පිරිමි එපා වුණු සුන්දර යුවතිය

දවසින් දවස ජීවිතේ අලුත් වෙනවා. වෙනස් වෙනවා. මේ විදිහට ඇගේ ජීවිතෙත් හරිම සුන්දර විදිහට ගෙවුණා.
අලුත් යාළුවෝ මුණ ගැහුණා. ඒ යාළුවෝ ඇයට ගොඩක් ආදරේ කළා. ඇගේ ආගන්තුක ජීවිතේ කොළඹට හුරු වෙන්න මහා කාලයක් ගත වුණේ නැහැ. කොළඹ නගරයේ විසිතුරු දේවල් දැක්කම ඇයට හිතුණේ මේක තමයි ඇය දැකපු හීන ලෝකය කියලා. කළු පාට වලාවෙන් මුළු කොළඹම වෙලා ගන්න කොට වීදි කණුවේ කහපාට ලයිට් එළිය යට තියෙන දේවල් ඇයට පෙනුනේ විසිතුරු විදිහට.

dfh
ඒත් කෑලි කපන ඝන අඳුරේ අහුමුලුවල හැංගිලා ඉන්නේ බිල්ලෝ කියලා ඇය දන්නේ නැහැ. පාට පාට වෙස් මුහුණු දාගෙන එබිලා බලන්නේ විසකුරු මිනිස්සු කියලා ඇයට හිතුණේ නැහැ. නුහුරු නුපුරුදු මේ පුංචි කෙළි පැටික්කිට කොළඹ නගරයේ නපුරු මුහුණු පෙනුණේ විසකුරු බියකට වඩා සුරංගනා ලෝකයක් වගේ.
දන්නවාද? පහන් දැල්ල හරිම ලස්සනයි. පළඟැටියා පහන් දැල්ලට ආදරේ කරනවද කියන්න මම දන්නේ නැහැ. ඒත් පහන් දැල්ලට පළඟැටියා ළං වෙන්නේ පහන් දැල්ලේ ලස්සනට වෙන්න පුළුවන්. ලස්සනට මුළා වෙලා පහන් දැල්ලට ළං වෙන පළඟැටියා ඒ දැල්ලට තටු පිච්චිලා යනවා කියලා දන්නවා නම් පළඟැටියා කවදාවත් පහන් දැල්ලට ආදරේ කරන එකක් නැහැ.
හරියට අපේ ජීවිතත් ඒ වගේ… පිච්චෙනවා කියලා දැන දැනත් ගිනි ගොඩට පය තියපු ජීවිත අපේ සමාජයේ කොච්චර ඉන්නවද? අද මේ කියන අවනඩුවත් අන්න, ඒ වගේ අපට අහන්න ලැබුණු තවත් අනුවේදනීය කථාවක්.
ඇය අචලා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුෂ්කර ගමක සාමාන්‍ය පවුලක බඩපිස්සි වුණේ ඇය. අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවට උපතින්ම උරුම වෙච්ච දක්‍ෂතා ඇගේ ජීවිතය නව මාවතකට හරවන්න පිටිවහල් වුණා. ඇයට කොළඹ ප්‍රධාන පෙළේ පාසලක දොරටු විවර වෙන්නේ මීට අවුරුදු තුනකට ඉහතදී.

 

65
● අචලට කොළඹ පාසලකට එන්න අවස්ථාව උදා වෙන්නේ කොහොමද?
ක්‍රීඩා අංශයෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. මම කොළඹ පාසලකට එන්න හීන දැක්කේ පහේ ශිෂ්‍යත්වය ලියපු දා ඉඳලා. ඒත් මට කොළඹ පාසලකට එන්න වාසනාව ලැබුණේ නැහැ. පස්සේ මට ඒ අවස්ථාව උදා වුණා. හරියට හීනයක් වගේ. අපි ගොඩක් දුප්පත්. අම්මා අප්පච්චි ගොඩක් දුක් වින්ඳා. කොච්චර දුප්පත් වුණත් ඉගෙන ගන්න වාසනාව මට තිබුණා. කොළඹට ආපු අලුත මට ගොඩක් යාළුවෝ හම්බ වුණා. ඒ අය තමයි  නුහුරු නුපුරුදු කොළඹට මගේ ජීවිතේ හුරු කෙරෙව්වේ. මට වගේ නෙමෙයි. මගේ පාසලේ ගොඩක් යාළුවන්ට සල්ලි තිබුණා. එයාලා අපිට හිතන්නවත් බැරි තරම් ඉහළ සමාජ තලවල වැජඹෙන අය. අවුරුද්දක් විතර යනකොට මේ කොළොම්තොට මගේ ජීවිතේ වුණා. බය, ලජ්ජාව, කියන දේ නැතිවෙලා ගියා. නේවාසිකාගාරයේ ජීවිතෙන් මිදිලා බෝඩිං ජීවිතේට ආවා. අම්මේ…….“නිදහස නම් කොතැනද ඒ බෝඩිම”…. ඒ තරමට උපරිම නිදහසක් මම වින්ඳා. ඒත් මට ඒ නිදහස බුක්ති විඳින්න මුදල් නැති අඩුව ගොඩක් දැනුණා.
මම ගමෙන් එනකොට හීන දැක්කේ හොඳට ඉගෙන ගෙන සමාජයේ හොඳ තැනකට යන්න. අම්මා අප්පච්චිට හොඳට සලකන්න. ලස්සන ගෙයක් හදාගන්න. මම දැකපු හීන හරිම අමුතුයි. ඇත්තටම මම හරි බොළඳයි කියලා හිතෙන්න පුළුවන්. ගිනි ගහන අව්වට කර වෙච්ච මගේ ජීවිතේට කොළඹ පරිසරය පෙනුණේ සුරංගනා ලෝකයක් වගේ.

