නාමල්ට අයත් පෞද්ගලික බැංකු 4ක ඇති ස්ථාවර තැන්පතු අත්හිටුවයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂට අයත් යැයි සැළකෙන පෞද්ගලික බැංකු 4ක ඇති ස්ථාවර තැන්පතු තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය අද නියෝග කළා.මෙම ගිණුම් පවත්වාගෙන ගොස් ඇත්තේ ගවර්ස් කොර්පරේට් පුද්ගලික සමාගමේ නමිනුයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ අයථා ලෙස මුදල් උපයා හෙලො කොප් සමාගමේ කොටස් මිලදීගෙන ඇති බවට ¥ෂණ විරෝධී හඩ සංවිධානය මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කර තිබුණා.රුපියල් කෝටි දොලහමාරක් යොදවා එයා ලංකා ආයතනයට සේවා සපයන ගවර්ස් කොර්පරේට් පුද්ගලික සමාගම මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

නාමල් රාජපක්‍ෂ හැර එම සමාගමේ හත් දෙනෙකුට රටින් පිටවීම තහනම් කිරීමේ නියෝගයක්ද අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නිකුත් කළා.

මේ අතර නාමල් රාජපක්ෂ කුල කුමරුවා ළඟදීම ජීවිතාන්තය දක්වා හිරගෙට යෑමට කැමැත්ත පලකොට ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.ළඟදීම වැලිකඩ හිරගෙට යාමට ප‍්‍රථම මෙසේ ජීවිතාන්තය දක්වා නාමල්ව හිරේ යැවීමට මහින්ද රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂ යුවළ ලහි ලහියේ කටයුතු සූදානම් කරමින් සිටින බව කියවේ.

නාමල් හිරේට යෑමට නියමිතව ඇත්තේ සුරූපී හුරු බුහුටි වෛද්‍ය කුල කුමරියක් සමගය.

නාමල්ගේ හදවතේ ස්පන්දනය ඇය හොඳින් අඳුනතැයි නිගමනයක් ඇති බැවින් දෙමාපියන් දෙදෙනාම තවත් කල් නොදමා වහාම ක‍්‍රියාත්මක වන පරිදි නාමල්ව හිරේ යැවීමට තීරණය කර ඇත.

නාමල් හිරේ යන දා නාමල් වෙනුවෙන් සාක්ෂි දැරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන්වාගෙන ඔහු ලවා වැලිකඩ හිරගෙට යෑම යටපත් කර ගැනීමේ වැඩ පිළිවෙලක්ද මේ අතර ක‍්‍රියාත්මක වන බව පවුලේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

කෙසේ නමුදු නාමල්ගේ අතිජාත මිත‍්‍රයන් සඳහන් කරන්නේිපිස්සුද මචං….. නාමලයව කොටු කර ගන්ඩ මෙලෝ ගෑනියෙක්ට බෑ‘ කියාය.

මීටම සමාන අදහසක් පල කරන නාමල්ගේ තාත්තා පවසන්නේිඑක ගෑනියෙක් එක්ක දිගටම දීග කන එක හෙන අමාරු වැඩක්‘ යනුවෙනි. මේ දිනවල හිටපු ජනාධිපතිතුමා මිරිහාන එදිරිසිංහ පාරේත් හිටපු ආර්යාව නුගේගොඩ කන්දවත්ත පාරේත් ජීවත්වන බව කියවේ. ඔවුන් දෙදෙනා බොහෝ විට එක්ව දැකිය හැක්කේ දිවයින පුරා දේවාලවලදී පමනි.

 

ko