පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කටයුතු වෙනුවෙන් යොදා ගත් ශ්රී ලංකා ගුවන් සේවයේ ගුවන් සේවිකාවකට මාසික වැටුප ලෙස රුපියල් ලක්ෂ 15ක මුදලක් ශ්රී ලංකන් ගුවන් සේවය මඟින් ගෙවා ඇති බව බරපතළ අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම විසින් තහවුරු කරගෙන ඇති බව දැන ගැනීමට තිබේ.
මෙම වංචාකාරී සිදුවීම සම්බන්ධයෙන් වන මූලික තොරතුරු ශ්රී ලංකන් ගුවන් සේවයේ අක්රමිකතා විමර්ශනය කළ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා විසින් මීට පෙර හෙළිදරව් කර තිබූ අතර ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් එය මේ වන විට තහවුරු කරගෙන ඇත. එමෙන්ම මෙම ගුවන් සේවිකාව කිසි දිනෙක ජනාධිපති කාර්යාලයේ සේවය කර නැති බව ද හෙළිව තිබේ.
කෙසේ නමුත් ඇය මේ වන විට ශ්රී ලංකන් ගුවන් සේවාවේ ගුවන් සේවිකා සුපවයිසර් ධුරයක් දරමින් රාජකාරිවල නිරතව සිටින බව ද වාර්තා වේ.
sathhada