 

 

  • ආර්ථික ප්‍රශ්න තිබියදීත් නේවාසිගාරයෙන් ඉවත් වෙලා බෝඩිමකට ආවේ ඇයි?.

නේවාසිකාගාරවල හරියට නීතිරීති. අපේ ඉස්කෝලේ උසස් පෙළ අක්කලා සෙට් එකක් තමයි බෝඩිම් ජීවිතේ හරිම ෂෝක්, නිදහස් කියලා මගේ ඔළුවට දැම්මේ. ඒ අක්කලා උසස් පෙළ පන්තියේ ඉද්දිත් පුංචි පුංචි න්‍දඉ කරනවා කිව්වා. මට හරි පුදුමත් හිතුණා. ඉස්කෝලේ යන ගමන් කොහොමද න්‍දඉ කරන්නේ කියලා.
ඔහොම යද්දී බෝඩිම් ජීවිතෙත් හරි අමුතු රහක් තියෙනවා කියලා දැනුණා. ඔය අතරතුර දවසක් මම ගෙදර ඉඳන් කොළඹ එද්දි මට හරි අපූරු චරිතයක් මුණ ගැහුණා. හරි පුදුමෙ කියන්නේ එයා අපේ බෝඩිම කිට්ටුව බෝඞ් වෙලා ඉන්න අක්කා කෙනෙක්. අපි දැන අඳුන ගත්තට පස්සේ ඒ අක්කා මට ගොඩක් ළං වුණා. සමලිංගික ආශාවක් ඇයට තිබුණද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඇය මට ගොඩක් ආදරේ කළා. ඒත් ඒ ආදරේ ඔයා හිතන ආදරයක් නෙමෙයි. එතන තිබුණේ ඩීල් එකක්.
ඒ වෙනකොට මාත් එක්ක බෝඩිමේ හිටපු අක්කලා එයාගේ ඒ ඩීල් එකේ කොටස් කාරියෝ වෙලා ඉවරයි. මාත් එක්ක බෝඩිමේ ඉඳපු අක්කලා හරහා ඇය කුඩු ප්‍රවාහනය කළා. ප්‍රවාහනයට අමතරව තව තව විවිධ දේවලුත් ඒ අතරට සිද්ධ වුණා. බෝඩිමට ගිහින් ටික දවසක් යද්දි මේ සිදුවීම් සියල්ලම මට වැටහෙන්න ගත්තා. මේ දේ සිද්ධ වෙන්නේ කොහොමද කියන්න මම හරියටම දැනන් හිටියේ නැහැ. දවසක් බෝඩිමේ අක්කලා හොරෙන් හොරෙන් ගහපු කුඩු පැකට් එක මගේ ඉදිරිපිට පාවිච්චි කරලා පෙන්නුවා. ඕනෑම දේකට පුරුදු වෙද්දි හරි අමාරුයිනේ. මටත් ඒක දැනුණා. ඔය විදිහට මමත් කුඩු පාවිච්චි කරන්න පුරුදු වුණා.
අර මම කිව්වේ මට බස් එකේ දී මුණ ගැහුණ අක්කා කෙනෙක් ගැන. මේ කුඩු බිස්නස් එකේ අතරමැදියා වුණේ ඇය. මුලදී නම් කිව්වේ කියන තැනට ගිහින් කුඩු ගෙනිහිල්ලා දෙන්න කියලා විතරයි. ඒ යන හැම අවස්ථාවකදීම රු 500 අතට දුන්නා. ඒ කියන්නේ දවසට රු 1000/- වෙන්න ලැබුණු අවස්ථාත් තිබුණා. ඔය විදිහට සල්ලි අතට එද්දී ගමෙන් අරගෙන ආපු මගේ හීන වෙනස් වෙන්න ගත්තා.
කුඩු ගෙනහින් දෙන්න ඕන ස්ථාන දවසින් දවස වෙනස් වුණා. ඒ ස්ථාන එක්ක අපේ ජීවිතෙත් අමුතු විදිහට වෙනස් වෙන්න ගත්තා.
ඒ කිව්වේ ?
කුඩු ගෙනිහින් දෙන එවුන් එක්ක අපිට ඉන්නත් වුණා. එතකොට හම්බවෙන ගාන ඩබල්. මම ඇත්තම කියන්නම්. මුලදී නම් මම මේ දේවල් කළේ කැමැත්තකින් නෙමෙයි. ගමකින් කොළඹ ආපු මම මගේ යාළුවෝ හැම කෙනෙක්ම ගොඩක් විශ්වාස කළා. ඒ විශ්වාසය මත තමයි මම බෝඩිමට යන්න වුණත් තීරණය කළේ. ඒ දේවල් දකින කොටම, සල්ලි හම්බවෙන කොට, ඒ රහට මාව ඉබේටම ඇදිලා ගියා. කථාවෙන් ඕනම හිතක් අල්ල ගන්න ඒ අක්කලා ගොඩක් දක්‍ෂ වුණා. මගේ පාසලේ යාළුවන් මාව ගොඩක් විශ්වාස කළා. මම ගොඩක් අහිංසකයි කිව්වා. ඒත් මම මේ මොනවද කරන්නේ, මට මේ මොනවද වෙන්නේ කියලා කාටවත්ම කියන්න පුළුවන් කමක් තිබුණ් නැහැ.
