රාජ කුමරියන්ගේ ඇඳුම් විලාසිතා

ඇඳුම් විලාසිතා පිළිබඳ ඇල්මක් දක්වන, ඒ වගේම නව ඇඳුම් නිර්මාණ පිළිබඳ උනන්දු වන ඔබට, රාජකීය කුමරියන්ගේ ඇඳුම් විලාසිතා පිළිබඳ දැනුවත්වීම, බෙහෙවින් ම වැදගත් වෙන්න පුළුවන්. මේ, එබඳු සුවිශේෂි රාජකීය ඇඳුම් විලාසිතා කිහිපයකි.

* චාර්ලට් කුමරිය -මොනාකෝ

මොනාකෝ රාජිනියන්ට ඇය ගෙන දුන්නේ අලුත්ම පන්නයේ ඇඳුම් විලාසිතා ය. ඇයගේ මිත්තනිය වන ග්‍රේස් කෙලී කුමරියගේ අඩිපාරේ යමින් ඇය ඇඳුම් විලාසිතා කෙරෙහි උනන්දුවක් දැක්වූවා ය. 2006 දී පවත්වන ලද “වැනිටි ෆෙයාර්” උළෙලේ දී , මේ කුමරියගේ ඇඳුම් විලාසිතා ශිල්පියාගේ නම ද නිර්දේශ වී තිබිණි. ඒ වාගේම 2011 සැප්තැම්බර් මාසයේදී ඇගේ ඇඳුම් විලාසිතාවකින් යුතු ‘වෝග් පැරිස් ‘ නමින් කවර ඡායාරූපයක් ද නිකුත් කෙරිණි. 68 වැනි කෑන්ස් චිත්‍රපට උළෙලේදී ඇයගේ ඇඳුම් විලාසිතාව කාගේත් නෙත් සිත් පැහැර ගන්නට සමත් විණි. චාර්ලට් කුමරියගේ ඇඳුම් විලාසිතා නිර්මාණය කරන්නන් අතර, ඇලෙක්සැන්ඩ්‍රො මිචෙලි උපරිම ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටී.

* වික්ටෝරියා කුමරිය – ස්වීඩනය

ස්වීඩනයේ සිටි රජ කුමරියන් එතරම් ම ඇඳුම් විලාසිතා කෙරෙහි ඇලුම් කළ පිරිසක් නොවේ. 2014 වසරේදී වික්ටෝරියා කුමරියගේ ඇඳුම් විලාසිතා බොහෝ දෙනාගේ සිත් පැහැරගනු ලැබීය. ඇගේ එම ඇඳුම් නිර්මාණය කර තිබුණේ සිග්සැග් රටාවට අනුව ය. එම ඇඳුම් විලාසිතාවට සරිලන ලෙස ඇය , ඇස් ඉදිරියට නෙරා එන පරිදි මුහුණට ගැළපෙන අලංකරණ ද්‍රව්‍ය භාවිත කර තිබුණි. තම අත්බෑගය ද ඇඳුම් විලාසිතාවට ගැළපෙන අයුරින් යොදාගෙන තිබීමෙන්, ඇය සියලු ජනයා අමන්දානන්දයට පත් කළා ය.

* චාර්ලිනී කුමරිය – මොනාකෝ

චාර්ලිනී කුමරිය අනුගමනය කළේ ග්‍රේස් කෙලී ගේ ඇඳුම් විලාසිතා ය. ඇය නිතරම උනන්දු වූයේ පැරැණි ඇඳුම් විලාසිතා නූතනත්වය හා එකතු කර ගැනීමට ය. උරහිස් දෙක නිරාවරණය කරමින්, පැරැණි විලාසිතා ද අනුගමනය කළ ඇය, තම ස්වරූපය වෙනස්වන අයුරින් කිසිදු බාහිර අලංකාරක ද්‍රව්‍යයක් භාවිත කළේ නැත.

* කැතරින් කුමරිය (කේට් මැටිල්ඩන්) – කේම්බ්‍රිජ්

2011 දී පවත්වන ලද බ්‍රිතාන්‍යය ආදිපාදිවරියගේ මංගල්‍යයත් සමඟම, ඇයගේ ඇඳුම් විලාසිතා මුළු ලොව තුළම ප්‍රකට විය. විශ්වවිද්‍යාල විලාසිතා දැක්මේදී ඇයගේ ඇඳුම් විලාසිතාව නිර්මාණය කළ ග්‍රේ ඇලෙක්සැන්ඩර් ද කැපීපෙනෙන චරිතයක් බවට පත් විය. ඔහුගේ දක්ෂතා ද එහිදී කැපී පෙනුණි. පැළඳ සිටි දියමන්ති කරාබු යුගල, ඇයගේ ඇඳුම් විලාසිතාවලට නව පණක් ගෙන ඒමට සමත් විය. 2011 වසරේ දී ලොස් ඇන්ජලීස් නගරයේ බෙලස්කෝ තියටර් හිදී පැවැත්වූ ඇයගේ ඇඳුම් විලාසිතා දැක්මේදී , අපූර්ව විලාසිතා බොහොමයක්ම ජනතා ප්‍රසාදයට ලක් විය.

* ටටියානා කුමරිය – ග්‍රීසිය

ඇය, විශිෂ්ට ගණයේ ඇඳුම් විලාසිතාකරණයට අමුත්තියක් නොවූවා ය. 2013 වසරේදී පැවැත්වූ ‘ටෙල්වා ෆැෂන් ‘ සම්මාන උළෙලේදී ඇයගේ ඇඳුම් විලාසිතාව මුළු ලොවක් වසඟයට පත් කළාය. ‘හයිලෙක්’ විලාසිතාව සහ ‘ලේස් ලයින්ඩ්’ මෝස්තරය ඇයගේ කැපී පෙනෙන මෝස්තර රටා අතරින් විශේෂිත ය.

