උකුස්සාට දසවද දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

තරුණයින් පිරිසක් උකුස්සෙකුට කෲර වදදෙන ආකාරය දැක්වෙන ඡුායාරූපයක් ෆේස්බුක් හරහා ප‍්‍රචාරය වී සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇතිවීමත් සමග මෙම ක‍්‍රියාව කළ පුද්ගලයින් දෙදෙනකු හබරාදුව ‍පොලිසිය මගින් ඊයේ (09* පස්වරුවේ ගාල්ල වංචාවල දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව වනජීවී කාර්යාලයෙන් හබරාදුව ‍පොලිසියට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගේ ප‍්‍රකාශ මත සිද්ධියට සම්බන්ධ ඉතිරි සැකාකර පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ‍පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මක බව ද උසස් ‍පොලිස් නිලධාරියෙක් පැවසීය.

හබරාදුව ‍පොලිස් වසමේ වංචාවල ප‍්‍රදේශයේ දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව ‍පොලිසිය සඳහන් කරයි.අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනාගේ වයස අවුරුදු 46ත් 42ත් බව ද ‍පොලිසිය පවසයි.

වනජීවී දෙපාර්තමේන්තුවේ නීති කොට්ඨාසයේ දැනුම්දීමකට අනුව හික්කඩුව වනජීවී නිලධාරී කාර්යාලයේ නිලධාරීන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. මීට සම්බන්ධ පිරිස හබරා¥ව ‍පොලිස් වසමේ වාසය කරන බවට ලද තොරතුරු මත මෙම පැමිණිල්ල සිදු කළ බව වනජීවී නිලධාරියෙක් පැවසීය.

උකුස්සාගේ හිසෙන් පහළ කොටස හම ගසමින්, දෙපා කපා දමමින් උකුස්සාගේ ඉදිරියට පිහියක් දික් කරමින් අදාළ තරුණයින් ඡුායාරූප ගෙන ඇති අතර පසුව එම ස්ථානයේ සිටි තරුණයකු එම ඡුායාරූප ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා ප‍්‍රසිද්ධ කොට තිබිණි.

මෙම අමානුෂික ක‍්‍රියාවට තරුණයින් හත්දෙනකු සහභාගි වී ඇති බව ඡුායාරූපයෙන් දැක්වෙන අතර එම ස්ථානයේ යතුරුපැදි තුනක් නවතා ඇති බවට ද එම ඡුායාරූපයේ දැක්වේ.

ඊයේ (09* රාත‍්‍රියේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් හබරාදුව ‍පොලිසියේ නිලධාරීන් ප‍්‍රශ්න කොට ඇති අතර එහිදී මොවුන් දෙදෙනා පවසා ඇත්තේ උකුස්සා රැුගෙන කැලයට රැුගෙනවිත් උකුස්සාව ආහාරයට ගැනීමට සුද්ද කළ බවය.

අනතුරුව උකුස්සාගේ බඩ පැලූ බවත් බඬේ නාගයෙක් සිටි බවත් එම නිසා උකුස්සාව ආහාරයට නොගෙන විසිකර දැමූ බවද ඔවුන් ‍පොලිසිය හමුවේ පා‍පොච්චාරණය කොට ඇත.

මොවුන් ඉන්පසු මත්පැන් පානය කළ බවද උකුස්සාගේ දෙපා, අත්තටු පිහියක් ආධාරයෙන් කපා දමා උකුස්සාගේ හම සුද්ද කරන ආකාරය ඔවුන්ගේ මිතුරකු සිය ජංගම දුරකථනයෙන් ඡුායාරූප ගත කළ බවත්ද ඔවුන් පා‍පොච්චාරණය කර ඇත.

අත්අඩංගුවට ගත් තැනැත්තන් නීතිවිරෝධී මත්පැන් පානයට පුරුදු වූවන් බවත් ඉන් එක් සැකකරුවකු මීට පෙරද නීතිවිරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයෙකු බවද ‍පොලිසිය සඳහන් කරයි.

ඉතිරි පුද්ගලයින් ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (10* ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හබරාදුව ‍පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන ‍පොලිස් පරීක්ෂක කේ.කේ.පී. උදයකුමාර මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.

tr

චාමර අමරසූරිය