කොළඹ අහස යට මේ සිදුවීම් සාමාන්‍යයි. හැබැයි කොළඹ ඒ තරම්ම නරකාදියක් නෙමෙයි. ඒ වුණාට හිතන තරම්ම සුන්දර පාරාදීසයකුත් නෙමෙයි. පරිසරය අලංකාරයි, විශ්මජනකයි. පාට පාට ලස්සන දේවල් වලින් පිරිලා. ඒ පාට පාට දේවල් අස්සේ ඔය ලස්සන ජීවිතේ ඩැහැ ගන්න බලාගෙන ඉන්න රාක්‍ෂයෝ වැඩියි.
හම්බන්තොටින් කොළඹට ඉගෙන ගන්න ආපු අචලා මේ සමාජය නිසා කුඩු ගහන්න පුරුදු වුණා. කුඩු විකුණන්න පුරුදු වුනා. දිගින් දිගටම සිදු වුණ මේ ව්‍යාපාරයේ අමතර ඩීල් එකක් විදිහට ඇයට ලිංගික වහලියක් බවට පත්වෙන්න සිදුවුණා. ඇය මේ තැනට ඇදෙන්නේ ඉබේටම. ඇගේ වීඩියෝ දර්ශන පිටකොටුවේ අහුමුළුවල විකුණුනා. ඇයට උමවනා වුණේ ලිංගික ආස්වාද ලබාගැනීමට වඩා කුඩුවලට පුරුදු වුණ ඇයට කුඩු ගහන්න මුදල් අවශ්‍යතාව දිනකම කිහිප දෙනෙකු සමගම ඇය ගණිකා වෘත්තියේ යෙදුණා.
මේ දේවල් එක්ක මට ඉගෙන ගන්න තිබුණ ආසාව ටික ටික අඩුවෙලා ගියා. කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරි වුණා. ඔහේ ඉබාගාතේ යන ජීවිතයක් වගේ මගේ ජීවිතේ පාවෙන්න ගත්තා. අරමුණක්, බලාපොරොත්තුවක් හිතේ අහලකවත් තිබුණේ නැහැ. මාස කිහිපයක් යද්දී මටම මගේ ජීවිතේ එපා වුණා. මම මගේ වචනෙන්ම කියනවා නම් මිනිස්සු එක්ක ඉඳලාම මට මගේ ජීවිතේ එපා වුණා. මම හැම මත්ද්‍රවයක්ම පාවච්චි කළා. පිරිමියෙකු දවසට පාවිච්චි කරන සිගරැට් ප්‍රමාණයට වඩා වැඩි සිගරැට් ප්‍රමාණයක් මම පාවිච්චි කළා. අතේ සල්ලි ගැවසුණා. නයිට් ක්ලබ් ගියා. මගේ ජීවිතේ ගොඩගන්න බැරි තරමට නන්නත්තාර වුණා. පාසලට යම් යම් දේවල් ආරංචි වෙලා මගේ පාසල් ගමන තහනම් කළා. දෙමාපියෝ එක්කගෙන එන්න කිව්වා. බෝඩිමේ ඇන්ටිව එක්කගෙන ගිහින් යාන්තම් ඒ ප්‍රශ්නෙ විසඳාගත්තා. කොහොමත් මට ඉස්කෝලේ යන්න එපා වෙලා තිබුණේ. සාමාන්‍ය පෙළ වෙනකම් කට්ට කාගෙන මම ඉස්කෝලේ ගියා. ගිය අවුරුද්දේ මම සාමාන්‍ය පෙළ ලිව්වා. ලියලා මට උවමනා වුණා මේ ඔක්කොම අතහැරලා න්‍දඉ එකක් කරන්න. ඒත් මම ඒ තත්වෙට එනවා කියන එක මීට මාස ගාණකට ඉහතදී මම දැක්කේ හිීනයක් වගේ. මට ඕන වුණ මගේ වෙනස හදාගන්න අපේ පාසලේ මගේ යාළුවෝ කිහිප දෙනෙක් හිටියා. එයාලට ගොඩක් සල්ලි තිබුණා. කෝටිපති පවුල්වල ළමයි. මගේ ජීවිතේ සමහර දේවල් ඒ යාළුවෝ දැනන් හිටියා. එයාලා තමයි මට ජීවිතේ හදාගන්න ගොඩක් උදව් කළේ. ඒ අදාළ වෛද්‍යවරු ළඟට මාව එක්ක ගෙන ගිහින් මට ප්‍රතිකාර කෙරෙව්වා. හිතලම මම කුඩු ගහන එක නතර කරන්න උත්සාහ කළා. මුල් කාලේ ගොඩක් අමාරු වුණා. දේකට පුරුදු වෙන්න හරිම ලේසියි. ඒ දේ අතහැර ගන්න ගොඩක් දුක් විඳින්න ඕන කියලා මට දැනුණේ මේ දේවල් ඈත් කරන්න උත්සාහ ගත්ත දවසේ.

