීමය. අත්පා වෙව්ලීම  හා ඒවායේ තද ස්වභාවයද මේ රෝග තත්ත්වයට අදාළව ඇති විය හැකි තවත් ලක්ෂණයකි.
ඩිමෙන්ෂියාවම නොවන, එහෙත් ඩිමෙන්ෂියාවට සමාන රෝග ලක්ෂණ පහල කරවන වෙනත් අවස්ථාවන්ද පවතී. මොළයට විටින් විට නැවත නැවතත් ඇති විය හැකි අනතුරුවලට අනුරූපව, හට ගත හැක්කේ එවැනි එක් අවස්ථාවකි. බොක්සිං, පාපන්දු වැනි ක්‍රීඩාවන්හි නිරත ඇතැමුන් මේ අවස්ථාවන්ට ලක් වීමේ, ඉඩ ඉහළය. වයස අවුරුදු 30 ත් 40 ත් අතර හට ගත හැක හන්ටින්ටන් රෝගයද. ඩ්උව්ඊව්ඊව්’ඉ ච්ඉජ්ඒඉජ් සැලකෙන්නේ ඩිමෙන්ෂියාවට සමාන ලක්ෂණ පහල විය හැකි තත්ත්වයක් වශයෙනි.
මොළයේ ඇතැම් ආසාදන හෝ වර්ධන තත්ත්වයන්ද, සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලීන්හි හා හෝර්මෝන පද්ධතීන්හි අසමතුලිතතාවයන්ද, ‍පෝෂණ දුර්වලතාවයන්ද, ඇතැම් ඖෂධ ප්‍රතික්‍රියාවන්ද, පළිබෝධනාශක වැනි වසවිස ශරීරගතවීම්ද හරහා ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ ඇති විය හැකි අතර, අදාළ නිවැරදි ප්‍රතිකාරමය මැදිහත්වීම් මගින් නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ අවකාශයද එහිදී ඇත.
වයස අවුරුදු 60 න් 65 න් පසුව ඩිමෙන්ෂියාවට ළඟා විය හැකි පිරිස සංඛ්‍යාත්මකව සඳහන් වන්නේ සියයට 35 ක පමණ ප්‍රතිශතයකිනි. එහෙත් පෙර සූදානම ඇත්නම්, මේ සියයට තිස්පහේ  කණ්ඩායමට ඇතුළත් නොවී සිටීම කිසිවකුට අපහසු වන්නේද නැත. මද්‍යසාර භාවිතයෙන්, දුම්පානයෙන්
වැළකීම, සෞඛ්‍යමත් ආහාර රටාවකට හුරු වීම, අධිරුධිර පීඩනය හා දියවැඩියාව පාලනය කොට ගැනීම, සිරුරේ උසට ගැළපෙන බර හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය නිසි පමණින් පවත්වා ගැනීම එහිදී අනුගමනය කළ යුතු පිළිවෙත් කිහිපයකි.
ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදී නොදැනුවත්වද, වුවමනාවෙන්ද මනසට විටින් විට එක් කොට ගන්නා පීඩනය, ඩිමෙන්ෂියාවට ළඟා වීමේ පහසුම මාර්ගයකි. අද බොහෝ පිරිසක් නිවසේදීද, සේවා ස්ථානයේදීද, මගතොටදීද පමණක් නොව පාස‍ලේ හෝ උසස් අධ්‍යාපන ආයතනයේදීද මනසට බර එක්කොට ගැනීම අසාමාන්‍ය නොවේ.
අසීමිත අපේක්ෂා, එපමණින් නොදරන බවට සැලකෙන ගැමියන් පාව සිය මනසට බර පටවා ගන්නේ නොදැනුවත්වමය.
සිය ඉඩකඩම්, දේපළ හෝ දූ දරුවන්ගේ අධ්‍යාපනය හා විවාහයද දැඩි හා නිරන්තර මානසික පීඩනයකට හේතුකාරකයක් කොට ගන්නා ඇතැම් වැඩිහිටියන්ට අමතක වන්නේ සියල්ල අතහැර නොදන්නා තැනකට කෙදිනක හෝ යාමේ ජීවිතයට අනිවාර්ය වන සිදුවීමය. හිත සතුටින්ද, සැහැල්ලුවෙන්ද ගත කිරීමේ අවශ්‍යතාවය ගැන අද සැලකිලිමත් විය හැකි නම්. හෙට දවසේ ඩිමෙන්ෂියා මාවතට තනිවම මාර්ග බාධකයන් දමා ගැනීම අපහසුද නැත.
සිහි කල්පනාව අඩුවීමේ ඩිමෙන්ෂියා තත්ත්වයට ලක්ව බලු හෝ කුකුල් කූඩුගතවන අද කාලයේ වැඩිහිටියන්ගේ ප්‍රශ්නයට යම් පමණක් හෝ විසඳුමක් ලබා දිය හැකි වන්නේ රට තුළ ක්‍රියාත්මක විය යුතු ‍පොදු සුබාසාධන ක්‍රමවේදයකිනි.

 

c

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි