ගණිකාවොත් දැන් කියනවා තමන් නිළියක් කියලා

පියුමි හංසමාලි ගැන දැන් ගොඩක් කතා වෙනවනෙ?
එහෙම කතාබහට ලක්වෙලා තියෙන්නෙ හොඳ දේට නෙවෙයිනෙ. රිතූ නාට්‍යය කළාට පස්සෙ මං ගැන ඔය කතා කරනවමයි.

අන්තර්ජාලයේ සැරිසරන පියුමිගෙ අඩනිරුවත් ඡුායාරූපවල ඇත්ත කතාව මොකක්ද?
මම නිරූපණ ශිල්පිනියක් විදියට ඉඳලා රංගන ශිල්පිනියක් විදියට ඉදිරියට යන එකට වෙන කෙනෙක් ඊර්ෂ්‍යාවට කරපු වැඩක් තමයි ඕක.

ඒ පින්තූරවල ඉන්නෙ ඔයා නෙවේ කියලද කියන්නේ?
ඒ මම නෙවෙයි කියලා මම කියන්නේ නැහැ. ඒ මම තමයි. ඒ සෑහෙන කාලෙකට කලින් වෙච්ච දෙයක්.

ඒ ඡුායාරූපවල ඉන්න අනිත් කෙනා කවුද?
ඒ පින්තූරවල මාත් එක්ක ඉන්නෙ කලින් මගෙ පෙම්වතෙක්. හැබැයි එයා නම් මේ වගේ දෙයක් කරන දෙකයි පනහෙ කෙනෙක් නෙවේ. එයා මේක කරලා නෑ.

කොහොමද එහෙම හරියටම කියන්නෙ?
මං පාසල් යන කාලෙ එයා මගෙ මුල්ම බෝයි ෆ්‍රෙන්ඞ්. ඒ ගැන කතා නොකර ඉමු.

පරණ පෙම්වතායි ඔයයි නොදැන මේ පින්තූර එළියට ආවා කියලද කියන්නේ?
මෙහෙමයි. ඔය පින්තූර මගේ ත්‍්ජැඉදදන එකේ ධබකහ පැ දාලා තිබ්බෙ. ඔය වැඬේ කරපු කෙනා පින්තූර ටික එතනින් අරගෙන තියෙන්නෙ.

මේ වැඬේ කරපු කෙනෙක් ගැන සැකයක්වත් නැද්ද?
කරපු කෙනාට මං ගැන තරහක් නෑ. හැබැයි එයාගෙ පෙම්වතිය මගෙන් තරහා පිරිමහගන්න කරපු දෙයක්. පෙම්වතියගෙන් පිනට කන පිරිමියෙක් මේ වැඬේ කළා කියලා මම දන්නවා.
ඒ ඡුායාරූපවල ඉන්න කෙනාට බූට් එක තිබ්බේ පියුමිද?
ඒක බොරුවක්. අනික ඔය සම්බන්ධය තිබ්බේ කාලෙකට කලින්.

ඇයි පියුමිට මෙහෙම වෙන්නේ?
මම නිරූපණ ශිල්පිනියක්. රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්. අම්මා කෙනකුත් වෙලා ඉද්දී තමයි මම මේ වැඩ කරන්නේ.

මේ සිද්ධිය ගැන හැමෝටම පැහැදිලි කරන්න ලේසිද?
මගෙ යාළුවන්ට නම් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ගෙදර අයට නං මේවට උත්තර දෙන එක ප‍්‍රශ්නයක් තමයි.

පියුමි හිට් වෙන්න මේ වගේ දෙයක් කළා කියලත් ආරංචියි?
මමම මේක කළා කියලා ගොඩක් ගොසිප් හැදුණා. ඇයි මං එහෙම කරන්නෙ. මට මේ වගේ දේවල්වලින් හිට් වෙන්න ඕනේ නෑ.

පියුමිගෙ අඩ නිරුවත් රූප එළියට ආපු පළමුවැනි වතාව මේක නෙවෙයිනෙ?
මීට කලින් එළියට ආවෙ මම ටවල් එක ඇඳගෙන ෆෙෂල් බෙඞ් එකේ ඉන්න පින්තූරයක්. ඒක ැාසඑ කරලනෙ. කවුරුහරි ලස්සනට ඒ වැඬේ කරලා.

පියුමි සෙල්ෆි ගහලා එෆ්.බී. දාන ඒවටත් මාර කමෙන්ට්නෙ වැටෙන්නෙ?
ලංකාවෙ සමහර පිරිමින්ට අසහනේ. මං පින්තූරයක් දැම්මම එෆ්.බී. එකේ මැසේජ් කීයක් එවනවද? අපිව දෙයියො මවල තියෙන්නෙ ඒ අසහනෙ නැති කරන්න නෙවෙයිනෙ.

එහෙම පින්තූර එෆ්.බී. දාන්න කලින් හිතන්නෙ නැද්ද?
සෙල්ෆි කියලා නිරුවතක් එළියට දාන්නෙ නෑනෙ. මට තාම අවුරුදු විසිතුනයි. ඇඟ ලස්සනයි. එහෙම තියාගෙන අවුරුදු හතළිස් පහේදි ද සෙල්ෆි දාන්නෙ.

පසුගිය කාලෙදී නිළියො කිහිපදෙනෙක්ට මේ වගේ ප‍්‍රශ්න ආවනෙ?
ඔව්. හැබැයි නිළියො. නිරූපණ ශිල්පිනියො කියලා නම කියාගත්තට හැමෝම එහෙම නෑනෙ. ගණිකාවොත් දැන් කියනවා තමන් නිළියක් කියලා.

තමන්ට වුණු අසාධාරණයට පියවරක් ගන්නෙ නැද්ද?
මම මේ පින්තූර සී.අයි.ඞී. එකට භාර දුන්නා. ඒ අය ඉතුරු වැඩ කරයි.

එතකොට අර ැාසඑ කරපු පින්තූරෙ?
ෆෙෂල් ටේබල් එකේ මං ඉන්න ධරටසබ්ක පින්තූරෙ හම්බ වුණා. ළඟදීම ඒක අන්තර්ජාලයට එක් කළාම කාටත් පියුමි ගැන තේරෙයි.

64910 1902048_611206019007335_6323208883486058236_n 11913249_758956807565588_2209793397280046781_n

නදීෂ නිර්මාණ හේරත්