දැවී ගිය වෑන් රථයක් තුළ මෘත ශරිර කිහිපයක්

දංකොටුව පොලිස් වසමේ බුද්ගම්පොළ ප‍්‍රදේශයේ අතුරු මාර්ගයක තිබි පිළිස්සී ගිය වෑන් රථයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අද දින(11)උදෑසන 119 දුරකථන අංකයට ලද තොරතුරක් මත දංකොටුව පොලිස් නිලධාරින් විසින් සොයාගත් ‍මෙම වෑන් රථය තුළ පිළිස්සී ගිය මෘතශරීර කිහිපයක්ද දක්නට ඇති බව වාර්තා වේ.

මේ වන විට දංකොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් විමර්ශන සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියි.

rt

derana