* සිරිවන්නාවරී කුමරිය – තායිලන්තය

2015 වසරේදී ඇයගේ ඇඳුම් විලාසිතාව සුවිශේෂී වූයේ, ‘බ්‍රිසට් යෙලෝ සිල්ක් ලයින් ‘ ඇඳුම් මෝස්තරය නිසා ය. එමඟින් ඇය කාගේත් නෙත් සිත් පැහැර ගන්නට සමත් විය. සිරිවානා කුමරියගේ ඇඳුම් මෝස්තර ශිල්පියා වන්නේ එලී සාබ් ය. පැරිසියේ පැවැත්වූ ‘ෆැෂන් වීක්’ හිදී ද සිරිවානා කුමරියගේ ඇඳුම් විලාසිතා එළිදැක්වුණි. එය ද ජනතාව අතර කතාබහට ලක්වුණි.

* මේරි කුමරිය – ඩෙන්මාර්කය

ඩෙන්මාර්කයේ මිනිසුන් බොහෝ විට ඇලුම් කරන්නේ රාජකීය පෞරුෂය ගෙන එන ඇඳුම් විලාසිතාවලට ය. මේරි කුමරියගේ ඡායාරූප මඟින් නිතරම පිළිබිඹු වන්නේ, ප්‍රසන්නශීලි බව සමඟ චතුරත්වයයි. සාමාන්‍ය ඇඳුම් මෝස්තර රටාවලට ඇලුම් කළ ඇය, පැරැණි මෝස්තරවලට විවිධත්වයක් මෙන් ම, ඒවාට නව්‍යත්වයක් එක් කළා ය. තද නිල් පැහැති ෆ්ලෝරල් ඇඳුම හා පිහාටු සැරසිල්ල සැමගේ නෙත් වශී කරන්නට සමත්ව ඇත. වෙල්වට් අත්වැසුම් පැළඳීමෙන් ඇයගේ සුන්දරත්වය තව තවත් වර්ධනය වී තිබේ.

* ඩීනා කුමරිය – සෞදි අරාබිය

ඇයගේ ඇඳුම් විලාසිතා වඩාත් සුවිශේෂී වන්නේ, ඇඳුම් විලාසිතාවට උචිත පරිදි හිසට කරන විවිධ මෝස්තර නිසා ය. ඇයගේ ඇඳුම් නිර්මාණ ශිල්පියනිය වන්නේ සෝනියා රික්ලේල් ය. ඇය විසින් පවත්වන ලද ‘ස්ප්‍රිං – සමර් 2015’ උළෙලේ ‘වීක් විමෙන් ෆැෂන් ‘ හිදී ‍සෞදි අරාබියේ සීනා කුමරියගේ ඇඳුම් නිර්මාණය කිරීමට ඇයට හැකියාව ලැබුණි. විළුඹ දක්වා දිග කළු සාය සමඟ කළු පැහැති පිහාටු පේළිය ඇයගේ ඇඳුම් විලාසිතා අතර කැපීපෙනේ.

එසේම, ඇයගේ ශක්තිමත් පෞරුෂය තව තවත් වැඩි කිරීමට, ඒ සඳහා යොදාගෙන තිබුණු රෙදි වර්ගය බෙහෙවින් ම බලපා තිබිණි. ඇයගේ ඇඳුම් විලාසිතා ජනතාව වැළඳගත් තවත් අවස්ථාවක් ලෙස, කැල්වින් ක්ලෙයින් විසින් 2015 වසරේදී නයි‍ෆෆෝල්හිදී ඉදිරිපත් කළ ඇඳුම් විලාසිතාව හැඳින්වීමට පුළුවන.

* ලෙටීෂියා කුමරිය – ස්පාඤ්ඤය

ස්පාඤ්ඤයේ පොෂ් මෙරිච් විසින් ප්‍රදර්ශනය කරන ලද මුද්‍රිත පිහාටු සේලය සමඟ, අත්කැපූ අළු පැහැති සම් ටියුනික් ඇඳුම්, ඇයගේ ඇඳුම් විලාසිතා අතර බොහෝ ජනප්‍රිය විය. එම ඇඳුමට ගැළපෙන පරිදි ඇය සිය කරාබු යුගල තෝරා ගැනීමට ද රුචියක් දැක්වීය.

* සොෆියා හෙලොවිස්ට් – මහා බ්‍රිතාන්‍ය

මැය නිතරම උකහා ගත්තේ මහා බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ කේට් ආදිපාදිවරියගේ ඇඳුම් විලාසිතා ය. 2014 වසරේදී නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ද ඇගේ ඇඳුම් නිර්මාණ ශිල්පියාට හැකි විය.

* රානියා කුමරිය – ජෝර්දානය

මේ කුමරිය විවිධ අංශවලින් දක්ෂතා පෙන්වූ තැනැත්තියකි. ඇයගේ ඇඳුම් මෝස්තර මුළු ලොවක් මවිතයට පත් කිරීමට සමත් වූයේ යූ ටියුබ් මාධ්‍ය මඟිනි. ඇය විලාසිතා තාරකාවක් ලෙස මේ වන විට මුළු ලෝකයම හඳුනාගෙන අවසන් ය. 2010 වසරේ දී පවත්වන ලද විසිවැනි ග්ලැමර් වාර්ෂික උළෙලේදී, ඇය ඉදිරිපත් කළ ඇඳුම් මෝස්තරය සඳහා ජනතාව තුළ මහත් උනන්දුවක් අතිවී තිබුණි. ඇයගේ ඇඳුම් මෝස්තර රටා අතරට ඉණ පැළඳි පටිය ද කැපී පෙනේ.

67

මදාරා මුදලිගේ