පුතාගේ පොලු පහරින් පියා අවසන් ගමන් යයි

හපුතලේ පොලිස් වසෙමී දෙඹිතැන්න, මාඋස්සාගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල සහිතව හපුතලේ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට ලද තොරතුරක් මත හපුතලේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස ජිවිතක්ෂයට පත් වුයේ වයස අවුරුදු 62ක්වූ මරියයි ඉස්ටම් නැමැති මාඋස්සාගොල්ල, දඹේතැන්න ලිපිනයේ පදිංචිකරුවෙකි, මෘත ශරීරය හපුතලේ රෝහලේ මෘත ශරිරාගාරයේ තිබේ.

පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (13) සිදු කිරීමට නියමිතයි. මෙම මනුෂ්‍ය ඝාතනය පවුල් ආරවුලක් හේතුවෙන් සිදුව ඇති බවට පොලීසිය කළ විමර්ශනයේදී අනාවරණයවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මරණකරුගේ පුතා වන අතර වයස අවුරුදු 35ක් වන ඉහත ලිපිනයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (13) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

s

liveat8