 
● ඔයාට කවදාවත්ම ආදරේ කරන්න හිතිලා නැද්ද?
නැහැ.. පිරිමි මට එපා වුණා. හැම මිනිහම පන දෙන්න වුණත් ඒවි අපිට සල්ලි තියෙනවා නම්. මම ගෙවපු ජීවිතේ ගැන ඔය පත්තර පිටුවකට සීමා කරන්න බැහැ. මම ගෙවපු ජීවිතේ ගැන, මම එතනට පත්වුණ හැටි මේ දේවල් මට අදටත් හීනයක් වගේ. මට තාම අවුරුදු දහ අට සම්පූර්ණ නැහැ. සම්පූර්ණ වුණ ගමන් කොහේ හරි පිටරටකට ගිහින් ජීවත් වෙන්න ආසයි. මට මේ සමාජය ගැන තියෙන්නේ ලොකු කලකිරීමක්.
මේ කථාව කියවන මිනිස්සුන්ට හිතේවි හිතන්නවත් අමාරු, විශ්වාස කරන්නවත් බැරි මේ වගේ දේවල් මේ සමාජයේ සිද්ධ වෙනවද කියලා. හැබැයි මේ සිදුවීම අපි අහපු අපි දැකපු පළමු වතාවටත්, අවසාන වතාවටත් නෙමෙයි. කොටින්ම කියනවා නම් මේ මහ පොළොව උඩ සිදුවෙච්චි එකම කථාව මෙය නොවෙයි. මේ වගේ සිදුවීම් මේ කොළඹ ඇතුළේ දහස් ගණන් සිදු වෙනවා. ඒ නිසාම තමයි අපි කිව්වේ මේ සිදුවීම් කොළඹට සාමාන්‍යයි. ඒත් ගමේ ඉන්න ඔබ සිදාදියේ සෙල්ලම් දන්නේ නැහැ. මේ කියන්නේ ගෙදර ඉන්න කෙල්ලව එවන්න එපා කියලා නෙමෙයි. උන්ට ජීවිතේ ගෙනියන්න දෙන්න. සමාජයේ විසකුරු බව පහදලා දීලා. මේ ප්‍රශ්න විසඳගන්න බැරි දේවල් නෙමෙයි. ජීවිතේ කියන්නේ මෙතනින් ඉවර නැහැ. වෙන යම් ආකාරයකින් හෝ මේ තත්ත්වයට පත්වෙලා ඉන්න තවත් අය ඇති. මෙතනින් එහාට මොකද කරන්නේ….. කළ යුත්තේ මැරෙන එක නෙමෙයි. අචලා වගේ වැරදුණු තැනින්ම ජීවිතේ නැගිටින්න උත්සාහ කරන්න.
අචලා කියන්නේ ලස්සන හීන ගොඩක් මවපු කෙනෙක්. ඇය යෙහෙළියක් විදිහට අපිට දුරස් නැහැ. ඇය පිටස්තර නැහැ. ඇයව වෙනස් කළේ මේ සමාජය.
නම් ගම් මන:කල්පිතය.
විශේෂ ස්තූතිය- රූපා කරුණාසෝම මහත්මියට

m