BMW සමාගමෙන් මීළඟ සියවසේ සංකල්පීය මෝටර් රථයක්

මීළග සියවස සඳහා සංකල්පීය මෝටර් රථයක් එළිදැක්වීමට BMW මෝටර් රථ නිෂ්පාදන සමාගම කටයුතු කර ඇත.  මෙය නම් කර ඇත්තේ මීළග සියවස සඳහා දැක්ම හෙවත් Vision Next 100 යනුවෙනි.

ඉදිරි සියවස සඳහා වන මෝටර් රථය එළිදක්වා ඇත්තේ BMW සමාගමේ සියවස් සැමරුම වෙනුවෙන් වීමද විශේෂත්වයකි.

අධි සුඛෝපභෝගී මෝටර් රථයක් වන ස්වයංක‍්‍රීය රිය පැදවුම්, වායු විමෝචන රහිත ස්පෝට්ස් වර්ගයේ මෝටර් රථයක් වන බව පැවසේ.  එහි රෝද ශබ්ද විකාශන යන්ත‍්‍රවල හැඩය ගනී.

මියුනික්හිදී එළිදැක්වුණු රථය ධාවන ආකාර 2කින් සමන්විත අතර එහි ඇති අධි තාක්‍ෂණික අංගෝපාංගවලට ජේම්ස් බොන්ඞ් පවා ඊර්ෂ්‍යා කරනු ඇති බව විචාරක අදහසයි.

බූස්ට් ආකාරයේදී රථයේ පාලනය රියදුරු සතුවන අතර 3600 රේඩාර් පද්ධතියක් සහ ඉදිරියේ ඇති බාධක ගැන අනතුරු හගවන පූර්ණ තිර ආවරණයකින් සන්නද්ධ ඩිජිටල් මිතුරකුගේ සහයෝගය ඔහුට හිමිවේ.

නිදහස් ආකාරයේදී රියදුරුට විවේකගත හැකි අතර රථයේ සමස්ත මෙහෙයුම කෘත‍්‍රිම බුද්ධිය විසින් පවරා ගනී.

නිවේදනයක් නිකුත් කරමින් BMWසමාගම පවසා ඇත්තේ අනාගතයේ නිර්මාණය වන රථ බොහොමයක් පාලනය කරනු ඇත්තේ රොබෝවරයෙකු විසින් විය හැකි බවයි.

Vision Next 100 රථය බලගැන්වෙන්නේ කෙසේදැයි ඊඵඋ සමාගම විසින් අනාවරණය කර නොමැති අතර ලෝහ වෙනුවට රථය ප්ලාස්ටික් සහ කාබන් තන්තුවලින් නිර්මාණය කරන බව පවසා තිබේ.